Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Surja: Er Rad   Ajeti:

අර් රඃද්

Qëllimet e sures:
الرد على منكري الوحي والنبوة ببيان مظاهر عظمة الله.
දේව පණිවිඩ හා දූත මෙහෙය හෙළා දකින්නන් හට අල්ලාහ්ගේ බලයේ විද්යාමානය පැහැදිලි කරමින් ප්රතිචාර දැක්වීම.

الٓمّٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ ؕ— وَالَّذِیْۤ اُنْزِلَ اِلَیْكَ مِنْ رَّبِّكَ الْحَقُّ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یُؤْمِنُوْنَ ۟
(අලිෆ්, ලාම්, මීම්, රා) යන මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. අහෝ දූතය! මෙම සූරාවෙහි හා නුඹ වෙත පහළ කළ සමස්ත අල් කුර්ආනයෙහි ඇති මෙම උසස් පාඨ වනාහි, ඒවායෙහි කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ දක්නට නැති සත්යය ප්රකාශ වෙති. නමුත් බහුතරයක් ජනයා මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරති.
Tefsiret në gjuhën arabe:
اَللّٰهُ الَّذِیْ رَفَعَ السَّمٰوٰتِ بِغَیْرِ عَمَدٍ تَرَوْنَهَا ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ؕ— كُلٌّ یَّجْرِیْ لِاَجَلٍ مُّسَمًّی ؕ— یُدَبِّرُ الْاَمْرَ یُفَصِّلُ الْاٰیٰتِ لَعَلَّكُمْ بِلِقَآءِ رَبِّكُمْ تُوْقِنُوْنَ ۟
කිසිදු බැඳීමකින් තොර ව නුඹලා දකින අහස් උසින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඉහළට නැග අර්ෂ් හි රාජසයන මත කිසිදු පූර්ව උපමාවකින් හෝ පූර්ව ක්රමවේදයකින් තොර ව ඔහුට ගැලපෙන අයුරින් උසින් පිහිටියේය. ඔහුගේ මැවීම්වල අවශ්යතාව සඳහා හිරු හා සඳු ඔහු ඔවුනට වසඟ කර දුන්නේය. අල්ලාහ්ගේ දැනුමෙන් හිරු හා සඳු යන සෑම වස්තුවක්ම නියමිත කාලයක් දක්ව ගමන් කරයි. අල්ලාහ් අභිමත කරන පරිදි අහස්හි හා මහපොළොවේ කටයුතු වෙනස් කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපතිගේ හමුව නුඹලා දැඩි සේ විශ්වාස කොට ඒ සඳහා දැහැමි ක්රියාවන් සිදු කරමින් නුඹලා සූදානම් වීමේ අපේක්ෂාවෙන් අල්ලාහ් ඔහුගේ ශක්තිය පෙන්වා දෙන සාධක හා සාක්ෂි මෙසේ පැහැදිලි කරයි.
Tefsiret në gjuhën arabe:
وَهُوَ الَّذِیْ مَدَّ الْاَرْضَ وَجَعَلَ فِیْهَا رَوَاسِیَ وَاَنْهٰرًا ؕ— وَمِنْ كُلِّ الثَّمَرٰتِ جَعَلَ فِیْهَا زَوْجَیْنِ اثْنَیْنِ یُغْشِی الَّیْلَ النَّهَارَ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟
මහපොළොව විහිඳුවා ජනයා එහි චලනය නොවනු වස් ඒවායෙහි කඳු ස්ථීර ලෙස ඔහු මැව්වේය. එමෙන්ම ජනයා ජලය සපයා ගනු පිණිසත් ඔවුන්ගේ සතුන් හා ඔවුන්ගේ ගොයමට ජලය සපයනු පිණිසත් එහි ජල දහරා ගලා යන ගංගාවන් ද ඔහු ඇති කළේය. සත්වයා අතර පවතින ස්ත්රී හා පුරුෂ භේදය මෙන්ම සෑම බවභෝගයකම යුගලයන් නිර්මාණය කර ඇත. රාත්රිය දහවල වෙළා ගනී. එය ආලෝකමත් ව පිහිටි පසු ව අන්ධකාරයක් බවට පත් වෙයි. සඳහන් කරන ලද ඒවායෙහි අල්ලාහ්ගේ නිර්මාණ ශක්තිය පිළිබඳ කල්පනා කර බලන්නන් හට සාක්ෂි හා සාධක ඇත. ඔවුන් මෙම සාක්ෂි හා සාධක තුළින් ප්රයෝජන ලබති.
Tefsiret në gjuhën arabe:
وَفِی الْاَرْضِ قِطَعٌ مُّتَجٰوِرٰتٌ وَّجَنّٰتٌ مِّنْ اَعْنَابٍ وَّزَرْعٌ وَّنَخِیْلٌ صِنْوَانٌ وَّغَیْرُ صِنْوَانٍ یُّسْقٰی بِمَآءٍ وَّاحِدٍ ۫— وَنُفَضِّلُ بَعْضَهَا عَلٰی بَعْضٍ فِی الْاُكُلِ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یَّعْقِلُوْنَ ۟
මහපොළොවේ එකිනෙකට සමීප ව පවතින බිම් කොටස් ද ඒවායෙහි මිදි වතු ද වගාවන් ද ඇත. එක් මුලක එකට හැදෙන ඉඳි ගස් ද වෙන් වෙන් මුල් වල හැදෙන ඉදි ගස් ද ඇත. එකම ජලයෙන් එම වතුවලට හා එම ගොවිබිම්වලට ජලය සපයනු ලැබේ. එකම ජලයෙන් ඒවාට ජලය සැපයීම හා ගලා යෑම තිබිය දී සුවයෙහි හා වෙනත් විවිධ ප්රයෝජනවලදී එකකට වඩා තවෙකක් අපි උසස් කළෙමු. වටහා ගන්නා ජනයා සඳහන් කරනු ලැබූ දෑ පිළිබඳ අධීක්ෂණයෙන් පසුවන බැවින් ඔවුනට ඒවායෙහි සාක්ෂි හා සාධක ඇත.
Tefsiret në gjuhën arabe:
وَاِنْ تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ ءَاِذَا كُنَّا تُرٰبًا ءَاِنَّا لَفِیْ خَلْقٍ جَدِیْدٍ ؕ۬— اُولٰٓىِٕكَ الَّذِیْنَ كَفَرُوْا بِرَبِّهِمْ ۚ— وَاُولٰٓىِٕكَ الْاَغْلٰلُ فِیْۤ اَعْنَاقِهِمْ ۚ— وَاُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
අහෝ දූතය, යමක් පිළිබඳ ඔබ මවිත වන්නෙහි නම්, ඔබ එසේ මවිත වීමට වඩාත් සුදුසු වන්නේ යළි අවදි කිරීම පිළිබඳ ඔවුන් කරන බොරුවයි. එය හෙළා දැකීමට සාධක වශයෙන් "අප මිය ගොස් පස් බවට පත් වී අපගේ අස්ථිද දිරාපත් වූ විට අපි නැවත අවදි කරනු ලබන්නෙමු ද? නැවතත් ජීවය ලබන්නෙමු ද?"යැයි විමසති. මිය ගිය පසු යළි අවදි කිරීම හෙළා දකින්නන් වන ඔවුහුමය ඔවුන්ගේ පරමාධිපතිව ප්රතික්ෂේප කළවුන් වන්නේ. එහෙයින් මිය ගිය පසු යළි අවදි කිරීමේ ඔහුගේ ශක්තිය ඔවුහු ප්රතික්ෂේප කරති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ගෙලවල්වල නිරා ගින්නෙන් යුත් දම්වැල් දමනු ලබන්නෝ ඔවුහුමය. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. දඬුවම ඔවුන්ගෙන් ඉවත් කරන්නේ ද නැත.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• إثبات قدرة الله سبحانه وتعالى والتعجب من خلقه للسماوات على غير أعمدة تحملها، وهذا مع عظيم خلقتها واتساعها.
•ශුද්ධවන්ත අල්ලාහ්ගේ බලය ස්ථීර කිරීම. අහස් අති විශාල හා පුළුල් මැවීම් වුව ද ඒවා උසුලන කිසිදු කුළුණකින් තොරව ඒවා මවා තිබීමේ ප්රාතිහාර්යය.

• إثبات قدرة الله وكمال ربوبيته ببرهان الخلق، إذ ينبت النبات الضخم، ويخرجه من البذرة الصغيرة، ثم يسقيه من ماء واحد، ومع هذا تختلف أحجام وألوان ثمراته وطعمها.
•අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ පාලන බලය මැවීම්වල සාධක තුළින් නිරූපණය කිරීම. ඝණ පැලෑටි වැවුණු ද කුඩා බීජ ඒවා මතු කළ ද එකම ජලයෙන් ඒවාට ජලය වහනය කළ ද එහි පලතුරුවල ප්රමාණය වර්ණය හා සුවය වෙනස් ව පවතී.

• أن إخراج الله تعالى للأشجار الضخمة من البذور الصغيرة، بعد أن كانت معدومة، فيه رد على المشركين في إنكارهم للبعث؛ فإن إعادة جمع أجزاء الرفات المتفرقة والمتحللة في الأرض، وبعثها من جديد، بعد أن كانت موجودة، هو بمنزلة أسهل من إخراج المعدوم من البذرة.
•කිසිවක් නැති තත්තවයකින් පසු කුඩා බීජය තුළින් මහා පරිමාණයේ වෘක්ෂලතා අල්ලාහ් මතු කිරීම යළි අවදි කරනු ලැබීම ප්රතික්ෂේප කරන දේව ආදේශකයින්ට ප්රතිචාරයකි. මහපොලොවෙහි දිරාපත් වූ වෙන් වෙන් වූ කොටස් නැවත ඒකරාශි කිරීම හා ඒවා තිබීමෙන් පසු නැවතත් අලුතින්ම බිහි කිරීම නැතිව තිබූ දෙයක් බීජයෙන් මතු කිරීමට වඩා පහසු ස්ථාවරයක් වෙයි.

وَیَسْتَعْجِلُوْنَكَ بِالسَّیِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلٰتُ ؕ— وَاِنَّ رَبَّكَ لَذُوْ مَغْفِرَةٍ لِّلنَّاسِ عَلٰی ظُلْمِهِمْ ۚ— وَاِنَّ رَبَّكَ لَشَدِیْدُ الْعِقَابِ ۟
දෙවියන්ට ආදේශ තබන්නන් දඬුවම ඉක්මණින් පතති. ඔවුනට අල්ලාහ් නියම කළ ආශිර්වාදයන් සම්පූර්ණ වීමට පෙර එම දඬුවම ඔවුනට පහළ වීම ප්රමාද වෙයි. ඔවුනට පෙර ඔවුන් මෙන් දඬුවමට ලක් වූ බොරුකාර සමූහයන් ඉකුත් ව ගොස් ඇත. එහෙයින් ඒ ගැන සිතා ඔවුන් පාඩම් ලැබිය යුතු නොවේ ද? අහෝ දූතය! සැබැවින්ම ඔබේ පරමාධිපති ජනයා අපරාධ කරමින් සිටිය ද ඔවුන්ගේ වැරදි නොසලකා හරින ස්වභාවයෙන් යුක්තය. ඔවුන් අල්ලාහ් වෙත සමාව ඉල්ලා යොමු වීම සඳහා ඔවුනට ඔහු දඬුවම ඉක්මන් කරන්නේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපයේ දිගටම පසුවන්නන් පාප ක්ෂමාව ඉල්ලා ඔහු වෙත යොමු නොවූයේ නම් සැබැවින්ම ඔහු දඬුවම් කිරීමේ ඉතා බලවත්ය.
Tefsiret në gjuhën arabe:
وَیَقُوْلُ الَّذِیْنَ كَفَرُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیَةٌ مِّنْ رَّبِّهٖ ؕ— اِنَّمَاۤ اَنْتَ مُنْذِرٌ وَّلِكُلِّ قَوْمٍ هَادٍ ۟۠
අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් මුරණ්ඩකම හා උඬගුකමෙහි ඉක්මවා යමින්, "මූසා හා ඊසාට පහළ වූවාක් මෙන් ප්රාතිහාර්යයක් මුහම්මද්ට ඔහුගේ පරමාධිපතිගෙන් පහළ වන්නට තිබුණා නොවේද?" යි කියති. අහෝ දූතය! සැබැවින්ම ඔබ හුදෙක් අල්ලාහ්ගේ දඬුවම ගැන මිනිසුන් බිය ගන්වා අවවාද කරන්නෙක් පමණි. අල්ලාහ් ඔබට පිරිනැමූ එය මිස වෙනත් ප්රාතිහාර්යයන් ඔබ සතු ව නැත. සෑම සමූහයකටම ඔවුන්ට සත්ය මාර්ගය වෙත මඟ පෙන්වන හා එය නිරූපණය කරන වක්තෘවරයෙකු විය.
Tefsiret në gjuhën arabe:
اَللّٰهُ یَعْلَمُ مَا تَحْمِلُ كُلُّ اُ وَمَا تَغِیْضُ الْاَرْحَامُ وَمَا تَزْدَادُ ؕ— وَكُلُّ شَیْءٍ عِنْدَهٗ بِمِقْدَارٍ ۟
සෑම කාන්තාවක්ම ඇයගේ කුසෙහි රඳවා ගෙන සිටින දෑ අල්ලාහ් දනී. ඒ ගැන සෑම දෙයක්ම ඔහු දනී. කුස තුළ හීන වන දෑ වර්ධනය වන දෑ ආරෝග්යමත් දෑ විකෘති වන දෑ යනා දී ලෙස ඇතිවන සියලු වෙනස්කම් ඔහු දනී. සෑම දෙයක්ම අල්ලාහ් අබියස අඩු වැඩි නොවන පරිදි නියම කරනු ලැබූ ප්රමාණයකින් පවතී.
Tefsiret në gjuhën arabe:
عٰلِمُ الْغَیْبِ وَالشَّهَادَةِ الْكَبِیْرُ الْمُتَعَالِ ۟
සැබැවින්ම ශුද්ධවන්ත අල්ලාහ් ඔහුගේ මැවීම් හි සංවේදිතාවන්ට ලක් නොවන ගුප්ත ව පවතින සියලු දෑ පිළිබඳ දන්නාය. එමෙන්ම ඒවායෙහි සංවේදිතාවන්ට ලක්වන සියලු දෑ ද ඔහු දන්නාය. ඔහුගේ ගුණාංග, ඔහුගේ නාම හා ඔහුගේ ක්රියාවන් තුළ සර්වබලධාරීය. ඔහුගේ ගුණාංගයෙන් හා ඔහුගේ ස්වභාවයෙන් ඔහුගේ සෙසු මැවීම්වලට වඩා ඔහු උත්තරීතරය.
Tefsiret në gjuhën arabe:
سَوَآءٌ مِّنْكُمْ مَّنْ اَسَرَّ الْقَوْلَ وَمَنْ جَهَرَ بِهٖ وَمَنْ هُوَ مُسْتَخْفٍ بِالَّیْلِ وَسَارِبٌ بِالنَّهَارِ ۟
ඔහු රහසිගත දෑ හා සැඟ වී පවතින දෑ දනී. අහෝ ජනියිනි! නුඹලා අතර වචන සගවන්නා ද හා එය හෙළි කරන්නා ද ඔහුගේ දැනුමෙහි සමානය. එමෙන්ම මිනිසුන්ගේ ඇස්වලට නොපෙනී රාත්රී අන්ධකාරයෙහි සැඟවී කටයුතු කරන්නා ද මහ දහවලෙහි ප්රසිද්ධියෙහි කටයුතු කරන්නා ද ඔහුගේ දැනුමෙහි එක සමානය.
Tefsiret në gjuhën arabe:
لَهٗ مُعَقِّبٰتٌ مِّنْ بَیْنِ یَدَیْهِ وَمِنْ خَلْفِهٖ یَحْفَظُوْنَهٗ مِنْ اَمْرِ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ لَا یُغَیِّرُ مَا بِقَوْمٍ حَتّٰی یُغَیِّرُوْا مَا بِاَنْفُسِهِمْ ؕ— وَاِذَاۤ اَرَادَ اللّٰهُ بِقَوْمٍ سُوْٓءًا فَلَا مَرَدَّ لَهٗ ۚ— وَمَا لَهُمْ مِّنْ دُوْنِهٖ مِنْ وَّالٍ ۟
මිනිසුන් වෙත පිරිසකගෙන් පසු තවත් පිරිසක් වශයෙන් පැමිණෙන මලක්වරුන් උත්තරීතර අල්ලාහ් සතු ව ඇත. ඔවුන්ගෙන් ඇතැමුන් රාත්රි කාලයේ පැමිණෙති. ඇතැමුන් දහවල් කාලයේ පැමිණෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව ඔහු කවර කරුණක් මිනිසාගෙන් වැළැක්විය යුතු දැයි නියම කරන ලද්දේ ද එවන් සියලු නියමයන්ගෙන් ඔවුහු ඔහු ආරක්ෂා කරති. ඔවුහු ඔහුගේ ක්රියාවන් හා ප්රකාශයන් සටහන් කරති. සැබැවින්ම අල්ලාහ් පිරිසක් කෘතවේදී තත්ත්වයෙන් ඔවුන් වෙනස් වන තෙක් යහපත් තත්ත්වයකින් ඔවුනට සතුටු නොවන වෙනත් තත්ත්වයකට වෙනස් කරන්නේ නැත. ශුද්ධවන්ත අල්ලාහ් යම් පිරිසකට විනාශය අභිමත කළේ නම් ඔහුගේ අභිමතයට විරුද්ධ වන කිසිවෙකු නැත. අහෝ ජනයිනි! අල්ලාහ්ගෙන් තොර ව නුඹලාගේ කටයුතු භාර ගන්නා වෙනත් භාරකරුවකු නැත. එහෙයින් නුඹලාට අත්වන දුෂ්කරතා වළක්වා ගැනීම සඳහා නුඹලා ඔහු වෙතම යොමු වනු.
Tefsiret në gjuhën arabe:
هُوَ الَّذِیْ یُرِیْكُمُ الْبَرْقَ خَوْفًا وَّطَمَعًا وَّیُنْشِئُ السَّحَابَ الثِّقَالَ ۟ۚ
අහෝ ජනයිනි! අකුණු එළිය නුඹලාට දිස්වන්නට සළස්වනුයේ ඔහුය. අකුණු හඬින් බිය ද, වර්ෂාව තුළ ආශාව ද ඔහු එමගින් නුඹලාට එකට ලබා දෙයි. අධික ලෙස වර්ෂාව ඇති කරන ජලයෙන් ඝණ වළාකුළු බිහි කරනුයේ ඔහුය.
Tefsiret në gjuhën arabe:
وَیُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهٖ وَالْمَلٰٓىِٕكَةُ مِنْ خِیْفَتِهٖ ۚ— وَیُرْسِلُ الصَّوَاعِقَ فَیُصِیْبُ بِهَا مَنْ یَّشَآءُ وَهُمْ یُجَادِلُوْنَ فِی اللّٰهِ ۚ— وَهُوَ شَدِیْدُ الْمِحَالِ ۟ؕ
අකුණු හඬ තම පරමාධිපතිට ඔහුගේ ප්රශංසා හා බැඳුණු පිවිතුරු කිරීමකින් විභූතිමත් කරයි. මලාඉකාවරුන් තම පරමාධිපතිට බියෙන් කීර්තියෙන් හා ඔහු ට ගෞවරය පුදමින් විභූතිමත් කරයි. ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන අය වෙත ගිණිබත් කර දමන අකුණු සැර පහළ කර ඔහුව විනාශ කර දමනු ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ අල්ලාහ්ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් තත්ත්වය වෙනස් කිරීමේ හා එය බලවත් කිරීමේ ඉතා දැඩිය. එහෙයින් ඔහු සිදු කරන දෙයක් මිස අපේක්ෂා කරන්නේ නැත.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• عظيم مغفرة الله وحلمه عن خطايا بني آدم، فهم يستكبرون ويَتَحَدَّوْنَ رسله وأنبياءه، ومع هذا يرزقهم ويعافيهم ويحلم عنهم.
•ආදම්ගේ දරුවෝ ඔවුන්ගේ දූතවරුන් හා නබිවරුන්හට අභියෝග කරමින් හා අහංකාරයෙන් සිටිය ද ඔවුන්ගේ වැරදි සම්බන්ධයෙන් අල්ලාහ්ගේ රිස්සීම හා සමාවේ බලවත්කම.

• سعة علم الله تعالى بما في ظلمة الرحم، فهو يعلم أمر النطفة الواقعة في الرحم، وصَيْرُورتها إلى تخليق ذكر أو أنثى، وصحته واعتلاله، ورزقه وأجله، وشقي أو سعيد، فعلمه بها عام شامل.
•අඳුරු ගර්භාෂය තුළ ඇති දෑ පිළිබඳ අල්ලාහ්ගේ දැනුමේ විශාලත්වය. ගර්භාෂය තුළ වැටෙන ශුක්රාණුවේ ක්රියාකාකාරිත්වය ඔහු දනී. පිරිමියෙකු හෝ ස්ත්රියකගේ ස්වරූපයෙන් හැඩ ගැසීම, එහි ආරොග්යමත්භාවය හා ව්යාකූලභාවය එහි පෝෂණය හා ආයු කාලය, ඔහු දැහැමියෙකු ද එසේ නැතිනම් අභග්යවන්තයෙකු ද යන වග වැනි සියලු ක්රියාකාරිත්වයන් පොදුවේ ඔහු පූර්ණ ලෙස දනී.

• عظيم عناية الله ببني آدم، وإثبات وجود الملائكة التي تحرسه وتصونه وغيرهم مثل الحَفَظَة.
•ආදම්ගේ දරුවන් කෙරෙහි වූ අල්ලාහ්ගේ දැඩි සැලකිල්ල. ඔවුන් ආරක්ෂා කරන, ඔවුනට රැකවරණය ලබා දෙන මලක්වරුන් ඇතැයිද ආරක්ෂා කරන්නන් මෙන්ම ඒ හැර වෙනත් කටයතු වල නිරත වන මලක්වරුන් ඇතැයි ද ස්ථීර කිරීම.

• أن الله تعالى يغير حال العبد إلى الأفضل متى ما رأى منه اتباعًا لأسباب الهداية، فهداية التوفيق منوطة باتباع هداية البيان.
•ගැත්තෙකුගෙන් ඔහු යහමග ලැබීමේ හේතු සාධක පිළිපඳිනු අල්ලාහ් දකින විට, උත්තරීතර අල්ලාහ් ඔහුගේ තත්ත්වයන් වෙනස් කරයි. යහමගෙහි ආශිර්වාදය පැහැදිලි යහමග පිළිපැදීමෙන් පිහිටන බව විස්තර කර ඇත.

لَهٗ دَعْوَةُ الْحَقِّ ؕ— وَالَّذِیْنَ یَدْعُوْنَ مِنْ دُوْنِهٖ لَا یَسْتَجِیْبُوْنَ لَهُمْ بِشَیْءٍ اِلَّا كَبَاسِطِ كَفَّیْهِ اِلَی الْمَآءِ لِیَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهٖ ؕ— وَمَا دُعَآءُ الْكٰفِرِیْنَ اِلَّا فِیْ ضَلٰلٍ ۟
ඒකීයත්වයේ ඇරයුම අල්ලාහ්ට පමණක් සතුය. ඔහු සමග එහි වෙනත් කිසිවෙකු හවුල් වන්නේ නැත. ඔහු හැර දේව ආදේශකයෝ ඇරයුම් කරන සෙසු පිළිම කිසියම් ගැටලුවකදී ඒවායින් ප්රාර්ථනා කර සිටිය ද එම ප්රාර්ථනාවට ඒවා පිළිතුරු දෙන්නේ නැත. ඔවුන්ගේ ප්රාර්ථනාව පිපාසයෙන් පෙළෙන්නෙකු තම අත ජලයට දිගු කර එමගින් ජලය පානය කරන්නෙකුට සමානය. එම ජලය ඔහුගේ කටට ළඟා වන්නේ නැත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ඔවුන්ගේ පිළිමවලට කරන පැතුමන් ද නිවැරදි ක්රමයෙන් දුරස් වූ නාස්ති වී ගිය පැතුමන් වේ. ඊට හේතුව කිසියම් ප්රයෝජනයක් ගෙන දෙන්නට හෝ කිසියම් හානියකින් වැළැක්වීමට හෝ ඒවාට නොහැකි බැවිණි.
Tefsiret në gjuhën arabe:
وَلِلّٰهِ یَسْجُدُ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ طَوْعًا وَّكَرْهًا وَّظِلٰلُهُمْ بِالْغُدُوِّ وَالْاٰصَالِ ۟
අහස්හි හා මහපොළොවේ සිටින සියලු දෙනා අල්ලාහ්ට පමණක් සිරස නමා යටහත් වෙයි. එහිදී දේව විශ්වාස කරන්නා හා දේව ප්රතික්ෂේපකයා එක සමානය. නමුත් දේව විශ්වාසියා ඔහුට අවනත වන අතර ම කැමැත්තෙන්ම ඔහුට සිරස නමයි. නමුත් දේව ප්රතික්ෂේපකයා වනාහි ඔහුට යටත් වනුයේ අකමැත්තෙනි. නමුත් ඔහුගේ ස්වභාවය සහජයෙන් ඔහුට අවනත වීම වෙත නැඹුරු වෙයි. දහවල් ආරම්භයේ පටන් එහි අවසානය දක්වාම පවතින සියලු මැවීම්හි හෙවණැලි පවා ඔහුට යටහත් වෙති.
Tefsiret në gjuhën arabe:
قُلْ مَنْ رَّبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— قُلِ اللّٰهُ ؕ— قُلْ اَفَاتَّخَذْتُمْ مِّنْ دُوْنِهٖۤ اَوْلِیَآءَ لَا یَمْلِكُوْنَ لِاَنْفُسِهِمْ نَفْعًا وَّلَا ضَرًّا ؕ— قُلْ هَلْ یَسْتَوِی الْاَعْمٰی وَالْبَصِیْرُ ۙ۬— اَمْ هَلْ تَسْتَوِی الظُّلُمٰتُ وَالنُّوْرُ ۚ۬— اَمْ جَعَلُوْا لِلّٰهِ شُرَكَآءَ خَلَقُوْا كَخَلْقِهٖ فَتَشَابَهَ الْخَلْقُ عَلَیْهِمْ ؕ— قُلِ اللّٰهُ خَالِقُ كُلِّ شَیْءٍ وَّهُوَ الْوَاحِدُ الْقَهَّارُ ۟
"අහෝ දූතය! අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ප්රතික්ෂේපකයින්ගෙන්, ‘අහස්හි හා මහපොළොවෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි කටයුතු පාලනය කරන පාලකයාණන් කවුරුන් දැ?’යි විමසනු. අහෝ දූතය! ‘ඒ දෙකෙහි මැවුම්කරුවාණන් හා ඒ දෙකෙහි පාලකයාණන් අල්ලාහ්ය. ඒ බව නුඹලා පිළිගනිමින් සිටින්නෙහුය.’ යැයි පවසනු. අහෝ දූතය! තවදුරටත් ඔවුන්ගෙන්, ‘අල්ලාහ් හැර කිසිදු හැකියාවක් නැති භාරකරුවන් නුඹලා වෙනුවෙන් ගත්තෙහු ද? ඔවුන් ඔවුනටම පවා සෙතක් සලසා ගත නොහැකි, ඔවුනට අත් වන හිංසාවන් ඉවත් කර ගත නොහැකි තත්ත්වයක සිටියදී ඔවුන් හැර වෙනත් අය කෙරෙහි එසේ සිදු කිරීම කෙසේනම් හැකි වන්නේද?!’ යැයි විමසනු. අහෝ දූතය! ‘පෙනුම නැති වූ අන්ධභාවයේ පෙළෙන දේව ප්රතික්ෂේපකයා හා යහමග ලැබූ දැක්මක් ඇති දේව විශ්වාසියා සමාන වන්නේ ද? එසේ නැතිනම් අන්ධකාරයෙන් පිරුණු දේව ප්රතික්ෂේපය හා ආලෝකයෙන් පිරුණු දේව විශ්වාසය සමාන වන්නේද? එසේ නැතහොත් මැවීමෙහිදී ශුද්ධවන්ත අල්ලාහ්ට හවුල් කරුවන් එකතු කරමින් අල්ලාහ්ගේ මැවීම් හා සමාන දෑ මවා අල්ලාහ්ගේ මැවීම් ඔවුන්ගේ හවුල්කරුවන්ගේ මැවීම් සමග මිශ්ර වී ඇත්තේ ද?’ යැයි විමසනු. අහෝ දූතය! ‘සියලු දෑහි මැවුම්කරුවාණන් අල්ලාහ් පමණය. මැවීම් හි ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. දේවත්වයෙන් ඔහු ඛේවලය. ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සාය. ඔහු සියල්ල අබිබවා යන්නාය.
Tefsiret në gjuhën arabe:
اَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً فَسَالَتْ اَوْدِیَةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّیْلُ زَبَدًا رَّابِیًا ؕ— وَمِمَّا یُوْقِدُوْنَ عَلَیْهِ فِی النَّارِ ابْتِغَآءَ حِلْیَةٍ اَوْ مَتَاعٍ زَبَدٌ مِّثْلُهٗ ؕ— كَذٰلِكَ یَضْرِبُ اللّٰهُ الْحَقَّ وَالْبَاطِلَ ؕ۬— فَاَمَّا الزَّبَدُ فَیَذْهَبُ جُفَآءً ۚ— وَاَمَّا مَا یَنْفَعُ النَّاسَ فَیَمْكُثُ فِی الْاَرْضِ ؕ— كَذٰلِكَ یَضْرِبُ اللّٰهُ الْاَمْثَالَ ۟ؕ
අසත්ය මකා දමා, සත්යය පිහිටුවීම සඳහා අල්ලාහ් උපමාවක් ලෙස මිටියාවත පුරා ගලා යන තරමට අහසින් පහළ වන වර්ෂා ජලය ගෙනහැර පෑවේය. කුඩා ප්රමාණයෙන් හෝ විශාල ප්රමාණයෙන් හෝ වුව ද ඒ ඒ ධාරිතාවන්ට අනුව වැව් අමුණු පිරී යයි. ජලයට ඉහළින් පෙණ පිඩු හා ඉපැණැලි එම ජල ගැල්ම උසුලා ගනියි. ඒ දෙකට තවත් උදාහරණයක් ලෙස ‘මිනිසුනට අලංකරණය වෙනුවෙන් ආභරණ නිර්මාණය කිරීම සඳහා ලෝහ දිය කිරීමේ අපේක්ෂාවෙන් මිනිසා දහනය කරන ඇතැම් වටිනා ලෝහ උපමා වශයෙන් ගෙන හැර පෑවේය. ඉන් පෙණ පිඩු ඉහළට පැමිණෙන්නාක් මෙන්ම මෙයින් ද පෙණ පිඬු ඉහළට එනු ඇත. මෙම උදාහරණ දෙක සසඳමින් සත්ය හා අසත්යයට උපමා කොට මෙසේ ගෙන හැර පා ඇත. අසත්ය වනාහි ජලයට ඉහළින් පවතින පෙණපිඩු හා ඉපැණැලි මෙන් ද මලකඩ නැති කරමින් ලෝහ උණු කිරීමේදී පවතින පෙණ පිඩු මෙන් ද වේ. සත්යය වනාහි ඉන් ජලය පානයට ගන්නා පිරිසිදු ජලය හා සමානය. එමගින් පළතුරු පළා හා පඳුරු වර්ග හට ගන්වයි. එමෙන්ම උණු කර දිය කිරීමෙන් පසු ඉතිරි වන දෑට සමානය. එමගින් මිනිසුන් ප්රයෝජන ලබති. මෙම උපමා දෙක අල්ලාහ් ගෙන හැර පෑමෙන් පසුව සත්ය හා අසත්යයෙන් වෙන් කර පැහැදිලි කර ගනු පිණිස තවත් උපමාවන් මෙසේ ගෙනහැර දක්වයි.
Tefsiret në gjuhën arabe:
لِلَّذِیْنَ اسْتَجَابُوْا لِرَبِّهِمُ الْحُسْنٰی ؔؕ— وَالَّذِیْنَ لَمْ یَسْتَجِیْبُوْا لَهٗ لَوْ اَنَّ لَهُمْ مَّا فِی الْاَرْضِ جَمِیْعًا وَّمِثْلَهٗ مَعَهٗ لَافْتَدَوْا بِهٖ ؕ— اُولٰٓىِٕكَ لَهُمْ سُوْٓءُ الْحِسَابِ ۙ۬— وَمَاْوٰىهُمْ جَهَنَّمُ ؕ— وَبِئْسَ الْمِهَادُ ۟۠
අල්ලාහ් ඒකීයත්වයට පත් කරන මෙන් ද, ඔහුට අවනත වන මෙන්ද ඔවුන්ගේ පරමාධිපති ඇරයුම් කරන විට එයට පිළිතුරු දුන් දේව විශ්වාසීන්හට අලංකාර තිළිණ ඇත. එය ස්වර්ගයයි. ඔහුගේ ඒකීයත්වය හා ඔහුට අවනතවීම සඳහා ඔහු කළ ඔහුගේ ඇරයුමට පිළිතුරු නොදුන් දේව ප්රතික්ෂේපකයින් වනාහි, සැබැවින්ම ඔවුනට විවිධාකාර ධනසම්පත් ද ඒ හා සමාන තවත් ගුණයක් ද ඔවුන් සතු තිබුණ ද ඔවුන් දඬුවමින් තමන් ආරක්ෂා කර ගනු පිණිස ඒ සියල්ල වන්දි වශයෙන් වියදම් කරනු ඇත. ඔහුගේ ඇරයුමට පිළිතුරු නොදුන් මොවූහු ඔවුන්ගේ සියලු පාපකම් සම්බන්ධයෙන් විනිශ්චය කරනු ලබති. ඔවුන් පිවිසෙන ඔවුන්ගේ නවාතැන නිරයයි. නිරා ගින්න වූ ඔවුන්ගේ නිවහන හා වාසස්ථානය නපුරු විය.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• بيان ضلال المشركين في دعوتهم واستغاثتهم بغير الله تعالى، وتشبيه حالهم بحال من يريد الشرب فيبسط يده للماء بلا تناول له، وليس بشارب مع هذه الحالة؛ لكونه لم يتخذ وسيلة صحيحة لذلك.
•උත්තරීතර අල්ලාහ්ගෙන් තොර ව දේව ආදේශකයින් තමන් කරන ඇරයුමෙහි හා උදව් පැතීමෙහි පවතින මුළාව පැහැදිලි කිරීම. ඔවුන්ගේ තත්ත්වය ජලය පානය කිරීම සඳහා කිසිදු මාධ්යයක් භාවිතා කිරීමෙන් තොර ව තම අත දිගු කර එම තත්ත්වය මත ජලය පානය කිරීමට නොහැකි අයකුට සමානය. ඊට හේතුව ඒ සඳහා නිවැරදි මාධ්යයක් ඔහු භාවිතා නොකළ බැවිණි.

• أن من وسائل الإيضاح في القرآن: ضرب الأمثال وهي تقرب المعقول من المحسوس، وتعطي صورة ذهنية تعين على فهم المراد.
•අල් කුර්ආනය තුළ පැහැදිලි කිරීමෙහි මාධ්යයක් ලෙස උපමා භාවිතය. එය බුද්ධිමය වශයෙන් වටහා ගන්නට වඩාත් උචිතය. කරුණු අවබෝධ කර ගත හැකි අයුරින් බුද්ධිමය දර්ශනයක් එය පිරිනමයි.

• إثبات سجود جميع الكائنات لله تعالى طوعًا، أو كرهًا بما تمليه الفطرة من الخضوع له سبحانه.
•කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සියලුම නිර්මාණ අල්ලාහ්ට අවනත වන බව ස්ථීර කිරීම. ඔහුට යටහත් වීම සඳහා ඒවාට සහජයෙන්ම නැඹුරුතාවක් පිහිටා ඇති බැවිණි.

اَفَمَنْ یَّعْلَمُ اَنَّمَاۤ اُنْزِلَ اِلَیْكَ مِنْ رَّبِّكَ الْحَقُّ كَمَنْ هُوَ اَعْمٰی ؕ— اِنَّمَا یَتَذَكَّرُ اُولُوا الْاَلْبَابِ ۟ۙ
අහෝ දූතය! නුඹේ පරමාධිපති වන අල්ලාහ්ගෙන් නුඹ වෙත පහළ වූ දෑ කිසිදු සැකයකින් තොර ව සත්යයක් බව දන්නා පුද්ගලයා අල්ලාහ්ට පිළිතුරු දුන් දේව විශ්වාසියෙකි. ඔහු හා අන්ධයෙකු ලෙස කටයුතු කරන අල්ලාහ්ට පිළිතුරු නොදුන් දේව ප්රතික්ෂේපකයා සමාන වන්නේ ද? මෙයින් උපදෙස් ලබා පාඩම් ලබනුයේ මනා බුද්ධියක් ඇත්තවුන් පමණය.
Tefsiret në gjuhën arabe:
الَّذِیْنَ یُوْفُوْنَ بِعَهْدِ اللّٰهِ وَلَا یَنْقُضُوْنَ الْمِیْثَاقَ ۟ۙ
අල්ලාහ්ට පිළිතුරු දුන් අය වනාහි, ඔවුහු අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම් හා ඔහුගේ ගැත්තන් සමග ඇති කර ගත් ගිවිසුම් ඉටු කරන්නෝ වෙති. අල්ලාහ් සමග හෝ වෙනත් අය සමග විශ්වාසනීය ලෙස ඇති කර ගත් ගිවිසුම් ඔවුහු කඩ නොකරති.
Tefsiret në gjuhën arabe:
وَالَّذِیْنَ یَصِلُوْنَ مَاۤ اَمَرَ اللّٰهُ بِهٖۤ اَنْ یُّوْصَلَ وَیَخْشَوْنَ رَبَّهُمْ وَیَخَافُوْنَ سُوْٓءَ الْحِسَابِ ۟ؕ
තවද ඔවුන් වනාහි කවර ඥාතී සම්බන්ධකම් පවත්වන මෙන් අල්ලාහ් නියෝග කර සිටියේ ද ඒ සියල්ල සමග සම්බන්ධකම් පවත්වන්නෝ වෙති. ඔහුගේ නියෝග පිළිපැදීම හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම යන විෂයය තමන්ට මග හැරෙනු ඇතැයි යන බියෙන් ඔවුන්ගේ පරමාධිපතිට බිය වෙති. ඔවුන් උපයන පාපකම් සියල්ල පිළිබඳ විභාගයට ලක් කරනු ඇතැයි ඔවුහු බියවෙති. එහෙයින් කවරෙකුට විභාගයක් ඇත්තේ ද ඔහු විනාශයට පත් විය.
Tefsiret në gjuhën arabe:
وَالَّذِیْنَ صَبَرُوا ابْتِغَآءَ وَجْهِ رَبِّهِمْ وَاَقَامُوا الصَّلٰوةَ وَاَنْفَقُوْا مِمَّا رَزَقْنٰهُمْ سِرًّا وَّعَلَانِیَةً وَّیَدْرَءُوْنَ بِالْحَسَنَةِ السَّیِّئَةَ اُولٰٓىِٕكَ لَهُمْ عُقْبَی الدَّارِ ۟ۙ
තවද ඔවුන් වනාහී අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහු ඔවුනට නියම කළ සතුටු දායක මෙන්ම අසතුටු දායක දෑහි ද ඉවසීමෙන් කටයුතු කරන්නෝ වෙති. එමෙන්ම අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් පාපයක් සිදු කිරීමෙන් ඈත් ව ඉවසති. සලාතය පූර්ණ අයුරින් ඉටු කරති. අපි ඔවුනට දුන් ධනයෙන් අනිවාර්යය වගකීම් ඉටු කරති. මිනිසුන්ගේ මුහුණිච්ඡාවෙන් දුරස් ව රහසිගතව කැමැත්තෙන් එයින් වියදම් කරති. වෙනත් අය දිරිගන්වන පිණිස ප්රසිද්ධියේ ද වියදම් කරති. ඔවුන් වෙත නපුරුකම් කරන්නාගේ නපුර වළක්වාලමින් ඔහු සමග දැහැමි අයුරින් කටයුතු කරති. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රශංසනීය අවසානයක් ඇත.
Tefsiret në gjuhën arabe:
جَنّٰتُ عَدْنٍ یَّدْخُلُوْنَهَا وَمَنْ صَلَحَ مِنْ اٰبَآىِٕهِمْ وَاَزْوَاجِهِمْ وَذُرِّیّٰتِهِمْ وَالْمَلٰٓىِٕكَةُ یَدْخُلُوْنَ عَلَیْهِمْ مِّنْ كُلِّ بَابٍ ۟ۚ
මෙම ප්රශංසනීය අවසානය වනාහි, ඔවුන් සදා ලෙස ස්ථාවර ව භුක්ති විඳින්නන් ලෙස වාසය කරන්නට යන ස්වර්ග උයන් වෙති. එහි ඔවුන්ගේ වින්දනයේ පූර්ණත්වය වනුයේ ඔවුන් සමගම ඔවුන්ගේ ධර්මිෂ්ට පියවරුන්, මව්වරුන්, බිරියන් හා දරුවන් ඔවුන් හමුවීම පූර්ණ ව ඔවුනට අමතක කර තිබුණ ද ඔවුන් සමග එකට පිවසීමේ වින්දනයයි. මලක්වරුන් ස්වර්ගයේ ඇති ඔවුන්ගේ නිලයන්හි සියලු දොරටුවලින් සුබ පැතුම් එක්කරමින් ඇතුළු වෙති.
Tefsiret në gjuhën arabe:
سَلٰمٌ عَلَیْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَی الدَّارِ ۟ؕ
මලක්වරුන් ඔවුන් වෙත පිවිසෙන සෑම කල්හිම "ඔබට සලාම්" යනුවෙන් ආමන්ත්රණය කරමින් ඔවුනට සුභ පතති. එනම්: අල්ලාහ්ට අවනත වීමෙහි හා ඔහුගේ නියමයන් පසු කිරීමෙහි නුඹලා ඉවසීමෙන් සිටි බැවින් ද, ඔහුට පාපකම් සිදු කිරීමෙන් ඈත්වීමෙහි නුඹලා ඉවසීමෙන් කටයුතු කළ බැවින් ද, නුඹලා සියලු උවදුරු හා දුෂ්කරතාවලින් නිදහස් වනු. නුඹලාගේ අවසානය වන්නට නියමිත එම අවසන් නිවහනය ඉතා යහපත්ය.
Tefsiret në gjuhën arabe:
وَالَّذِیْنَ یَنْقُضُوْنَ عَهْدَ اللّٰهِ مِنْ بَعْدِ مِیْثَاقِهٖ وَیَقْطَعُوْنَ مَاۤ اَمَرَ اللّٰهُ بِهٖۤ اَنْ یُّوْصَلَ وَیُفْسِدُوْنَ فِی الْاَرْضِ ۙ— اُولٰٓىِٕكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوْٓءُ الدَّارِ ۟
අල්ලාහ්ගේ ගිවිසුම් ස්ථීර කරගත් පසුව එය කඩ කරන, ඔහු සම්බන්ධකම් පවත්වන්නැයි නියෝග කළ ඥාතී සම්බන්ධකම් බිඳ දමන උත්තරීතර අල්ලාහ්ට පිටුපාමින් මහපොළොවේ කලහකම් කරන මොවුහු දුරස් කරනු ලැබූ දුර්භාග්යවන්තයෝ වෙති. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුහු නෙරපා හරිනු ලබති. ඔවුනට නපුරු අවසානයක් ඇත. එය අපා ගින්නය.
Tefsiret në gjuhën arabe:
اَللّٰهُ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ ؕ— وَفَرِحُوْا بِالْحَیٰوةِ الدُّنْیَا ؕ— وَمَا الْحَیٰوةُ الدُّنْیَا فِی الْاٰخِرَةِ اِلَّا مَتَاعٌ ۟۠
අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත්හි සමෘද්ධිය ඇති කරයි. ඔහු අභිමත කරන අයට ඒවා සීමා කරයි. පෝෂණ සම්පත්හි සමෘද්ධිමත් වීම අල්ලාහ්ගේ ආදරයට ලක්වීමේ හෝ සෞභාග්යයේ සලකුනක් නොවන්නේය. ඒවා සීමාවීම අභාග්යවන්ත භාවයේ සලකුණක් ද නොවන්නේය. දේව ප්රතික්ෂේපකයින් මෙලොව ජීවිතය පිළිබඳ සතුටු වෙති. එහෙයින් ඔවුන් එය පාදක කර ගනිමින් එහි තැන්පත්වන්නට බලති. මතුලොව පැත්තෙන් මෙලොව ජීවිතය බලන කල එය ක්ෂය වී යන ස්වල්ප සැපතක් මිස නැත.
Tefsiret në gjuhën arabe:
وَیَقُوْلُ الَّذِیْنَ كَفَرُوْا لَوْلَاۤ اُنْزِلَ عَلَیْهِ اٰیَةٌ مِّنْ رَّبِّهٖ ؕ— قُلْ اِنَّ اللّٰهَ یُضِلُّ مَنْ یَّشَآءُ وَیَهْدِیْۤ اِلَیْهِ مَنْ اَنَابَ ۟ۖۚ
අල්ලාහ් හා ඔහුගේ සංඥාවන් ප්රතික්ෂේප කළවුන්, "මුහම්මද් වෙත ඔහුගේ සත්යතාව පෙන්වා දෙන ඔහුගේ පරමාධිපතිගෙන් වූ සංවේදනීය ප්රාතිහාර්යයක් ඔහු වෙත පහළ විය යුතු නොවේද? එවිට අපි එය විශ්වාස කරමු" යැයි පවසති. "අහෝ දූතය! එසේ යෝජනා කරන්නන් හට ඔබ මෙසේ පවසනු. ‘සැබැවින්ම අල්ලාහ් ඔහුගේ යුක්ති ධර්මය අනුව ඔහු අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරියි. ඔහු වෙත පාපක්ෂමාවේ නිරත ව යොමු වන්නන් හට ඔහුගේ භාග්යයෙන් ඔහු මග පෙන්වයි. ප්රාතිහාර්යයන් පහළ වීම තුළින් ඔවුන් එහි බැඳෙන තරමට ඔවුන්ගේ අතෙහි එම මග පෙන්වීම නැත."
Tefsiret në gjuhën arabe:
اَلَّذِیْنَ اٰمَنُوْا وَتَطْمَىِٕنُّ قُلُوْبُهُمْ بِذِكْرِ اللّٰهِ ؕ— اَلَا بِذِكْرِ اللّٰهِ تَطْمَىِٕنُّ الْقُلُوْبُ ۟ؕ
අල්ලාහ් මග පෙන් වූ ඔවුහු, ඔහු ව විශ්වාස කරන්නන් වෙති. අල්ලාහ් ව මෙනෙහි කිරීම, ඔහු ව සුවිශුද්ධ කිරීම, ඔහු ව ප්රශංසා කිරීම, ඔහුගේ පුස්තකය පාරායන කිරීම, එයට සවන් දීම හා මේ හැර ඔහුව මෙනෙහි කරන වෙනත් කරුණු යනාදිය තුළින් ඔවුන්ගේ සිත් සැනසුම් ලබයි. සිත් සැනසුම් ලැබීම අල්ලාහ් මෙනෙහි කිරීමෙන් පමණක් සිදු වන බවත් සිත් වලට සුදුසු වන්නේ අල්ලාහ්ව මෙනෙහි කිරීම බවත් දැන ගත යුතු වේ.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• الترغيب في جملة من فضائل الأخلاق الموجبة للجنة، ومنها: حسن الصلة، وخشية الله تعالى، والوفاء بالعهود، والصبر والإنفاق، ومقابلة السيئة بالحسنة والتحذير من ضدها.
• යහපත් ඥාතී සම්බන්ධකම, උත්තරීතර අල්ලාහ්ට බියවීම, ගිවිසුම් ඉටු කිරීම, ඉවසීම, වියදම් කිරීම, අයහපත් දෑට යහපත් දැයින් මුහුණ දීම, එයට ප්රතිවිරුද්ධ දැයින් ප්රවේසම් වීම යනාදී සම්මතයක් වශයෙන් ස්වර්ගය අනිවාර්යය කරවන සදාචාරයන්හි මහිමයන් දිරි ගැන්වීම.

• أن مقاليد الرزق بيد الله سبحانه وتعالى، وأن توسعة الله تعالى أو تضييقه في رزق عبدٍ ما لا ينبغي أن يكون موجبًا لفرح أو حزن، فهو ليس دليلًا على رضا الله أو سخطه على ذلك العبد.
• ජීවන සම්පත්හි පාලනය ඇත්තේ උත්තරීතර අල්ලාහ්ගේ අතෙහිය. අල්ලාහ් යම් ගැත්තෙකුගේ පෝෂණ සම්පත්හි සමෘද්ධිය ඇති කිරීම හෝ ඒවා සීමා කිරීම හෝ වේවා එය සතුට හෝ දුක අනිවාර්යය කරන්නක් ලෙස පිහිටා නැත. එමෙන්ම එය එම ගැත්තා මත පිහිටන අල්ලාහ්ගේ තෘප්තිය හෝ ඔහුගේ කෝපය පෙන්වා දෙන සාධකයක් ද නොවන්නේය.

• أن الهداية ليست بالضرورة مربوطة بإنزال الآيات والمعجزات التي اقترح المشركون إظهارها.
•සැබැවින්ම යහමග ලැබීම දේව ආදේශකයින් යෝජනා කරන්නාක් මෙන් ප්රාතිහාර්යයන් හෝ සංඥාවන් පහළ වීමෙන් හෝ ඒවා හෙළි වීමෙන් බැඳී තිබිය යුත්තක් නොවේ.

• من آثار القرآن على العبد المؤمن أنه يورثه طمأنينة في القلب.
•දේව විශ්වාසී ගැත්තාට අල් කුර්ආනයේ බලපෑමක් ලෙස ඔහුගේ සිත තුළ තැන්පත්භාවය උරුම කර දෙනු ඇත.

اَلَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ طُوْبٰی لَهُمْ وَحُسْنُ مَاٰبٍ ۟
අල්ලාහ් වෙත ඔවුන් සමීප කරවන අයුරින් ඔහු ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වන මොවුනට මතුලොවෙහි සව්සිරියෙන් පිරි ජීවිතයක් ඇත. එමෙන්ම සතුටු දායක අවසානයක් ද ඇත. එය ස්වර්ග උයනයි.
Tefsiret në gjuhën arabe:
كَذٰلِكَ اَرْسَلْنٰكَ فِیْۤ اُمَّةٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهَاۤ اُمَمٌ لِّتَتْلُوَاۡ عَلَیْهِمُ الَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ وَهُمْ یَكْفُرُوْنَ بِالرَّحْمٰنِ ؕ— قُلْ هُوَ رَبِّیْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— عَلَیْهِ تَوَكَّلْتُ وَاِلَیْهِ مَتَابِ ۟
තම සමූහයා වෙත දැනුම් දෙන මෙන් පෙර සිටි දහම් දූතයින් වෙත කවර පණිවිඩයක් අපි එව්වෙමු ද අහෝ දූතය! එම පණිවිඩයම ඔබේ සමූහයා වෙත දැනුම් දෙන මෙන් අපි ඔබට එය එවා ඇත්තෙමු. එය අපි ඔබට දැනුම් දුන් අල් කුර්ආනය ඔවුනට පාරායනය කර පෙන්වීම සඳහාය. ඔබේ සත්යභාවය තහවුරු කිරීමට එය ප්රමාණවත්ය. නමුත් එම පාඨ හෙළා දැකීම ඔබේ සමූහයාගේ ස්ථාවරය වී ඇත. එය ඔවුන් කාරුණිකයාණන් සමග වෙනත් අය ආදේශ කරමින් ඔහු ව ප්රතික්ෂේප කරන බැවිණි. "අහෝ දූතය! නුඹලා ආදේශ කරන මහා කාරුණිකයාණන් මාගේ පරමාධිපතිය. නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් සුදුස්සෙකු නැත. මාගේ සියලුම කටයුතුවලදී මම ඔහු මත විශ්වාසය තබමි. මාගේ පසුතැවිලිවීම ද ඔහු කෙරෙහිම වන්නේය." යැයි පවසනු.
Tefsiret në gjuhën arabe:
وَلَوْ اَنَّ قُرْاٰنًا سُیِّرَتْ بِهِ الْجِبَالُ اَوْ قُطِّعَتْ بِهِ الْاَرْضُ اَوْ كُلِّمَ بِهِ الْمَوْتٰی ؕ— بَلْ لِّلّٰهِ الْاَمْرُ جَمِیْعًا ؕ— اَفَلَمْ یَایْـَٔسِ الَّذِیْنَ اٰمَنُوْۤا اَنْ لَّوْ یَشَآءُ اللّٰهُ لَهَدَی النَّاسَ جَمِیْعًا ؕ— وَلَا یَزَالُ الَّذِیْنَ كَفَرُوْا تُصِیْبُهُمْ بِمَا صَنَعُوْا قَارِعَةٌ اَوْ تَحُلُّ قَرِیْبًا مِّنْ دَارِهِمْ حَتّٰی یَاْتِیَ وَعْدُ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ لَا یُخْلِفُ الْمِیْعَادَ ۟۠
කඳු තිබූ තැනින් ඉවත් වීම, භූමිය පැළී උල්පත් හා ගංගාවන් ගලා යෑම, මිය ගිය ඇත්තන් මත කියවා ඔවුන් යළි ජීවීන් බවට පත් වීම වැනි කරුණු සඳහන් වී තිබීම දිව්ය ග්රන්ථවල ස්වරූපය වුව ද අහෝ දූතය! ඔබ වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය එවන් සාධක පැහැදිලි කරන්නකි. ඉමහත්සේ බලපෑම් ඇති කරන්නකි. ඔවුන් අවංක හදවත් ඇත්තන් වූයේ නම් මැනවි. නමුත් ඔවුහු එය හෙළා දුටුවෝය. ප්රාතිහාර්යයන් හා වෙනත් දෑ පහළ කිරීමෙහි සියලු අයිතිය අල්ලාහ් සතු වන්නකි. මිනිසුනට සංඥාවක් පහළ කිරීමෙන් තොර ව ඔවුන් සියල්ලන් හට මග පෙන්වීම සඳහා අල්ලාහ් අභිමත කළේ නම් ඔහු ඔවුනට ඒවා පහළ කිරීමෙන් තොරවම මග පෙන්වනු ඇතැයි දේව විශ්වාසීන් දැන නොසිටියෝ ද?. නමුත් අල්ලාහ් එයට අභිමත කළේ නැත. අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් ඔහුව ප්රතික්ෂේප කරමින් හා පිටුපාමින් කටයුතු කළ බැවින් දැඩි සේ කම්පනයට පත් කරන විනාශය ඔවුනට අත්වෙමින්ම තිබුණි. එසේ නැතහොත් හිමි වීමට නියමිත දඬුවම පහළ කිරීමේ අල්ලාහ්ගේ පොරොන්දු ව ඉටු වන තෙක්ම ඔවුන්ගේ නිවෙස් අසළටම එය පහළ වෙමින්ම තිබුණි. සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් ප්රතිඥා දී ඇත්තේ ද ඒ සඳහා වූ නියමිත වේලාව පැමිණි විට එය උදා කිරීම මඟ හරින්නේ නැත.
Tefsiret në gjuhën arabe:
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّنْ قَبْلِكَ فَاَمْلَیْتُ لِلَّذِیْنَ كَفَرُوْا ثُمَّ اَخَذْتُهُمْ ۫— فَكَیْفَ كَانَ عِقَابِ ۟
තම සමූහයා බොරු කළ හා තමන් හාස්යයට ලක් කළ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. අහෝ දූතය! නුඹට පෙර විසූ ජන සමූහයන් ඔවුන්ගේ දූතවරුන් හාස්යයට ලක් කොට ඔවුන් ව බොරු කළෝය. ඔවුන්ගේ දූතයින්ව ප්රතික්ෂේප කළවුන් සැබැවින්ම මා ඔවුන් විනාශ නොකරනු ඇතැයි ඔවුන් සිතන තරමට මම ඔවුන් අතහැර දැමුවෙමි. එසේ අවකාශය දීමෙන් පසු විවිධ දඬුවම්වලින් මම ඔවුන් ග්රහණය කළෙමි. ඔවුනට හිමි වූ මාගේ දඬුවම ගැන නුඹ අදහස් කරනුයේ කෙසේ ද? සැබැවින්ම එය දැඩි දඬුවමක් විය.
Tefsiret në gjuhën arabe:
اَفَمَنْ هُوَ قَآىِٕمٌ عَلٰی كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ ۚ— وَجَعَلُوْا لِلّٰهِ شُرَكَآءَ ؕ— قُلْ سَمُّوْهُمْ ؕ— اَمْ تُنَبِّـُٔوْنَهٗ بِمَا لَا یَعْلَمُ فِی الْاَرْضِ اَمْ بِظَاهِرٍ مِّنَ الْقَوْلِ ؕ— بَلْ زُیِّنَ لِلَّذِیْنَ كَفَرُوْا مَكْرُهُمْ وَصُدُّوْا عَنِ السَّبِیْلِ ؕ— وَمَنْ یُّضْلِلِ اللّٰهُ فَمَا لَهٗ مِنْ هَادٍ ۟
නැමදුම් ලබන්නට වඩාත් උචිත වනුයේ සියලු මැවීම්හි පෝෂණය සුරක්ෂිත ව ලබා දෙන සෑම ආත්මයක්ම තම තමන් උපයාගත් ක්රියාවන් පිළිබඳ අදීක්ෂණය කොට එම ක්රියාවන්ට අනුව ප්රතිඵල ලබා දෙන අල්ලාහ් ද? එසේ නැතහොත් නැමදුම් ලබන්නට කිසිදු උරුමයක් නැති මෙම පිළිම ද? දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අපරාධකාරී හා ව්යාජ ලෙසින් ඒවා අල්ලාහ්ට ආදේශ කරති. අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. "නුඹලාගේ වාදයේ නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා අල්ලාහ් සමග නමදිමින් සිටි එම හවුල් කරුවන් අපට නම් කරන්න. එසේ නැතහොත් මහපොළොවේ අල්ලාහ් නොදන්නා හවුල් කරුවන් නුඹලා ඔහුට දන්වා සිටින්නෙහු ද? එසේ නැතහොත් කිසිදු යථාර්ථයක් නොමැති ප්රකාශයක් හෙළි කරමින් නුඹලා ඔහුට දන්වන්නෙහු ද? දේව ප්රතික්ෂේපකයින්ගේ නපුරු කුමන්ත්රණය ෂෙයිතාන් ඔවුනට අලංකාර කර පෙන්වා ඇත. එහෙයින් ඔවුහු අල්ලාහ් ප්රතික්ෂේප කළෝය. ඍජු හා යහමගින් ඔහු ඔවුන් හරවා දැමීය. අල්ලාහ් කවරෙකු ඍජු මාර්ගයෙන් නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට යහමග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු ඔහුට නැත.
Tefsiret në gjuhën arabe:
لَهُمْ عَذَابٌ فِی الْحَیٰوةِ الدُّنْیَا وَلَعَذَابُ الْاٰخِرَةِ اَشَقُّ ۚ— وَمَا لَهُمْ مِّنَ اللّٰهِ مِنْ وَّاقٍ ۟
ඔවුන් දේව විශ්වාසීන්ගේ අතින් මැරුම් කෑමෙන් හා සිරකරුවන් බවට පත්වීමෙන් මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. ඔවුන් ගැන අපේක්ෂාවෙන් සිටින මතුලොව දඬුවම ඔවුනට ඉතා කුරීරුය. එහි ඇති දැඩිභාවය නිමක් නැති සදාතනිකත්වය නිසාවෙන් එය මෙලොව දඬුවමට වඩා බරපතලය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් පිළිස්සීම වළක්වන කිසිවෙකු ඔවුනට නැත.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• أن الأصل في كل كتاب منزل أنه جاء للهداية، وليس لاستنزال الآيات، فذاك أمر لله تعالى يقدره متى شاء وكيف شاء.
•සැබැවින්ම පහළ කරන ලද සෑම දිව්යමය පුස්තකයම මූලය වනුයේ එය යහමග පෙන්වීම සඳහා පැමිණි තිබීම මිස සංඥාවන් පහළ කිරීමේ පදනමින් නොවේ. එය අල්ලාහ් සතු කටයුත්තකි. ඔහු අභිමත කරන මොහොතක අභිමත කරන ක්රමයට නියාමනය කරනු ඇත.

• تسلية الله تعالى للنبي صلى الله عليه وسلم، وإحاطته علمًا أن ما يسلكه معه المشركون من طرق التكذيب، واجهه أنبياء سابقون.
•නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අල්ලාහ් සැනසීම. එය දේවත්වය ආදේශ කරන්නන් එතුමා ව විවිධ මාධ්යයන් ඔස්සේ බොරු කරමින් කටයුතු කිරීම එතුමා පමණක් නොව, එතුමාට පෙර විසූ නබිවරුන් ද මුහුණ දුන් කරුණක් බව දැනුවත් කිරීම තුළිනි.

• يصل الشيطان في إضلال بعض العباد إلى أن يزين لهم ما يعملونه من المعاصي والإفساد.
•ෂෙයිතාන් ඇතැම් ගැත්තන් නොමග යැවීමේ දී ඔවුන් සිදු කරන පාපකම් හා ප්රචණ්ඩත්වයන් ඔවුනට අලංකාර කර පෙන්වා දෙයි.

مَثَلُ الْجَنَّةِ الَّتِیْ وُعِدَ الْمُتَّقُوْنَ ؕ— تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ ؕ— اُكُلُهَا دَآىِٕمٌ وَّظِلُّهَا ؕ— تِلْكَ عُقْبَی الَّذِیْنَ اتَّقَوْا ۖۗ— وَّعُقْبَی الْكٰفِرِیْنَ النَّارُ ۟
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් සඳහා අල්ලාහ් ප්රතිඥා දී ඇති ස්වර්ග උයනේ ස්වරූපය වනුයේ සැබැවින්ම එහි මාලිගා හා ගස්වලට යටින් ගංගාවෝ ගලා බසිති. එහි පලතුරු මෙලොව පළතුරු මෙන් නොව අවාරයකින් තොර ව අඛණ්ඩව පිරී පවතී, එහි හෙවණ ද නොමැකෙන සදා පවතින්නකි. මෙය අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී සිට ඔහුට බැතිමත්ව කටයුතු කළවුන්ගේ අවසානයයි. දේව ප්රතික්ෂේපකයින්ගේ අවසානය වනුයේ අපා ගින්නයි. ඔවුහු එහි පිවිස සදාකල් වෙසෙති.
Tefsiret në gjuhën arabe:
وَالَّذِیْنَ اٰتَیْنٰهُمُ الْكِتٰبَ یَفْرَحُوْنَ بِمَاۤ اُنْزِلَ اِلَیْكَ وَمِنَ الْاَحْزَابِ مَنْ یُّنْكِرُ بَعْضَهٗ ؕ— قُلْ اِنَّمَاۤ اُمِرْتُ اَنْ اَعْبُدَ اللّٰهَ وَلَاۤ اُشْرِكَ بِهٖ ؕ— اِلَیْهِ اَدْعُوْا وَاِلَیْهِ مَاٰبِ ۟
අහෝ දූතය! අප තව්රාතය පිරිනැමූ යුදෙව් ජනයා අතරින් හා ඉන්ජීලය පිරිනැමූ කිතුනු ජනයා අතරින් පිරිසක් ඔවුනට පහළ වූ දෑට අනුකූල යම් මග පෙන්වීමක් නුඹ වෙත පහළ කරනු ලැබුවේ නම් ඒ ගැන ඔවුහු සතුටු වෙති. යුදෙව් හා කිතුනු ජනයා අතරින් ඔවුන්ගේ ආශාවන්ට අනුකූල නොවන හෝ ඔවුන් වෙනස් කරමින් හා විකෘති කරමින් ඔවුන් විස්තර කළ දෑට අනුකූල නොවන යමක් නුඹ වෙත පහළ කරනු ලැබුවේ නම් එය හෙළා දකිති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු: සැබැවින්ම අල්ලාහ් මට නියෝග කර ඇත්තේ මා ඔහුට පමණක් නැමද කිසිවක් ඔහුට ආදේශ නොකිරීමත් ඔහු පමණක් අයැද වෙනත් අය මා අයැද නොසිටීමත්ය. මාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත පමණය. තව්රාතය හා ඉන්ජීලය පැමිණියේ ද ඒ අනුවය.
Tefsiret në gjuhën arabe:
وَكَذٰلِكَ اَنْزَلْنٰهُ حُكْمًا عَرَبِیًّا ؕ— وَلَىِٕنِ اتَّبَعْتَ اَهْوَآءَهُمْ بَعْدَ مَا جَآءَكَ مِنَ الْعِلْمِ ۙ— مَا لَكَ مِنَ اللّٰهِ مِنْ وَّلِیٍّ وَّلَا وَاقٍ ۟۠
පෙර පැවති දිව්යමය ග්රන්ථ ඔවුනොවුන්ගේ සමාජීය භාෂාවෙන් අප පහළ කළාක් මෙන්ම අහෝ දූතය! සත්යය පහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි ප්රකාශයක් ලෙස අල් කුර්ආනය අරාබි බසින් නුඹ වෙත අපි පහළ කළෙමු. අහෝ දූතය! අල්ලාහ් නුඹට පමණක් ඉගැන් වූ දැනුම නුඹ වෙත ලැබීමෙන් පසුව ඔවුන්ගේ ආශාවන්ට අනුකූල නොවූ යමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් නුඹ ආගම් ලත් ජනයා සමග සම්මුතියකට පැමිණ නුඹ එය අනුගමනය කළෙහි නම්, නුඹේ කටයුතු භාරගෙන නුඹේ සතුරන්ට එරෙහි ව නුඹට උදව් කරන කිසිදු භාරකරුවකු හෝ නුඹ අල්ලාහ්ගෙන් නොලබනු ඇත. එමෙන්ම ඔහුගේ දඬුවමින් නුඹ ව වළක්වන කිසිවකු නුඹ නොලබනු ඇත.
Tefsiret në gjuhën arabe:
وَلَقَدْ اَرْسَلْنَا رُسُلًا مِّنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ اَزْوَاجًا وَّذُرِّیَّةً ؕ— وَمَا كَانَ لِرَسُوْلٍ اَنْ یَّاْتِیَ بِاٰیَةٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— لِكُلِّ اَجَلٍ كِتَابٌ ۟
අහෝ දූතය! නුඹට පෙර ද මිනිසුන් අතරින් දහම් දූතවරු අපි එව්වෙමු. නුඹව දහම් දූතයකු වශයෙන් එවීම අලුත් දෙයක් නොවේ. සෙසු මිනිසුන් මෙන්ම ඔවුනටද බිරියන් හා දරුවන් ඇති කළෙමු. විවාහ නොකරන දරුවන් ප්රජනනය නොකරන මලක්වරුන් බවට අපි ඔවුන් පත් නොකළෙමු. විවාහ වී දරුවන් ප්රජනනය කරන එම මිනිස් දූතයින් අතර නුඹ ද කෙනෙකි. නුඹත් එසේ සිටීම ගැන දෙවියන්ට ආදේශ කරන්නන් පුදුමයට පත් වන්නේ ඇයි? ප්රාතිහාර්යයක් ගෙන ඒමට අල්ලාහ් අවසර දීමෙන් තොරව තමන් සතු කිසිදු ප්රාතිහාර්යයක් ගෙන එන්නට කිසිදු දූතයකුට සුදුසු නොවීය. අල්ලාහ් නියම කළ සෑම දෙයකටම ඒවා සඳහන් කළ ලේඛනයක් ඇත. එමෙන්ම කාලයක් ද ඇත. එයට කලින් හෝ ප්රමාදයකින් හෝ එය සිදු වන්නේ නැත.
Tefsiret në gjuhën arabe:
یَمْحُوا اللّٰهُ مَا یَشَآءُ وَیُثْبِتُ ۖۚ— وَعِنْدَهٗۤ اُمُّ الْكِتٰبِ ۟
යහපතක් හෝ අයහපත්, භාග්යයක් හෝ අභාග්යයක් ඉවත් කිරීමට අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔහු එය ඉවත් කරනු ඇත. ඔහු අභිමත කරන්නේ නම් එය රඳවනු ඇත. ලව්හුල් මහ්ෆූල් නම් සුරක්ෂිත සටහන් පුවරු ව ඇත්තේ ඔහු අබියසය. මකා දැමූ දෑ නැවත මතු කරවා තිබූ දෑ එලෙසින් තිබෙන්නට හැර ඒ සියල්ල ඔහු නැවත ගෙන්වා ගනී.
Tefsiret në gjuhën arabe:
وَاِنْ مَّا نُرِیَنَّكَ بَعْضَ الَّذِیْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّیَنَّكَ فَاِنَّمَا عَلَیْكَ الْبَلٰغُ وَعَلَیْنَا الْحِسَابُ ۟
අහෝ නබිවරය, නුඹේ මරණයට පෙර ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති ඇතැම් දඬුවම් අපි නුඹට පෙන්වා දෙන්නෙමු. එය ඇත්තේ අප වෙතය. එසේ නැතහොත් නුඹට එය පෙන්වීමට පෙර අපි නුඹ ව මරණයට පත් කරන්නෙමු. අපි නුඹට කවර දෙයක් දන්වන මෙන් නියෝග කළේ ද එය දන්වා සිටීම මිස වෙනත් කරුණක් ඔබට නැත. ඔවුන් සම්බන්ධයෙන් ඉක්මවා කටයුතු කිරීම හෝ ඔවුන්ගෙන් විනිශ්චය කිරීම හෝ නුඹ සතු කාර්යයක් නොවන්නේය. එය අප මත ඇත්තකි.
Tefsiret në gjuhën arabe:
اَوَلَمْ یَرَوْا اَنَّا نَاْتِی الْاَرْضَ نَنْقُصُهَا مِنْ اَطْرَافِهَا ؕ— وَاللّٰهُ یَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهٖ ؕ— وَهُوَ سَرِیْعُ الْحِسَابِ ۟
දේව ප්රතික්ෂේපයේ පිහිටි ප්රදේශ ඒවායෙහි පැතිකඩවල ඉස්ලාමය පතුරුවාලමින් හා මුස්ලිම්වරුන්හට ජය තහවුරු කරවමින් සැබැවින්ම අපි ක්රමයෙන් දේව ප්රතික්ෂේපය හීන කරමින් එන බව මෙම ප්රතික්ෂේපකයෝ නොදුටුවෝ ද? අල්ලාහ් තමන් අභිමත කරන දෑ තම ගැත්තන් අතර නීති පනවයි. තීන්දු කරයි. ඔහුගේ නීතියෙහි කිසිදු අඩුවක් වෙනස් කිරීමක් හෝ එකක් වෙනුවෙන් තවෙකක් පරිවර්තනය කිරීමක් හෝ සිදු කරන්නට කිසිවකුට නොහැක. ශුද්ධවන්ත ඔහු විනිශ්චය කිරීමේදී ඉතා වේගවත්ය. එකම දිනක පෙර පැමිණියවුන් හා පසු පැමිණියවුන් සියල්ලන්ගෙන් විනිශ්චය කරනු ඇත.
Tefsiret në gjuhën arabe:
وَقَدْ مَكَرَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَلِلّٰهِ الْمَكْرُ جَمِیْعًا ؕ— یَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ؕ— وَسَیَعْلَمُ الْكُفّٰرُ لِمَنْ عُقْبَی الدَّارِ ۟
පෙර සිටි සමූහයා, ඔවුහු ඔවුන්ගේ නබිවරුන්ට (එරෙහිව) කුමන්ත්රණ කළෝය. ඔවුනට වංචා කළෝය. ඔවුන් ගෙන ආ දෑ බොරු කළෝය. ඔවුනට ඔවුන් කුමන්ත්රණ කිරීමෙන් ඔවුනට සිදු වූයේ කුමක් ද? කිසිවක් නැත. හේතුව, සියල්ල සැලසුම් කරන්නා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොමැති බැවිණි. සැබැවින්ම ඔහු සියලු මැවීම්වල ක්රියාකාරකම් දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එවිට අල්ලාහ් පිළිබඳ විශ්වාසය නොමැති ව වැරදිකරන්නන් කොපමණ පිරිසක් දැයි ද ස්වර්ගය හා යහපත් අවසානයක් දිනා ගනිමින් ඒ අනුව ස්වර්ගයට හා යහපත් අවසානයකට අනුගත වූ භාග්යලත් මුඃමින්වරුන් කොපමණ පිරිසක් දැයි ද බොරුකාර මෙම ජනයා මතු දැනගනු ඇත.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• الترغيب في الجنة ببيان صفتها، من جريان الأنهار وديمومة الرزق والظل.
•ස්වර්ගයේ ගලන ගංගාවන් පිළිබඳවත් පෝෂණයේ හා හෙවණෙහි සදාතනිකභාවය පිළිබඳවත් විස්තර කරමින් ස්වර්ගය ගැන කැමැත්ත ඇති කිරීම.

• خطورة اتباع الهوى بعد ورود العلم وأنه من أسباب عذاب الله.
•දැනුම ලැබුවායින් පසු ආශාවන් පිළිපැදීමේ බරපතලකම. සැබැවින්ම එය අල්ලාහ්ගේ දඬුවමට හේතුවක් වනු ඇත.

• بيان أن الرسل بشر، لهم أزواج وذريات، وأن نبينا صلى الله عليه وسلم ليس بدعًا بينهم، فقد كان مماثلًا لهم في ذلك.
•සැබැවින්ම දහම් දූතයින් මිනිසුන් යන වගත් ඔවුන් සතුව බිරියන් හා පරම්පරාවන් සිටි බවත් සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් අතර නවතම කෙනෙකු නොවන බවත් එහි දී එතුමාණන් ඔවුනට උදාහරණ පුරුෂයකු වූ බවත් පැහැදිලි කිරීම.

وَیَقُوْلُ الَّذِیْنَ كَفَرُوْا لَسْتَ مُرْسَلًا ؕ— قُلْ كَفٰی بِاللّٰهِ شَهِیْدًا بَیْنِیْ وَبَیْنَكُمْ ۙ— وَمَنْ عِنْدَهٗ عِلْمُ الْكِتٰبِ ۟۠
ප්රතික්ෂේප කළවුන් "අහෝ මුහම්මද්! නුඹ අල්ලාහ් විසින් එවනු ලැබූ දූතයෙකු නොවන්නෙහිය." යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට "සැබැවින්ම මා මාගේ පරමාධිපති වෙතින් නුඹලා වෙත එවන ලද දූතයකු බවට මා අතර හා නුඹලා අතර අල්ලාහ් ම ප්රමාණවත්ය. මා ගැන විස්තර කරමින් දිව්යමය පුස්තකයන්හි සඳහන් දැනුම්වත් කිරීම ඔහු අබියසින් විය. කිසිවෙකුගේ සත්යතාව ගැන අල්ලාහ්ම සාක්ෂි වශයෙන් සිටින්නේ නම් බොරු කරන්නන්ගේ බොරුව ඔහුට කිසිදු හානියක් ගෙන දෙන්නේ නැත." පවසනු.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• أن المقصد من إنزال القرآن هو الهداية بإخراج الناس من ظلمات الباطل إلى نور الحق.
•අල් කුර්ආනය පහළ කිරීමේ අරමුණ ව්යාජ අන්ධකාරයේ සිට සත්ය අලෝකය වෙත මිනිසුන් බැහැර කරමින් ඔවුන් යහමග යොමු කිරීමය.

• إرسال الرسل يكون بلسان أقوامهم ولغتهم؛ لأنه أبلغ في الفهم عنهم، فيكون أدعى للقبول والامتثال.
•දහම් දූතවරුන් ඔවුන්ගේ ම භාෂාවෙන් හා ඔවුන්ගේ ම ප්රජා භාෂාවෙන් එවීම. එය ඔවුනට ගැඹුරින් වටහා ගෙන පිළිගැනීමටත් පිළිපැදීමටත් ඉල්ලා සිටියි.

• وظيفة الرسل تتلخص في إرشاد الناس وقيادتهم للخروج من الظلمات إلى النور.
•දහම් දූතවරුන්ගේ රාජකාරිය වනුයේ මිනිසුන්හට මග පෙන්වීමේදී හා අන්ධකාරයෙන් ආලෝකය වෙත ඔවුන් බැහැර කිරීමට නායකත්ව දීමෙහි අවංකව කටයුතු කිරීමයි.

 
Përkthimi i kuptimeve Surja: Er Rad
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll