Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (24) Surja: En Nisa
وَّالْمُحْصَنٰتُ مِنَ النِّسَآءِ اِلَّا مَا مَلَكَتْ اَیْمَانُكُمْ ۚ— كِتٰبَ اللّٰهِ عَلَیْكُمْ ۚ— وَاُحِلَّ لَكُمْ مَّا وَرَآءَ ذٰلِكُمْ اَنْ تَبْتَغُوْا بِاَمْوَالِكُمْ مُّحْصِنِیْنَ غَیْرَ مُسٰفِحِیْنَ ؕ— فَمَا اسْتَمْتَعْتُمْ بِهٖ مِنْهُنَّ فَاٰتُوْهُنَّ اُجُوْرَهُنَّ فَرِیْضَةً ؕ— وَلَا جُنَاحَ عَلَیْكُمْ فِیْمَا تَرٰضَیْتُمْ بِهٖ مِنْ بَعْدِ الْفَرِیْضَةِ ؕ— اِنَّ اللّٰهَ كَانَ عَلِیْمًا حَكِیْمًا ۟
අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්හි නිරත ව තමන් සතු කර ගත් යුද සිරකාරියන් හැර විවාහක සෙසු කාන්තාවන් විවාහ වීම තහනම්ය. ඔවුන් සමග ඇසුරු කිරීමට නුඹලාට අනුමැතිය ලැබෙන්නේ ඔසප් වාරයෙකින් පසු ඔවුන්ගේ ගර්භාෂ නිදොස් වූවායින් පසුවය. එය අල්ලාහ් නුඹලාට අනිවාර්ය කොට ඇත. ඒ හැර සෙසු කාන්තාවන් විෂයයෙහි ව්යභිචාරයෙන් තොර ව ඔවුන්ගේ පතිවත හා නුඹලාගේ පතිවත රැකෙන අනුමත අයුරින් නුඹලාගේ සම්පත් ඔවුනට පිරිනමා ඔවුන් විවාහ කර ගැනීම නුඹලාට අල්ලාහ් අනුමත කර ඇත. විවාහය තුළින් නුඹලා ඔවුන් සමග පහස විඳ ඇත්නම් නුඹලාට අල්ලාහ් අනිවාර්යය කළ මහර් නුඹලා ඔවුනට පිරිනමන්න. මහර් ප්රමාණය තීන්දු කළ පසු ව නුඹලා අතර එකඟතාවකින් යුතු ව එයට වඩා වැඩියෙන් හෝ යමක් අඩුවෙන් හෝ පිරිනැමීම නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් මැනවින් දන්නාය. ඔවුන්ගෙන් කිසිවකු ඔහුට සැඟවෙන්නේ නැත. සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි අල්ලාහ් මහත් ප්රඥාවන්තය.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• حُرمة نكاح المتزوجات: حرائر أو إماء حتى تنقضي عدتهن أيًّا كان سبب العدة.
•නිදහස් කාන්තාවක් හෝ වේවා වහල් කාන්තාවක් හෝ වේවා ඔවුන් කවර හේතුවක් මත ඉද්දාවෙහි පසු වුවද ඔවුන්ගේ එම ඉද්දා කාලය අවසන් වන තෙක් ඔවුන් විවාහ වීමේ තහනම.

• أن مهر المرأة يتعين بعد الدخول بها، وجواز أن تحط بعض مهرها إذا كان بطيب نفس منها.
•කාන්තාවක් සඳහා පිරිනැමෙන මහරය නියම වනුයේ ඇය සමග පහස විඳීමෙන් පසුවය. ඇය පිළිබඳ යම් සතුටක් ගෙන දුන් විටෙක ඇයට පිරිනමන මහරය සැලසුම් කිරීමේ අනුමැතිය.

• جواز نكاح الإماء المؤمنات عند عدم القدرة على نكاح الحرائر؛ إذا خاف على نفسه الوقوع في الزنى.
•නිදහස් කාන්තාවක් විවාහ කර ගැනීමේ හැකියාවක් නොමැති අවස්ථාවක තමන් කාමයේ වරදවා හැසිරෙන්නට ඉඩ ඇතැයි යමෙකු බිය වූයේ නම් එවිට දේව විශ්වාසී වහල් කාන්තාවන් විවාහ කර ගැනීමේ අනුමැතිය.

• من مقاصد الشريعة بيان الهدى والضلال، وإرشاد الناس إلى سنن الهدى التي تردُّهم إلى الله تعالى.
•ෂරීආවෙන් අපේක්ෂා කරනු ලබනුයේ යහමග හා නොමග පැහැදිලි කිරීම සහ අල්ලාහ් වෙත ජනයා යොමු කරන යහ මාර්ගයේ න්යායයන් වෙත මගපෙන්වීමය.

 
Përkthimi i kuptimeve Ajeti: (24) Surja: En Nisa
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll