Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (266) Surja: El Bekare
اَیَوَدُّ اَحَدُكُمْ اَنْ تَكُوْنَ لَهٗ جَنَّةٌ مِّنْ نَّخِیْلٍ وَّاَعْنَابٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ۙ— لَهٗ فِیْهَا مِنْ كُلِّ الثَّمَرٰتِ ۙ— وَاَصَابَهُ الْكِبَرُ وَلَهٗ ذُرِّیَّةٌ ضُعَفَآءُ ۖۚ— فَاَصَابَهَاۤ اِعْصَارٌ فِیْهِ نَارٌ فَاحْتَرَقَتْ ؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُوْنَ ۟۠
පුද්ගලයකුට රට ඉඳි හා මිදි වගාවෙන් යුත් වතුයායක් තිබේ. ඒ තුළ බීමට මිහිරි දිය පහරක් ගලා යයි. සෑම වර්ගයකම නැවුම් පලතුරු ද එහි ඔහුට ඇත. එහි අයිතිකරු කිසිවක් කර කියාගත නොහැකි ඉපැයිය නොහැකි වයස්ගත තත්ත්වයට පත් වෙයි. වැඩක් හරිහැටි සිදු කර ගැනීමට හැකියාවක් නැති තත්ත්වයක පසුවන දුර්වල දරු පරපුරක් ඔහුට වෙයි. ඒ සමගම ලැව් ගින්නක් එම වතු යායේ හට ගනී. එම වයස්ගත පුද්ගලයාද තම මහළුවිය හේතුවෙන් හා දුර්වල පරම්පරාවක් ඇති හේතුවෙන් ඒ ගැන දැඩි අවශ්යතාවකින් සිටියදී මුළු වතු යායම පිළිස්සී යයි. මෙසේ සිදු වීම නුඹලාගෙන් කිසිවකු හෝ ප්රිය කරන්නේද? මිනිසුනට පෙන්වීම පිණිස මූණිච්චාවට විදයම් කරන්නාගේ තත්ත්වයද මේ පුද්ගලයා හා සමානය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි අවශ්යතාවකින් සිටියදී කිසිදු යහපතක් නොමැතිවම ඔහු අල්ලාහ් වෙත පැමිණෙනු ඇත. අල්ලාහ් මෙම විස්තරය පැහැදිලි කළාක් මෙන්ම මෙලොවට හා මතු ලොවට ප්රයෝජනවත් වන දෑ ගැන ද පැහැදිලි කරන්නේය. එය නුඹලා වටහාගෙන ක්රියා කරනු පිණිසය.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• المؤمنون بالله تعالى حقًّا واثقون من وعد الله وثوابه، فهم ينفقون أموالهم ويبذلون بلا خوف ولا حزن ولا التفات إلى وساوس الشيطان كالتخويف بالفقر والحاجة.
•සැබෑ ලෙසින් අල්ලාහ් විශ්වාස කරන්නෝ අල්ලාහ්ගේ ප්රතිඥා හා ඔහුගේ කුසල් පිළිබඳ ව ස්ථාවර ව සිටිති. ඔවුහු ඔවුන්ගේ ධනය කිසිදු බියකින් හෝ දුකකින් තොර ව විය පැහැදම් කරති. ෂෙයිතාන් සිත් තුළ ඇති කරන දිළිඳුකම හා අව්යශතාව වැනි කුකුස් වෙත හැරී නොබලති.

• الإخلاص من أعظم ما يبارك الأعمال ويُنمِّيها.
•සිදු කරන කටයුතු වල වර්ධනය සහ අභිවෘද්ධිය පිහිටන්නට වඩාත් වැදගත් වනුයේ ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධියයි.

• أعظم الناس خسارة من يرائي بعمله الناس؛ لأنه ليس له من ثواب على عمله إلا مدحهم وثناؤهم.
•මිනිසුන් අතුරින් වඩාත් පාඩු ලබනුයේ තම ක්රියාවන් මිනිසුනට පෙන්වමින් මූණිච්ඡාවට කටයුතු කරන්නාය. හේතුව එවැන්නන් ප්රශංසාව හා ප්රාණමය පමණක් බලාපොරොත්තු වන බැවින් ඔවුන්ගේ ක්රියාවන් සඳහා කුසල් හිමි වන්නේ නැත.

 
Përkthimi i kuptimeve Ajeti: (266) Surja: El Bekare
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll