Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Surja: El Bekare   Ajeti:
وَالَّذِیْنَ یُتَوَفَّوْنَ مِنْكُمْ وَیَذَرُوْنَ اَزْوَاجًا یَّتَرَبَّصْنَ بِاَنْفُسِهِنَّ اَرْبَعَةَ اَشْهُرٍ وَّعَشْرًا ۚ— فَاِذَا بَلَغْنَ اَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَیْكُمْ فِیْمَا فَعَلْنَ فِیْۤ اَنْفُسِهِنَّ بِالْمَعْرُوْفِ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ خَبِیْرٌ ۟
බිරියන් ගර්භනීභාවයෙන් තොර ව ඔවුන් හැර දමා මියයැදුණු අය සම්බන්ධයෙන් වනාහි, එම බිරියන් මාස හතරක් හා දින දහයක් පොරොත්තුවෙන් සිටිය යුතුය. එම කාලය තුළ සැමියාගේ නිවසින් බැහැර වීමෙන් තමන් හැඩ අලංකාර කර ගැනීමෙන් හා තවත් විවාහයක් සිදු කර ගැනීමෙන් ඔවුන් වැළකී සිටිය යුතුය. ඔවුන් එම කාලය අවසන් කළ විට (අහෝ! භාරකරුවනි, එම කාලය තුළ ඔවුනට තහනම් කර තිබූ දෑ ඔවුන් විසින් සිදු කිරීම සම්බන්ධයෙන් නුඹලා කෙරෙහි දොසක් නැත. එය ෂරීආවට අනුකූල ව හා ලෞකික න්යායට අනුව සිදු විය යුත්තකි. නුඹලා සිදු කරන දෑහි සියලු තොරතුරු අල්ලාහ් මැනවින් දන්නාය. නුඹලා ප්රසිද්ධියේ යමක් කළ ද නුඹලා අභ්යන්තරය තුළ එය සඟවා තැබුව ද ඒ සියලු දෑ ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ වෙනුවෙන් ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
Tefsiret në gjuhën arabe:
وَلَا جُنَاحَ عَلَیْكُمْ فِیْمَا عَرَّضْتُمْ بِهٖ مِنْ خِطْبَةِ النِّسَآءِ اَوْ اَكْنَنْتُمْ فِیْۤ اَنْفُسِكُمْ ؕ— عَلِمَ اللّٰهُ اَنَّكُمْ سَتَذْكُرُوْنَهُنَّ وَلٰكِنْ لَّا تُوَاعِدُوْهُنَّ سِرًّا اِلَّاۤ اَنْ تَقُوْلُوْا قَوْلًا مَّعْرُوْفًا ؕ۬— وَلَا تَعْزِمُوْا عُقْدَةَ النِّكَاحِ حَتّٰی یَبْلُغَ الْكِتٰبُ اَجَلَهٗ ؕ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِیْۤ اَنْفُسِكُمْ فَاحْذَرُوْهُ ۚ— وَاعْلَمُوْۤا اَنَّ اللّٰهَ غَفُوْرٌ حَلِیْمٌ ۟۠
සැමියා මිය ගොස් ඉද්දා තත්ත්වයේ පසුවන කාන්තාව වෙත හෝ දික්කසාද කරනු ලැබූ කාන්තාව වෙත විවාහ වීමේ කැමැත්ත ඍජු ලෙස ප්රකාශ කිරීමෙන් තොරව ‘ඔබේ ඉද්දා කාලය අවසන් කළ විට මට දන්වන්න’ යනාදී ලෙස වක්රාකාර ව ඉදිරිපත් කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. ඉද්දාවෙහි පසුවන කාන්තාවක් කෙරෙහි ඇයගේ ඉද්දා කාලය අවසන් වූ විට ඇය ව විවාහ කර ගැනීම පිළිබඳ ආශාවක් නුඹලාගේ සිත් තුළ සඟවා තැබීම නුඹලාට පවක් නැත. සැබැවින්ම නුඹලා ඔවුන් කෙරෙහි දැඩි ලෙස ප්රිය කරන බැවින් නුඹලා ඔවුන් මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේය. එහෙයින් තම කැමැත්ත ඍජු ව නොපවසා වක්රාකාරයෙන් ඒ ගැන දන්වා සිටීමට අනුමැතිය ඇත. ඇය ඉද්දා කාලයේ සිටින විට විවාහ කර ගැනීම සම්බන්ධයෙන් රහසිගත ව ඇයට ප්රතිඥා දීමෙන් වැළකී සිටිය යුතුයි. නමුත් එය යහපත් ප්රකාශයකින් ඉදිරිපත් කළ හැකිය. ඉද්දා කාලය තුළ විවාහ ගිවිසුම සිදු නොකළ යුතුය. නුඹලාට අනුමත කර ඇති දැයින් හෝ නුඹලාට තහනම් කර ඇති දැයින් කවර කරුණක් නුඹලාගේ සිත් තුළ සඟවාගෙන සිටියද සැබැවින්ම අල්ලාහ් එය දන්නේය. නුඹලා ඔහුගේ නියෝගයට එරෙහිව කටයුතු නොකරනු. සැබැවින්ම අල්ලාහ් තමන් වෙත පසුතැවිලි වී පාප සමාව අයැදින තම ගැත්තන්හට පාපක්ෂමාව පිරිනමන්නාය. දඬුවම ඉක්මන් නොකරන ඉවසිලිවන්තයාය.
Tefsiret në gjuhën arabe:
لَا جُنَاحَ عَلَیْكُمْ اِنْ طَلَّقْتُمُ النِّسَآءَ مَا لَمْ تَمَسُّوْهُنَّ اَوْ تَفْرِضُوْا لَهُنَّ فَرِیْضَةً ۖۚ— وَّمَتِّعُوْهُنَّ ۚ— عَلَی الْمُوْسِعِ قَدَرُهٗ وَعَلَی الْمُقْتِرِ قَدَرُهٗ ۚ— مَتَاعًا بِالْمَعْرُوْفِ ۚ— حَقًّا عَلَی الْمُحْسِنِیْنَ ۟
නුඹලා ගිවිස ගත් නුඹලාගේ බිරියන් සමග නුඹලා ලිංගික ව හැසිරීමට පෙර ඔවුනට දිය යුතු නිශ්චිත මහර් (විවාහ ත්යාගය) අනිවාර්යය වීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළේ නම් නුඹලාට පවක් නැත. මෙම තත්වයේ නුඹලා ඔවුන් දික්කසාද කළ විට ඔවුන් සඳහා දෙනු ලබන මහර් නුඹලා වෙත අනිවාර්ය නොවන්නේය. නුඹලාට අනිවාර්යය වනුයේ, ඔවුන් භුක්ති විදිනු පිණිස යමක් පිරිනැමීමය. එමෙන්ම පොහොසතා තම හැකියාව පරිදි අධික මුදල් ප්රමාණයක් ද දුප්පතා තම හැකියාව පරිදි සුළු මුදලක් ද යනාකාරයෙන් පිරිනමා කැඩුණු සිත් පුරවා දැමිය යුතුය. මෙම දීමනාව තම ක්රියාවන්හි හා තම ගනුදෙනු වලදී දැහැමි අයුරින් කටයුතු කරන්නන්හට පැවරුණු ස්ථාවර යුතුකමකි.
Tefsiret në gjuhën arabe:
وَاِنْ طَلَّقْتُمُوْهُنَّ مِنْ قَبْلِ اَنْ تَمَسُّوْهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِیْضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ اِلَّاۤ اَنْ یَّعْفُوْنَ اَوْ یَعْفُوَا الَّذِیْ بِیَدِهٖ عُقْدَةُ النِّكَاحِ ؕ— وَاَنْ تَعْفُوْۤا اَقْرَبُ لِلتَّقْوٰی ؕ— وَلَا تَنْسَوُا الْفَضْلَ بَیْنَكُمْ ؕ— اِنَّ اللّٰهَ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
නුඹලා ඔවුනට නිශ්චිත මහර් ප්රමාණය නියම කර තිබියදී ඔවුන් සමග නුඹලා ලිංගික ව හැසිරීමට පෙර නුඹලා ඔවුන් දික්කසාද කළේ නම් ඔවුන් වෙත නියම කළ මහර් නම් විවාහ ත්යාගයෙන් අඩක් භාරදීම නුඹලා කෙරෙහි පැවරෙනු ඇත. නමුත් එහිදී, - යහමග ලැබූ කාන්තාවන් නම් - ඒවා නොලබාම අතහැර දැමීමත් සම්පූර්ණ මහර් ප්රමාණය සැමියන් විසින් ඔවුන් වෙනුවෙන් අතහැර දැමීමත් අතිශයෝක්තියකි. නුඹලා අතර තිබෙන යුතුකම් වල එකිනෙකාට ඉඩහරිමින් කටයුතු කිරීම් අල්ලාහ් වෙත දක්වන බැතිමත්කම හා අවනතභාවයට වඩාත් සමීප වූවකි. මෙය අත නොහරිනු. අහෝ ජනයිනි! නුඹලාගේ යුතුකම් වලදී එකිනෙකාට ඉඩහැර කටයුතු කරනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. ඒ සඳහා අල්ලාහ්ගෙන් කුසල් ලබන්නට යහපත් දේ හුවමාරු කිරීමට වෙහෙස දරනු.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• مشروعية العِدة على من توفي عنها زوجها بأن تمتنع عن الزينة والزواج مدة أربعة أشهر وعشرة أيام.
•මිය යෑමෙන් සැමියා අහිමි වූ කාන්තාව හැඩ අලංකාර කර ගැනීමෙන් හා විවාහයක් සිදු කර ගැනීමෙන් වැළකී ඉද්දා හෙවත් මාස හතරක් හා දින දහයක පොරොත්තු කාලයක් රැඳී සිටීම ආගමානුගත කොට ඇත.

• معرفة المؤمن باطلاع الله عليه تَحْمِلُه على الحذر منه تعالى والوقوف عند حدوده.
•තමන් දෙස අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටින බව දේව විශ්වාසවන්තයා දැන සිටී. ඔහු(අල්ලාහ්)ගෙන් ප්රවේසම් ව සිටීමටත් ඔහුගේ සීමාවන් තුළ නතර වීමටත් උපකාර වනු ඇත.

• الحث على المعاملة بالمعروف بين الأزواج والأقارب، وأن يكون العفو والمسامحة أساس تعاملهم فيما بينهم.
•බිරියන් හා ඥාතීන් අතර යහපත් අයුරින් කටයුතු කිරීමට දිරි ගැන්වීම. ඔවුන් අතර කටයුතු කිරීමේදී මූලික වශයෙන් සමාව හා එකිනෙකාට ඉඩ දී කටයුතු කිරීම වැනි දෑ පිළිපදින මෙන් උනන්දු කරවීම.

 
Përkthimi i kuptimeve Surja: El Bekare
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll