Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (246) Surja: El Bekare
اَلَمْ تَرَ اِلَی الْمَلَاِ مِنْ بَنِیْۤ اِسْرَآءِیْلَ مِنْ بَعْدِ مُوْسٰی ۘ— اِذْ قَالُوْا لِنَبِیٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِیْ سَبِیْلِ اللّٰهِ ؕ— قَالَ هَلْ عَسَیْتُمْ اِنْ كُتِبَ عَلَیْكُمُ الْقِتَالُ اَلَّا تُقَاتِلُوْا ؕ— قَالُوْا وَمَا لَنَاۤ اَلَّا نُقَاتِلَ فِیْ سَبِیْلِ اللّٰهِ وَقَدْ اُخْرِجْنَا مِنْ دِیَارِنَا وَاَبْنَآىِٕنَا ؕ— فَلَمَّا كُتِبَ عَلَیْهِمُ الْقِتَالُ تَوَلَّوْا اِلَّا قَلِیْلًا مِّنْهُمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالظّٰلِمِیْنَ ۟
අහෝ නබිවරය! මූසා (අලෛහිස් සලාම්) තුමාගෙන් පසු ජීවත් වූ ඉස්රාඊල් දරුවන් අතර සිටි ප්රභූවරුන්ගේ තොරතුරු ගැන ඔබේ දැනුමට ළඟා නොවූයේද? ඔවුන් තම නබිවරයා දෙස බලා: ‘අල්ලාහ්ගේ මාර්ගයේ ඔහු සමග එක් ව සටන් කරනු වස් අපහට රජෙකු පත් කරනු’ යැයි පවසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘යුද්ධය නුඹලා වෙත අල්ලාහ් අනිවාර්යය කරන්නේ නම් අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොකරන්නෙහුද?’ යැයි විමසා සිටියේය. ඔවුන් පිළිබඳ එතුමාට නැගුණු සිතුවිල්ලට විරෝධය පල කරමින් ඔවුන්: ‘එය අපට තීන්දු වී තිබියදී අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් අප වළක්වාලනුයේ කවර කරුණක්ද? අපගේ සතුරන් අප ජීවත් වූ දේශයෙන් අපව පිටුවහල් කර ඇත. අපගේ දරුවන් සිරභාරයට ගෙන ඇත. අපේ රටේ සෞභාග්යය වෙනුවෙන් හා අපේ සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් අපි සටන් කරන්නෙමු’ යැයි පවසා සිටියහ. යුද්ධ කිරීම අල්ලාහ් ඔවුන් වෙත අනිවාර්ය කළ කල්හි ඔවුන් අතර සිටි ස්වල්ප දෙනෙකු මිස සෙසු අය තමන් ලබා දුන් පොරොන්දුව ඉටු නොකොට එයට පිටුපෑහ. අල්ලාහ්ගේ නියෝගය පිටුපාන අපරාධකරුවන් හා ඔහුගේ ගිවිසුම් කඩ කරන්නන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• التنبيه إلى أهم صفات القائد التي تؤهله لقيادة الناس؛ وهي العلم بما يكون قائدًا فيه، والقوة عليه.
•යුද සෙන්පතියෙකු තම සේනාව මෙහෙයවීමේදී ඒ සඳහා ඔහු සතු ව තිබිය යුතු අති වැදගත් ගුණාංග අවධාරණය කරයි. එනම්, තමන් මෙහෙයවන දෑ පිළිබඳ දැනුම හා ඒ කෙරෙහි තිබිය යුතු බලයයි.

• إرشاد من يتولى قيادة الناس إلى ألا يغتر بأقوالهم حتى يبلوهم، ويختبر أفعالهم بعد أقوالهم.
•ජනයා පාලනය කරන්නන්හට මග පෙන්වීම, එනම්: ඔවුන් පරීක්ෂාවට පත් වන තරමට ඔවුන්ගේ ප්රකාශ තුළින් ඔහු මුළාවට පත් නොවිය යුතුය. එමෙන්ම ඔවුන්ගේ ප්රකාශ වලට පසු ඔවුන්ගේ ක්රියාවන් පරීක්ෂාවට භාජනය කෙරෙනු ඇත.

• أن الاعتبارات التي قد تشتهر بين الناس في وزن الآخرين والحكم عليهم قد لا تكون هي الموازين الصحيحة عند الله تعالى، بل هو سبحانه يصطفي من يشاء من خلقه بحكمته وعلمه.
•ජනයා සෙස්සන් පිළිබඳ ප්රමාණයෙන් හා දැනුමෙන් තක්සේරු කිරීමේදී ඔවුන් අතර ප්රචලිත ව ඇති ක්රමවේද හා ප්රකාශ නිසිලෙස එම තක්සේරුව මත ම පිහිටන්නේ නැත. නිවැරදි දෑ ඇත්තේ අල්ලාහ් අබියසය. එහෙයින් ඔහුගේ මැවීම් අතුරින් ඔහු කැමති කෙනෙකු ඔහුගේ ප්රඥාවෙන් හා දැනුමෙන් තෝරා ගනු ඇත.

 
Përkthimi i kuptimeve Ajeti: (246) Surja: El Bekare
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll