Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ന്നംല്   ആയത്ത്:
وَاِنَّهٗ لَهُدًی وَّرَحْمَةٌ لِّلْمُؤْمِنِیْنَ ۟
තවද නියත වශයෙන් ම (අල් කුර්ආනය වන) මෙය මග පෙන්වීමකි. දේවත්වය විශ්වාස කරන්නන්හට දයාවකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ رَبَّكَ یَقْضِیْ بَیْنَهُمْ بِحُكْمِهٖ ۚ— وَهُوَ الْعَزِیْزُ الْعَلِیْمُ ۟ۚ
නියත වශයෙන් ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහු මය සර්ව ඥානී සර්ව බලධාරී.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَتَوَكَّلْ عَلَی اللّٰهِ ؕ— اِنَّكَ عَلَی الْحَقِّ الْمُبِیْنِ ۟
එහෙයින් ඔබ අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන් ම ඔබ පැහැදිලි සත්‍ය මත සිටින්නෙහි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّكَ لَا تُسْمِعُ الْمَوْتٰی وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَآءَ اِذَا وَلَّوْا مُدْبِرِیْنَ ۟
නියත වශයෙන් ම නුඹට මළවුන්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැකි ය. තවද බිහිරන්ට ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය ද නොහැකි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَمَاۤ اَنْتَ بِهٰدِی الْعُمْیِ عَنْ ضَلٰلَتِهِمْ ؕ— اِنْ تُسْمِعُ اِلَّا مَنْ یُّؤْمِنُ بِاٰیٰتِنَا فَهُمْ مُّسْلِمُوْنَ ۟
තවද අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. නුඹට සවන් වැකෙන්නට සැළැස්විය හැක්කේ අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් ලෙස සිටියවුන්ට පමණි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِذَا وَقَعَ الْقَوْلُ عَلَیْهِمْ اَخْرَجْنَا لَهُمْ دَآبَّةً مِّنَ الْاَرْضِ تُكَلِّمُهُمْ ۙ— اَنَّ النَّاسَ كَانُوْا بِاٰیٰتِنَا لَا یُوْقِنُوْنَ ۟۠
තවද ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ විට ‘නියත වශයෙන් ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නො කරමින් සිටියහ’ යැයි ඔවුන් සමඟ කතා කරන සත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَیَوْمَ نَحْشُرُ مِنْ كُلِّ اُمَّةٍ فَوْجًا مِّمَّنْ یُّكَذِّبُ بِاٰیٰتِنَا فَهُمْ یُوْزَعُوْنَ ۟
තවද සෑම සමූහයකින් ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනයේ ඔවුහු පෙළ ගස්වා තබනු ලබති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
حَتّٰۤی اِذَا جَآءُوْ قَالَ اَكَذَّبْتُمْ بِاٰیٰتِیْ وَلَمْ تُحِیْطُوْا بِهَا عِلْمًا اَمَّاذَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නො තිබිය දී නුඹලා එය බොරු කළෙහු ද? එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක් දැ? යි ඔහු විමසයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَوَقَعَ الْقَوْلُ عَلَیْهِمْ بِمَا ظَلَمُوْا فَهُمْ لَا یَنْطِقُوْنَ ۟
තවද ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය නියම වනු ඇත. එවිට ඔවුහු (කිසිවක්) කතා නො කරති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَلَمْ یَرَوْا اَنَّا جَعَلْنَا الَّیْلَ لِیَسْكُنُوْا فِیْهِ وَالنَّهَارَ مُبْصِرًا ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රිය හා පෙනෙන්නක් ලෙස දහවල නියත වශයෙන් ම අපි ඇති කළ බව ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම එහි දේවත්වය විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَیَوْمَ یُنْفَخُ فِی الصُّوْرِ فَفَزِعَ مَنْ فِی السَّمٰوٰتِ وَمَنْ فِی الْاَرْضِ اِلَّا مَنْ شَآءَ اللّٰهُ ؕ— وَكُلٌّ اَتَوْهُ دٰخِرِیْنَ ۟
තවද හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත යටහත් වන්නන් ලෙසින් පැමිණෙනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَتَرَی الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَّهِیَ تَمُرُّ مَرَّ السَّحَابِ ؕ— صُنْعَ اللّٰهِ الَّذِیْۤ اَتْقَنَ كُلَّ شَیْءٍ ؕ— اِنَّهٗ خَبِیْرٌ بِمَا تَفْعَلُوْنَ ۟
තවද ඔබ ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහි ය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකට ම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන් ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ന്നംല്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക