Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: مائده   آیت:
اُحِلَّ لَكُمْ صَیْدُ الْبَحْرِ وَطَعَامُهٗ مَتَاعًا لَّكُمْ وَلِلسَّیَّارَةِ ۚ— وَحُرِّمَ عَلَیْكُمْ صَیْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا ؕ— وَاتَّقُوا اللّٰهَ الَّذِیْۤ اِلَیْهِ تُحْشَرُوْنَ ۟
නුඹලා හා නුඹලාගේ වාහනික සතුන් භුක්ති විදිනු පිණිස මුහුදු සතුන් දඬයම් කිරීම හා එය ආහාරයට ගැනීම නුඹලාට අනුමත කරන ලදි. එහෙත් ඉහ්රාම් තත්ත්වයේ සිටින තාක්කල් ගොඩබිම සතුන් දඬයම් කිරීම නුඹලාට තහනම් කරන ලදි. තවද නුඹලා කවරෙකු වෙත එක් රැස් කරනු ලබන්නෙහු ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
عربي تفسیرونه:
جَعَلَ اللّٰهُ الْكَعْبَةَ الْبَیْتَ الْحَرَامَ قِیٰمًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْیَ وَالْقَلَآىِٕدَ ؕ— ذٰلِكَ لِتَعْلَمُوْۤا اَنَّ اللّٰهَ یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ وَاَنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට නියාමන ස්ථානයක් බවට නියම කළේ ය. තවද සැබැවින් ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹලා දැන ගනු පිණිස පරිශුද්ධවූ මාසය ද සත්ව කැපය ද (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෑ ද නියම කළේ ය. තවද සැබැවින් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
عربي تفسیرونه:
اِعْلَمُوْۤا اَنَّ اللّٰهَ شَدِیْدُ الْعِقَابِ وَاَنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟ؕ
සැබැවින් ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි බවත් සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් දැන ගනු.
عربي تفسیرونه:
مَا عَلَی الرَّسُوْلِ اِلَّا الْبَلٰغُ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا تُبْدُوْنَ وَمَا تَكْتُمُوْنَ ۟
(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද අල්ලාහ් දන්නේ ය.
عربي تفسیرونه:
قُلْ لَّا یَسْتَوِی الْخَبِیْثُ وَالطَّیِّبُ وَلَوْ اَعْجَبَكَ كَثْرَةُ الْخَبِیْثِ ۚ— فَاتَّقُوا اللّٰهَ یٰۤاُولِی الْاَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُوْنَ ۟۠
නපුරු දෑ බහුලව තිබීම නුඹව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නො වන බව (නබිවරය!) නුඹ පවසනු. එබැවින් බුද්ධිමතුනි! නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු.
عربي تفسیرونه:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَسْـَٔلُوْا عَنْ اَشْیَآءَ اِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ ۚ— وَاِنْ تَسْـَٔلُوْا عَنْهَا حِیْنَ یُنَزَّلُ الْقُرْاٰنُ تُبْدَ لَكُمْ ؕ— عَفَا اللّٰهُ عَنْهَا ؕ— وَاللّٰهُ غَفُوْرٌ حَلِیْمٌ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ඇතැම් කරුණු පිළිබඳව නුඹලා නො විමසනු. එය නුඹලාට හෙළි වූයේ නම් නුඹලාට හානිදායක වනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලබන අවස්ථාවේ නුඹලා ඒ ගැන විමසා සිටියෙහු නම් නුඹලාට එය හෙළි වනු ඇත. අල්ලාහ් ඒ ගැන නො සලකා හැරියේ ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; ඉවසිලිවන්ත ය.
عربي تفسیرونه:
قَدْ سَاَلَهَا قَوْمٌ مِّنْ قَبْلِكُمْ ثُمَّ اَصْبَحُوْا بِهَا كٰفِرِیْنَ ۟
නුඹලාට පෙර වූ ජනයා මේ ගැන විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු ප්‍රතික්ෂේප කළවුන් බවට පත් වූහ.
عربي تفسیرونه:
مَا جَعَلَ اللّٰهُ مِنْ بَحِیْرَةٍ وَّلَا سَآىِٕبَةٍ وَّلَا وَصِیْلَةٍ وَّلَا حَامٍ ۙ— وَّلٰكِنَّ الَّذِیْنَ كَفَرُوْا یَفْتَرُوْنَ عَلَی اللّٰهِ الْكَذِبَ ؕ— وَاَكْثَرُهُمْ لَا یَعْقِلُوْنَ ۟
බහීරා (හෙවත් කන් ඉරා දමන ලද ඔටු දෙන) හෝ සාඉබා (හෙවත් ස්වයංව තම ආහාරය සපයා ගන්නා ඔටු දෙන) හෝ වසීලා (හෙවත් පිළිමවලට භාර කරනු ලැබූ එළුවන්) හෝ හාමි (හෙවත් කිසිදු වැඩක් නො ලබා ම අත හැර දමන ලද පිරිමි ඔටුවන්) හෝ (ආගමික කටයුත්තක් බවට) අල්ලාහ් පත් කළේ නැත. එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ය අල්ලාහ් කෙරෙහි (මෙසේ) බොරු ගොතා පවසනුයේ. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නො ගනිති.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: مائده
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول