Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: حجر   آیت:

අල් හිජ්ර්

الٓرٰ ۫— تِلْكَ اٰیٰتُ الْكِتٰبِ وَقُرْاٰنٍ مُّبِیْنٍ ۟
අලිෆ්, ලාම්, රා.[1] එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.
[1] මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙ වන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න.
عربي تفسیرونه:
رُبَمَا یَوَدُّ الَّذِیْنَ كَفَرُوْا لَوْ كَانُوْا مُسْلِمِیْنَ ۟
(මෙලොව දී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත.
عربي تفسیرونه:
ذَرْهُمْ یَاْكُلُوْا وَیَتَمَتَّعُوْا وَیُلْهِهِمُ الْاَمَلُ فَسَوْفَ یَعْلَمُوْنَ ۟
ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන්ව වෙනතකට යොමු කරයි. තවද ඔවුහු මතු දැන ගනු ඇත.
عربي تفسیرونه:
وَمَاۤ اَهْلَكْنَا مِنْ قَرْیَةٍ اِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُوْمٌ ۟
තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නො කළෙමු.
عربي تفسیرونه:
مَا تَسْبِقُ مِنْ اُمَّةٍ اَجَلَهَا وَمَا یَسْتَاْخِرُوْنَ ۟
කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නො කරයි. තවද ඔවුහු ප්‍රමාද ද නො වෙති.
عربي تفسیرونه:
وَقَالُوْا یٰۤاَیُّهَا الَّذِیْ نُزِّلَ عَلَیْهِ الذِّكْرُ اِنَّكَ لَمَجْنُوْنٌ ۟ؕ
තවද මෙනෙහි කිරීම (අල් කුර්ආනය) කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණනි! නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.
عربي تفسیرونه:
لَوْ مَا تَاْتِیْنَا بِالْمَلٰٓىِٕكَةِ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
නුඹ සත්‍යවාදීන් අතරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නො වේ ද?
عربي تفسیرونه:
مَا نُنَزِّلُ الْمَلٰٓىِٕكَةَ اِلَّا بِالْحَقِّ وَمَا كَانُوْۤا اِذًا مُّنْظَرِیْنَ ۟
(නබිවරය!) සත්‍ය හේතුවකින් මිස මලක්වරුන් පහළ නො කරන්නෙමු. එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති.
عربي تفسیرونه:
اِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ ۟
නියත වශයෙන්ම අපමය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු.
عربي تفسیرونه:
وَلَقَدْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ فِیْ شِیَعِ الْاَوَّلِیْنَ ۟
තවද නුඹට පෙර වූ ආරම්භක පිරිස් අතරට ද සැබැවින් ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු.
عربي تفسیرونه:
وَمَا یَاْتِیْهِمْ مِّنْ رَّسُوْلٍ اِلَّا كَانُوْا بِهٖ یَسْتَهْزِءُوْنَ ۟
තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කරමින් ම සිටියහ.
عربي تفسیرونه:
كَذٰلِكَ نَسْلُكُهٗ فِیْ قُلُوْبِ الْمُجْرِمِیْنَ ۟ۙ
වැරදිකරුවන්ගේ හදවත් තුළට ද අපි එය කාවද්දනුයේ එලෙස ය.
عربي تفسیرونه:
لَا یُؤْمِنُوْنَ بِهٖ وَقَدْ خَلَتْ سُنَّةُ الْاَوَّلِیْنَ ۟
ඔවුහු එය විශ්වාස නො කරති. තවද සැබැවින් ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
عربي تفسیرونه:
وَلَوْ فَتَحْنَا عَلَیْهِمْ بَابًا مِّنَ السَّمَآءِ فَظَلُّوْا فِیْهِ یَعْرُجُوْنَ ۟ۙ
තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නො කරති.)
عربي تفسیرونه:
لَقَالُوْۤا اِنَّمَا سُكِّرَتْ اَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُوْرُوْنَ ۟۠
නියත වශයෙන් ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එමෙන් ම අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු සැබැවින් ම පැවසූහ.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: حجر
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول