Check out the new design

Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht * - Përmbajtja e përkthimeve


Përkthimi i kuptimeve Ajeti: (73) Surja: Junus
فَكَذَّبُوْهُ فَنَجَّیْنٰهُ وَمَنْ مَّعَهٗ فِی الْفُلْكِ وَجَعَلْنٰهُمْ خَلٰٓىِٕفَ وَاَغْرَقْنَا الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا ۚ— فَانْظُرْ كَیْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِیْنَ ۟
ඔහුගේ ජනයා ඔහු ව බොරු කළෝය. ඔහු සත්ය බව විශ්වාස නොකළෝය. එහෙයින් ඔහු හා ඔහු සමග නැවෙහි සිටි විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. ඔවුනට පෙර සිටියවුන් සඳහා වූ අනුප්රාප්තිකයන් බවට අපි ඔවුන් පත් කළෙමු. එමෙන්ම ඔහු ගෙන ආ සාක්ෂි හා සාධක බොරුකළවුන් මහා ජල ගැල්මකින් විනාශ කළෙමු. අහෝ දූතය! නූහ් (අලෙයිහිස් සලාම්) තුමාණන් ඔවුනට අවවාද කොට පසුව විශ්වාස නොකළ ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු.
Tefsiret në gjuhën arabe:
Dobitë e ajeteve të kësaj faqeje:
• سلاح المؤمن في مواجهة أعدائه هو التوكل على الله.
•දේව විශ්වාසියා තම සතුරන්ට මුහුණ දීමෙහි ඔහුගේ ප්රබලතම අයුධය වන්නේ අල්ලාහ් මත සියල්ල පැවරීමයි.

• الإصرار على الكفر والتكذيب بالرسل يوجب الختم على القلوب فلا تؤمن أبدًا.
•දේව ප්රතික්ෂේපයේ හා දූතවරුන් බොරු කිරීමෙහි නිරත වීමෙන් හදවත් මත මුද්රා වැටීම අනිවාර්යය වන්නේය. එවිට කිසිවිටෙක දෙවියන් විශ්වාස නොකරනු ඇත.

• حال أعداء الرسل واحد، فهم دائما يصفون الهدى بالسحر أو الكذب.
•දහම් දූතවරුන්ගේ සතුරන්ගේ තත්ත්වය එකමය. ඔවුන් සැමවිටම යහමග විස්තර කරනුයේ හූනියමක් හා බොරුවක් ලෙසය.

• إن الساحر لا يفلح أبدًا.
•හූනියම්කරු කිසිවිටෙක ජය නොලබනු ඇත.

 
Përkthimi i kuptimeve Ajeti: (73) Surja: Junus
Përmbajtja e sureve Numri i faqes
 
Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi sinhalisht - Përmbajtja e përkthimeve

Botuar nga Qendra e Tefsirit për Studime Kuranore.

Mbyll