Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: مائده   آیت:
یُرِیْدُوْنَ اَنْ یَّخْرُجُوْا مِنَ النَّارِ وَمَا هُمْ بِخٰرِجِیْنَ مِنْهَا ؗ— وَلَهُمْ عَذَابٌ مُّقِیْمٌ ۟
ඔවුහු (නිරා) ගින්නෙන් බැහැරවීමට අදහස් කරති. එහෙත් ඔවුන් එයින් බැහැරවන්නන් නො වෙති. තවද ඔවුනට නිත්‍ය ක්‍රියාත්මක දඬුවමක් ඇත.
عربي تفسیرونه:
وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوْۤا اَیْدِیَهُمَا جَزَآءً بِمَا كَسَبَا نَكَالًا مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟
හොරෙක් හෝ හෙරක් ඔවුන් උපයා ගත් දෑට ප්‍රතිවිපාකයක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ලෙස නුඹලා ඔවුන් දෙපළගේ අත් කපා දමනු. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සර්ව ප්‍රඥාවන්ත ය.
عربي تفسیرونه:
فَمَنْ تَابَ مِنْ بَعْدِ ظُلْمِهٖ وَاَصْلَحَ فَاِنَّ اللّٰهَ یَتُوْبُ عَلَیْهِ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
එහෙත් තම අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප වී (තමා ව) නිවැරදි කර ගනී ද, සැබැවින් ම අල්ලාහ් ඔහු වෙත සමාව පිරිනමයි. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය.
عربي تفسیرونه:
اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— یُعَذِّبُ مَنْ یَّشَآءُ وَیَغْفِرُ لِمَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින් ම අල්ලාහ් සතු බව නුඹ නො දන්නෙහි ද? ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
عربي تفسیرونه:
یٰۤاَیُّهَا الرَّسُوْلُ لَا یَحْزُنْكَ الَّذِیْنَ یُسَارِعُوْنَ فِی الْكُفْرِ مِنَ الَّذِیْنَ قَالُوْۤا اٰمَنَّا بِاَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِنْ قُلُوْبُهُمْ ۛۚ— وَمِنَ الَّذِیْنَ هَادُوْا ۛۚ— سَمّٰعُوْنَ لِلْكَذِبِ سَمّٰعُوْنَ لِقَوْمٍ اٰخَرِیْنَ ۙ— لَمْ یَاْتُوْكَ ؕ— یُحَرِّفُوْنَ الْكَلِمَ مِنْ بَعْدِ مَوَاضِعِهٖ ۚ— یَقُوْلُوْنَ اِنْ اُوْتِیْتُمْ هٰذَا فَخُذُوْهُ وَاِنْ لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُوْا ؕ— وَمَنْ یُّرِدِ اللّٰهُ فِتْنَتَهٗ فَلَنْ تَمْلِكَ لَهٗ مِنَ اللّٰهِ شَیْـًٔا ؕ— اُولٰٓىِٕكَ الَّذِیْنَ لَمْ یُرِدِ اللّٰهُ اَنْ یُّطَهِّرَ قُلُوْبَهُمْ ؕ— لَهُمْ فِی الدُّنْیَا خِزْیٌ ۙ— وَّلَهُمْ فِی الْاٰخِرَةِ عَذَابٌ عَظِیْمٌ ۟
අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැයි ඔවුන්ගේ මුඛවලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නො කළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලුව ක්‍රියා කරන්නන් නුඹව දුකට පත් නො කළ යුතු ය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් විකෘති කොට “මෙය නුඹලාට දෙනු ලැබුවේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නො ලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහුව වැළැක්වීමට) නුඹ බලය නො දරන්නේ ම ය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නො සිතූ අය මොවුන් ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: مائده
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول