Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ഖലം   ആയത്ത്:

අල් කලම්

സൂറത്തിൻ്റെ അവതരണ ലക്ഷ്യങ്ങളിൽ പെട്ടതാണ്:
شهادة الله للنبي بحسن الخُلق، والدفاع عنه وتثبيته.
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට යහපත් ගතිගුණ ඇති බව අල්ලාහ් සාක්ෂි දැරීම, එතුමාණන්ව ආරක්ෂා කිරීම හා එතුමාණන්ව ස්ථාවරත්වයට පත් කිරීම.

نٓ وَالْقَلَمِ وَمَا یَسْطُرُوْنَ ۟ۙ
‘නූන්’ සූරා අල් බකරා ආරම්භයෙහි මේ පිළිබඳ දැක්ම සඳහන් කොට ඇත. අල්ලාහ් පෑන මත දිවුරා සිටියි. එමෙන්ම මිනිසුන් ඔවුන්ගේ පෑනෙන් ලියන දෑ මත ද දිවුරා සිටියි.
അറബി തഫ്സീറുകൾ:
مَاۤ اَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُوْنٍ ۟ۚ
අහෝ දූතය, ඔබ වෙත අල්ලාහ් ආශිර්වාද කළ දූත මෙහෙවර හේතුවෙන් ඔබ උම්මතකයෙකු නොවේ. ආදේශ තබන්නන් පවසන අයුරින් ඔබ උම්මත්තභාවයෙන් නිදෝස් අයෙකි.
അറബി തഫ്സീറുകൾ:
وَاِنَّ لَكَ لَاَجْرًا غَیْرَ مَمْنُوْنٍ ۟ۚ
සැබැවින්ම නුඹ දූත මෙහෙවර උසුලා මිනිසුන් වෙත ගෙන යන බැවින් නුඹට අඛණ්ඩ කුසල් ඇත. නුඹ කෙරෙහි (පමණක් මිස වෙනත්) කිසිවෙකුට (එවන්) පිරිනැමීමක් නැත.
അറബി തഫ്സീറുകൾ:
وَاِنَّكَ لَعَلٰی خُلُقٍ عَظِیْمٍ ۟
සැබැවින්ම ඔබ අල් කුර්ආනය ගෙන දුන් මහඟු ගතිගුණ මත වන්නෙහිය. එහි ඇති දෑ අනුව ඔබ පූර්ණ ලෙස හැඩ ගැසී ඇත්තෙහිය.
അറബി തഫ്സീറുകൾ:
فَسَتُبْصِرُ وَیُبْصِرُوْنَ ۟ۙ
ඔබ මතු දකිනු ඇත. එමෙන්ම එම බොරුකාරයින් ද දකිනු ඇත.
അറബി തഫ്സീറുകൾ:
بِاَیِّىكُمُ الْمَفْتُوْنُ ۟
සත්යය හෙළි වන අවස්ථාවේ උමතුවෙන් සිටියේ කවුරුන් දැ?යි පැහැදිළි වනු ඇත.
അറബി തഫ്സീറുകൾ:
اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ ۪— وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟
අහෝ දූතය, සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ මාර්ගයෙන් හැරුණේ කවුදැයි ඔහු දනියි. ඒ වෙත මඟ ලැබූවන් පිළිබඳවත් මැනවින් දනියි. එහෙයින් සැබැවින්ම ඔවුන් එයින් නොමග ගියවුන් බවත් සැබැවින්ම ඔබ ඒ වෙත මග පෙන්වනු ලැබූ බවත් ඔහු දනී.
അറബി തഫ്സീറുകൾ:
فَلَا تُطِعِ الْمُكَذِّبِیْنَ ۟
එහෙයින් අහෝ දූතය, නුඹ ගෙන ආ දෑ බොරු යැයි පවසන්නන්හට නුඹ අවනත නොවනු.
അറബി തഫ്സീറുകൾ:
وَدُّوْا لَوْ تُدْهِنُ فَیُدْهِنُوْنَ ۟
දහම පිළිබඳ සැලකිලිමත්වීමේදී නුඹ ඔවුනට ලිහිල් කළෙහි නම් හෝ නම්යශීලී වූයෙහි නම්, ඔවුහු ද නුඹට ලිහිල් කරන්නටත් නම්යශීලී භාවය දක්වන්නටත් ප්රිය කරති.
അറബി തഫ്സീറുകൾ:
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِیْنٍ ۟ۙ
ව්යාජ ලෙස අධික ව දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම ඔබ අවනත නොවනු.
അറബി തഫ്സീറുകൾ:
هَمَّازٍ مَّشَّآءٍ بِنَمِیْمٍ ۟ۙ
ජනයාට අධික ලෙස දොස් නගන්නෙකි. ඔවුන් අතර බෙදුම් ඇති කිරීම සඳහා අධික ලෙස කේළාම් කියමින් සැරිසරන්නෙකි.
അറബി തഫ്സീറുകൾ:
مَّنَّاعٍ لِّلْخَیْرِ مُعْتَدٍ اَثِیْمٍ ۟ۙ
අධික ලෙස යහපත වළක්වන්නෙකි. තම ධනය, තම වස්තුව හා තම ජීවිත සම්බන්ධයෙන් සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. අධික ලෙස පාපකම් හා වැරදි සිදු කරන්නෙකි.
അറബി തഫ്സീറുകൾ:
عُتُلٍّۢ بَعْدَ ذٰلِكَ زَنِیْمٍ ۟ۙ
දැඩි මතධාරී වේළුණු සිතක් ඇත්තෙකි. ඔහුගේ සමාජයේ කිට්ටු ආශ්රයක් ඇත්තෙකු ලෙස කැඳවනු ලැබූවෙකි.
അറബി തഫ്സീറുകൾ:
اَنْ كَانَ ذَا مَالٍ وَّبَنِیْنَ ۟ؕ
සැබැවින්ම ඔහු ධනය හා දරුවන් සහිත පුත්ගලයකු වූ බැවිනි. ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම සම්බන්ධයෙන් අහංකාරයෙකු විය.
അറബി തഫ്സീറുകൾ:
اِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا قَالَ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟
ඔහු වෙත අපගේ වදන් පාරායනය කරනු ලබන විට ඔහු: ‘මුල්කාලීනයන් ගෙතූ පේළි කිහිපයකි’ යැයි පවසයි.
അറബി തഫ്സീറുകൾ:
سَنَسِمُهٗ عَلَی الْخُرْطُوْمِ ۟
ඔහුගේ නාසය මත අපහාසාත්කම හා නොමැකෙන සළකුණක් තබන්නෙමු.
അറബി തഫ്സീറുകൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• اتصاف الرسول صلى الله عليه وسلم بأخلاق القرآن.
•දූතයාණන් අල් කුර්ආනයේ ගතිගුණවලින් සපිරුණු අයකු බව විස්තර කිරීම.

• صفات الكفار صفات ذميمة يجب على المؤمن الابتعاد عنها، وعن طاعة أهلها.
•දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග, ඉතා පහත් නින්දනීය ගුණාංග වේ. එහෙයින් දේව විශ්වාසීන් එයින් දුරස්ව වීම හා ඊට අදාළ පුද්ගලයින්ට අවනත වීමෙන් දුරස්වීම අනිවාර්යය වේ.

• من أكثر الحلف هان على الرحمن، ونزلت مرتبته عند الناس.
•අධික ලෙස දිවුරා සිටින්නා රහ්මාන් වන මහා කාරුණිකයාණන්හට අපහාස කළේය. ජනයා ඉදිරියේ ඔහුගේ නිලය විස්තර කරමින් කරුණු පහළ වී ඇත.

 
പരിഭാഷ അദ്ധ്യായം: ഖലം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അവസാനിപ്പിക്കുക