Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: حجر   آیت:
وَلَقَدْ جَعَلْنَا فِی السَّمَآءِ بُرُوْجًا وَّزَیَّنّٰهَا لِلنّٰظِرِیْنَ ۟ۙ
තවද සැබැවින් ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.
عربي تفسیرونه:
وَحَفِظْنٰهَا مِنْ كُلِّ شَیْطٰنٍ رَّجِیْمٍ ۟ۙ
තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන් ම අපි එය ආරක්ෂා කළෙමු.
عربي تفسیرونه:
اِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَاَتْبَعَهٗ شِهَابٌ مُّبِیْنٌ ۟
එහෙත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
عربي تفسیرونه:
وَالْاَرْضَ مَدَدْنٰهَا وَاَلْقَیْنَا فِیْهَا رَوَاسِیَ وَاَنْۢبَتْنَا فِیْهَا مِنْ كُلِّ شَیْءٍ مَّوْزُوْنٍ ۟
තවද අපි මහපොළොව දිගු හැරියෙමු. තවද එහි අපි ස්ථීර කඳු හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින් ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
عربي تفسیرونه:
وَجَعَلْنَا لَكُمْ فِیْهَا مَعَایِشَ وَمَنْ لَّسْتُمْ لَهٗ بِرٰزِقِیْنَ ۟
තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටත් ජීවන පහසුකම් ඇති කළෙමු.
عربي تفسیرونه:
وَاِنْ مِّنْ شَیْءٍ اِلَّا عِنْدَنَا خَزَآىِٕنُهٗ ؗ— وَمَا نُنَزِّلُهٗۤ اِلَّا بِقَدَرٍ مَّعْلُوْمٍ ۟
තවද කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. තවද අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නො කරන්නෙමු.
عربي تفسیرونه:
وَاَرْسَلْنَا الرِّیٰحَ لَوَاقِحَ فَاَنْزَلْنَا مِنَ السَّمَآءِ مَآءً فَاَسْقَیْنٰكُمُوْهُ ۚ— وَمَاۤ اَنْتُمْ لَهٗ بِخٰزِنِیْنَ ۟
තවද අපි සුළඟ (ජලය) උසුලන අයුරින් එවා අහසින් ජලය පහළ කොට නුඹලා එයට රැස් කරන්නන් ලෙස නො සිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.
عربي تفسیرونه:
وَاِنَّا لَنَحْنُ نُحْیٖ وَنُمِیْتُ وَنَحْنُ الْوٰرِثُوْنَ ۟
තවද නියත වශයෙන් ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අප ම ය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.
عربي تفسیرونه:
وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِیْنَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَاْخِرِیْنَ ۟
සැබැවින් ම අපි නුඹලා අතරින් පෙර ගියවුන් පිළිබඳව දනිමු. එමෙන් ම පසු පැමිණෙන්නවුන් පිළිබඳව ද අපි දනිමු.
عربي تفسیرونه:
وَاِنَّ رَبَّكَ هُوَ یَحْشُرُهُمْ ؕ— اِنَّهٗ حَكِیْمٌ عَلِیْمٌ ۟۠
තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් එක්රැස් කරනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය.
عربي تفسیرونه:
وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانَ مِنْ صَلْصَالٍ مِّنْ حَمَاٍ مَّسْنُوْنٍ ۟ۚ
තවද සැබැවින් ම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
عربي تفسیرونه:
وَالْجَآنَّ خَلَقْنٰهُ مِنْ قَبْلُ مِنْ نَّارِ السَّمُوْمِ ۟
තවද මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
عربي تفسیرونه:
وَاِذْ قَالَ رَبُّكَ لِلْمَلٰٓىِٕكَةِ اِنِّیْ خَالِقٌۢ بَشَرًا مِّنْ صَلْصَالٍ مِّنْ حَمَاٍ مَّسْنُوْنٍ ۟
තවද නියත වශයෙන් ම මම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.
عربي تفسیرونه:
فَاِذَا سَوَّیْتُهٗ وَنَفَخْتُ فِیْهِ مِنْ رُّوْحِیْ فَقَعُوْا لَهٗ سٰجِدِیْنَ ۟
පසුව මම ඔහුව විධිමත්ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි නුඹගේ පරමාධිපති පැවසී ය.)
عربي تفسیرونه:
فَسَجَدَ الْمَلٰٓىِٕكَةُ كُلُّهُمْ اَجْمَعُوْنَ ۟ۙ
එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනා ම සිරස නමා සුජූද් කළෝ ය.
عربي تفسیرونه:
اِلَّاۤ اِبْلِیْسَ ؕ— اَبٰۤی اَنْ یَّكُوْنَ مَعَ السّٰجِدِیْنَ ۟
එහෙත් ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමඟ වීමට පිටුපෑවේ ය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: حجر
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول