Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (35) Surja: En Nisa
وَاِنْ خِفْتُمْ شِقَاقَ بَیْنِهِمَا فَابْعَثُوْا حَكَمًا مِّنْ اَهْلِهٖ وَحَكَمًا مِّنْ اَهْلِهَا ۚ— اِنْ یُّرِیْدَاۤ اِصْلَاحًا یُّوَفِّقِ اللّٰهُ بَیْنَهُمَا ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلِیْمًا خَبِیْرًا ۟
අහෝ අඹු සැමි යුවළගේ හිතමිතුරනි, භාරකරුවනි, ඔවුන් අතර පවතින විරුද්ධත්වය වෛරී හා ගැටලුකාරී තත්ත්වයක් දක්වා ඇදෙනු ඇතැයි නුඹලා බිය වන්නෙහු නම්, යහපත් අයුරින් ඔවුන් දෙදෙනා වෙන් කිරීම හෝ ඔවුන් දෙදෙනා අතර එකගතාවය ඇති කිරීම සඳහා තීන්දු කිරීමට ස්වාමි පුරුෂයාගේ පවුලේ ඥාතීන් අතුරින් යුක්ති ගරුක පිරිමියෙක් හා බිරියගේ පවුලේ ඥාතීන් අතුරින් යුක්ති ගරුක පිරිමියෙකු ඉදිරිපත් කර එවනු. ඔවුන් දෙදෙනා අතර එකඟතාව ඇති කිරීමය වඩාත් ප්රිය ජනක හා වඩාත් සුදුසු වනුයේ. තීරකයින් දෙදෙනාම එය අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඒ සඳහා ආදර්ශමත් මාර්ග පෙන්වා දී ඒ අනුව ඔවුහු කටයුතු කරති. අල්ලාහ් අඹු සැමියන් අතර ආශිර්වාද කරනු ඇත. ඔවුන් අතර පවතින විරුද්ධත්වය ඉවත් කරනු ඇත. තම ගැත්තන්ගෙන් කිසිවක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ ඔවුන් කවර කරුණක් සඟවාගෙන සිටියත් එහි සෑම සියුම් දෙයක් පිළිබඳවම ඔහු මැනවින් දන්නාය.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• ثبوت قِوَامة الرجال على النساء بسبب تفضيل الله لهم باختصاصهم بالولايات، وبسبب ما يجب عليهم من الحقوق، وأبرزها النفقة على الزوجة.
•කාන්තාවන්ගේ භාරකාරත්වය දැරීමට පුරුෂයින් සුදුස්සන් බවට අල්ලාහ් පත් කර තිබීම හා ඔවුන් වෙත ඉටු කළ යුතු වගකීම් මොවුන් හට අනිවාර්ය කර තිබීම හේතුවෙන් පුරුෂයින් විසින් කාන්තාවන් පාලනය කිරීමේ විෂයය තහවුරු කර ඇත. ඒ අතුරින් වඩාත් වැදගත්ම කරුණ වනුයේ තම බිරියන්හට පිරිනමන නඩත්තු වියදම්ය.

• التحذير من البغي وظلم المرأة في التأديب بتذكير العبد بقدرة الله عليه وعلوه سبحانه.
•කාන්තාවන් හැඩ ගැස්වීමේ දී අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ උසස් බව ගැත්තාට මෙනෙහි කිරීම තුළින් ඔවුනට අපරාධ කිරීම ඔවුන් මත සීමාව ඉක්මවා කටයුතු කිරීම වැනි දෑ පිළිබඳ අවවාදය.

• التحذير من ذميم الأخلاق، كالكبر والتفاخر والبخل وكتم العلم وعدم تبيينه للناس.
•අහංකාරකම උද්දච්චකම මසුරුකම දැනුම සැගවීම හා ජනයාට එය පැහැදිලි නොකිරීම වැනි පහත් ගුණාංග පිළිබඳ අවවාදය.

 
Përkthimi i kuptimeve Ajeti: (35) Surja: En Nisa
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll