Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (203) Surja: El Bekare
وَاذْكُرُوا اللّٰهَ فِیْۤ اَیَّامٍ مَّعْدُوْدٰتٍ ؕ— فَمَنْ تَعَجَّلَ فِیْ یَوْمَیْنِ فَلَاۤ اِثْمَ عَلَیْهِ ۚ— وَمَنْ تَاَخَّرَ فَلَاۤ اِثْمَ عَلَیْهِ ۙ— لِمَنِ اتَّقٰی ؕ— وَاتَّقُوا اللّٰهَ وَاعْلَمُوْۤا اَنَّكُمْ اِلَیْهِ تُحْشَرُوْنَ ۟
අල්ලාහ් අති ශ්රේෂ්ඨය යන තේරුම ගෙන දෙන ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් තක්බීර් හා නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත යන තේරුම ගෙන දෙන ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යනුවෙන් දින කිහිපයක් තහ්ලීල් පවසමින් අල්ලාහ් මෙනෙහි කරනු. ඒවානම් හජ් මාසයේ එකොළහ දොළහ හා දහතුන් වන දින වෙති. නමුත් කිසිවකු දොළොස්වන දින ගල් ගැසීමෙන් පසු කලින්ම පිටත් ව යන්නේ නම් ඒ සඳහා ඔහුට අවසරය ඇත. එහි පාපයක් නැත. එය අල්ලාහ් ඔහුට පිරිනමා ඇති සහනයක් වන බැවිනි. ගල් ගසා අවසන් කරන තෙක් ඔහු දහතුන් වන දින දක්වාම ප්රමාද වී, පසුව ඉන් පිට වී යන්නේ නම් ඒ සඳහා ද ඔහුට අවසරය ඇත. එහි ද වරදක් නැත. එහිදී ඔහු එය පූර්ණ ව සිදු කර ඇත. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා කළ ක්රියාව අනුගමනය කර ඇත. මේ සියල්ල හජ් වන්දනාව තුළ අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නන්හට පිරිනමා ඇති ආශිර්වාද වෙති. අල්ලාහ් කවර කරුණක් අණ කර සිටියේ ද ඒ අනුව ඔහු කටයුතු කළ යුතු ව ඇත. අල්ලාහ්ගේ නියෝග පිළිපදමින් ඔහු වැළැක් වූ දැයින් වැළකී නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරනු. නියත වශයෙන්ම නුඹලා ඔහු වෙතට පමණක් හැරෙන බවත් යොමු වන බවත් තරයේ විශ්වාස කරනු. නුඹලා සිදු කරන ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• التقوى حقيقة لا تكون بكثرة الأعمال فقط، وإنما بمتابعة هدي الشريعة والالتزام بها.
•තක්වා හෙවත් දේව හැඟීමෙන් යුත් බැතිමත්කම යථාර්ථයකි. අධික ලෙස නැමදුම් කිරීමෙන් පමණක් එය ඇති වන්නේ නැත. එය ෂරීආ මගපෙන්වීම් අනුගමනය කිරීමෙන් හා ඒවා පිළිපැදීමෙන් ඇති විය යුත්තකි.

• الحكم على الناس لا يكون بمجرد أشكالهم وأقوالهم، بل بحقيقة أفعالهم الدالة على ما أخفته صدورهم.
•මිනිසුන්ගේ ස්වරූපය හා ප්රකාශය පමණක් පදනම් කර ගනිමින් ඔවුන් අතර තීන්දුව පිහිටන්නේ නැත. නමුත් එම යථාර්ථය පවතිනුයේ ඔවුන්ගේ ක්රියාවන් තුළිනි. එය ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ පෙන්වා දෙන්නකි.

• الإفساد في الأرض بكل صوره من صفات المتكبرين التي تلازمهم، والله تعالى لا يحب الفساد وأهله.
•මහපොළොවේ කලහකම් ඇති කිරීමේ සියලුම ආකාරයේ ගුණාංග හිතුවක්කරයින් සතු ගුණාංග වෙයි. අල්ලාහ් කලහකම හා එය සිදු කරන්නන් ප්රිය කරන්නේ නැත.

• لا يكون المرء مسلمًا حقيقة لله تعالى حتى يُسَلِّم لهذا الدين كله، ويقبله ظاهرًا وباطنًا.
•පුද්ගලයකු පූර්ණ වශයෙන් මෙම දහමට යටහත් වන තෙක් යථාර්ථවාදී ලෙස ඔහු අල්ලාහ්ට අවනත වූ මුස්ලිම්වරයකු වන්නේ නැත. ඔහු බාහිර ක්රියාකාරමක් මෙනේම අභ්යන්තර දෑ ද පිළිගත යුතුයි.

 
Përkthimi i kuptimeve Ajeti: (203) Surja: El Bekare
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll