Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አል ቀለም   አንቀጽ:

අල් කලම්

ከመዕራፉ ዓላማዎች:
شهادة الله للنبي بحسن الخُلق، والدفاع عنه وتثبيته.
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට යහපත් ගතිගුණ ඇති බව අල්ලාහ් සාක්ෂි දැරීම, එතුමාණන්ව ආරක්ෂා කිරීම හා එතුමාණන්ව ස්ථාවරත්වයට පත් කිරීම.

نٓ وَالْقَلَمِ وَمَا یَسْطُرُوْنَ ۟ۙ
‘නූන්’ සූරා අල් බකරා ආරම්භයෙහි මේ පිළිබඳ දැක්ම සඳහන් කොට ඇත. අල්ලාහ් පෑන මත දිවුරා සිටියි. එමෙන්ම මිනිසුන් ඔවුන්ගේ පෑනෙන් ලියන දෑ මත ද දිවුරා සිටියි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَاۤ اَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُوْنٍ ۟ۚ
අහෝ දූතය, ඔබ වෙත අල්ලාහ් ආශිර්වාද කළ දූත මෙහෙවර හේතුවෙන් ඔබ උම්මතකයෙකු නොවේ. ආදේශ තබන්නන් පවසන අයුරින් ඔබ උම්මත්තභාවයෙන් නිදෝස් අයෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ لَكَ لَاَجْرًا غَیْرَ مَمْنُوْنٍ ۟ۚ
සැබැවින්ම නුඹ දූත මෙහෙවර උසුලා මිනිසුන් වෙත ගෙන යන බැවින් නුඹට අඛණ්ඩ කුසල් ඇත. නුඹ කෙරෙහි (පමණක් මිස වෙනත්) කිසිවෙකුට (එවන්) පිරිනැමීමක් නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّكَ لَعَلٰی خُلُقٍ عَظِیْمٍ ۟
සැබැවින්ම ඔබ අල් කුර්ආනය ගෙන දුන් මහඟු ගතිගුණ මත වන්නෙහිය. එහි ඇති දෑ අනුව ඔබ පූර්ණ ලෙස හැඩ ගැසී ඇත්තෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسَتُبْصِرُ وَیُبْصِرُوْنَ ۟ۙ
ඔබ මතු දකිනු ඇත. එමෙන්ම එම බොරුකාරයින් ද දකිනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
بِاَیِّىكُمُ الْمَفْتُوْنُ ۟
සත්යය හෙළි වන අවස්ථාවේ උමතුවෙන් සිටියේ කවුරුන් දැ?යි පැහැදිළි වනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ ۪— وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟
අහෝ දූතය, සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ මාර්ගයෙන් හැරුණේ කවුදැයි ඔහු දනියි. ඒ වෙත මඟ ලැබූවන් පිළිබඳවත් මැනවින් දනියි. එහෙයින් සැබැවින්ම ඔවුන් එයින් නොමග ගියවුන් බවත් සැබැවින්ම ඔබ ඒ වෙත මග පෙන්වනු ලැබූ බවත් ඔහු දනී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَا تُطِعِ الْمُكَذِّبِیْنَ ۟
එහෙයින් අහෝ දූතය, නුඹ ගෙන ආ දෑ බොරු යැයි පවසන්නන්හට නුඹ අවනත නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَدُّوْا لَوْ تُدْهِنُ فَیُدْهِنُوْنَ ۟
දහම පිළිබඳ සැලකිලිමත්වීමේදී නුඹ ඔවුනට ලිහිල් කළෙහි නම් හෝ නම්යශීලී වූයෙහි නම්, ඔවුහු ද නුඹට ලිහිල් කරන්නටත් නම්යශීලී භාවය දක්වන්නටත් ප්රිය කරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِیْنٍ ۟ۙ
ව්යාජ ලෙස අධික ව දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම ඔබ අවනත නොවනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
هَمَّازٍ مَّشَّآءٍ بِنَمِیْمٍ ۟ۙ
ජනයාට අධික ලෙස දොස් නගන්නෙකි. ඔවුන් අතර බෙදුම් ඇති කිරීම සඳහා අධික ලෙස කේළාම් කියමින් සැරිසරන්නෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَّنَّاعٍ لِّلْخَیْرِ مُعْتَدٍ اَثِیْمٍ ۟ۙ
අධික ලෙස යහපත වළක්වන්නෙකි. තම ධනය, තම වස්තුව හා තම ජීවිත සම්බන්ධයෙන් සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. අධික ලෙස පාපකම් හා වැරදි සිදු කරන්නෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
عُتُلٍّۢ بَعْدَ ذٰلِكَ زَنِیْمٍ ۟ۙ
දැඩි මතධාරී වේළුණු සිතක් ඇත්තෙකි. ඔහුගේ සමාජයේ කිට්ටු ආශ්රයක් ඇත්තෙකු ලෙස කැඳවනු ලැබූවෙකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَنْ كَانَ ذَا مَالٍ وَّبَنِیْنَ ۟ؕ
සැබැවින්ම ඔහු ධනය හා දරුවන් සහිත පුත්ගලයකු වූ බැවිනි. ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම සම්බන්ධයෙන් අහංකාරයෙකු විය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا قَالَ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟
ඔහු වෙත අපගේ වදන් පාරායනය කරනු ලබන විට ඔහු: ‘මුල්කාලීනයන් ගෙතූ පේළි කිහිපයකි’ යැයි පවසයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَنَسِمُهٗ عَلَی الْخُرْطُوْمِ ۟
ඔහුගේ නාසය මත අපහාසාත්කම හා නොමැකෙන සළකුණක් තබන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• اتصاف الرسول صلى الله عليه وسلم بأخلاق القرآن.
•දූතයාණන් අල් කුර්ආනයේ ගතිගුණවලින් සපිරුණු අයකු බව විස්තර කිරීම.

• صفات الكفار صفات ذميمة يجب على المؤمن الابتعاد عنها، وعن طاعة أهلها.
•දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග, ඉතා පහත් නින්දනීය ගුණාංග වේ. එහෙයින් දේව විශ්වාසීන් එයින් දුරස්ව වීම හා ඊට අදාළ පුද්ගලයින්ට අවනත වීමෙන් දුරස්වීම අනිවාර්යය වේ.

• من أكثر الحلف هان على الرحمن، ونزلت مرتبته عند الناس.
•අධික ලෙස දිවුරා සිටින්නා රහ්මාන් වන මහා කාරුණිකයාණන්හට අපහාස කළේය. ජනයා ඉදිරියේ ඔහුගේ නිලය විස්තර කරමින් කරුණු පහළ වී ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አል ቀለም
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት