Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ന്നംല്   ആയത്ത്:
فَلَمَّا جَآءَ سُلَیْمٰنَ قَالَ اَتُمِدُّوْنَنِ بِمَالٍ ؗ— فَمَاۤ اٰتٰىنِ اللّٰهُ خَیْرٌ مِّمَّاۤ اٰتٰىكُمْ ۚ— بَلْ اَنْتُمْ بِهَدِیَّتِكُمْ تَفْرَحُوْنَ ۟
එවිට සුලෙයිමාන් වෙත ඔහු (දූතයා) පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම් ය. එහෙත් නුඹලා නුඹලාගේ ත්‍යාග පිළිබඳව සතුටු වන්නෙහුය යැයි (සුලෙයිමාන්) පැවසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِرْجِعْ اِلَیْهِمْ فَلَنَاْتِیَنَّهُمْ بِجُنُوْدٍ لَّا قِبَلَ لَهُمْ بِهَا وَلَنُخْرِجَنَّهُمْ مِّنْهَاۤ اَذِلَّةً وَّهُمْ صٰغِرُوْنَ ۟
නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින් ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට පත් කරමින් පහත් වූවන් ලෙසින් අපි ඔවුන් එයින් පිටුවහල් කරන්නෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ یٰۤاَیُّهَا الْمَلَؤُا اَیُّكُمْ یَاْتِیْنِیْ بِعَرْشِهَا قَبْلَ اَنْ یَّاْتُوْنِیْ مُسْلِمِیْنَ ۟
අහෝ ප්‍රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැ? යි ඔහු (සුලෙයිමාන්) විමසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ عِفْرِیْتٌ مِّنَ الْجِنِّ اَنَا اٰتِیْكَ بِهٖ قَبْلَ اَنْ تَقُوْمَ مِنْ مَّقَامِكَ ۚ— وَاِنِّیْ عَلَیْهِ لَقَوِیٌّ اَمِیْنٌ ۟
ඔබේ ස්ථානයෙන් ඔබ නැගිට සිටීමට පෙර මම එය ඔබ වෙත ගෙන එන්නෙමි. තවද නියත වශයෙන් ම මම ඒ වෙත ශක්තිය ඇති විශ්වාසනීය අයෙකි යැයි ජින් වර්ගයා අතරින් බලවතෙක් පැවසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ الَّذِیْ عِنْدَهٗ عِلْمٌ مِّنَ الْكِتٰبِ اَنَا اٰتِیْكَ بِهٖ قَبْلَ اَنْ یَّرْتَدَّ اِلَیْكَ طَرْفُكَ ؕ— فَلَمَّا رَاٰهُ مُسْتَقِرًّا عِنْدَهٗ قَالَ هٰذَا مِنْ فَضْلِ رَبِّیْ ۫— لِیَبْلُوَنِیْۤ ءَاَشْكُرُ اَمْ اَكْفُرُ ؕ— وَمَنْ شَكَرَ فَاِنَّمَا یَشْكُرُ لِنَفْسِهٖ ۚ— وَمَنْ كَفَرَ فَاِنَّ رَبِّیْ غَنِیٌّ كَرِیْمٌ ۟
ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසී ය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි "මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැ? යි මා පරීක්ෂා කරනු පිණිස, මෙය මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්‍යයකි" යැයි (සුලෙයිමාන්) පැවසී ය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන් ම ය. තවද කවරෙකු ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන් ම මාගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූ උපකාරශීලී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالَ نَكِّرُوْا لَهَا عَرْشَهَا نَنْظُرْ اَتَهْتَدِیْۤ اَمْ تَكُوْنُ مِنَ الَّذِیْنَ لَا یَهْتَدُوْنَ ۟
ඇයගේ රාජාසනය ඇයට හඳුනා ගත නොහැකි බවට නුඹලා පත් කරනු. ඇය ඒ ගැන නිවැරදිව හඳුනා ගන්නී ද එසේ නැතහොත් හඳුනා නො ගන්නවුන් අතරින් වන්නී දැ? යි අපි බලමු යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَلَمَّا جَآءَتْ قِیْلَ اَهٰكَذَا عَرْشُكِ ؕ— قَالَتْ كَاَنَّهٗ هُوَ ۚ— وَاُوْتِیْنَا الْعِلْمَ مِنْ قَبْلِهَا وَكُنَّا مُسْلِمِیْنَ ۟
පසුව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැ? යි විමසනු ලැබී ය. ඇය නියත වශයෙන් ම මෙය එය වගේ මය යැයි (රැජිණ) පැවසුවා ය. තවද ඇයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් වූයෙමු (යැයි සුලෙයිමාන් පැවසීය).
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَصَدَّهَا مَا كَانَتْ تَّعْبُدُ مِنْ دُوْنِ اللّٰهِ ؕ— اِنَّهَا كَانَتْ مِنْ قَوْمٍ كٰفِرِیْنَ ۟
අල්ලාහ් හැර දමා ඇය නමදිමින් සිටි දෑ ඇයව වැළැක් වීය. නියත වශයෙන් ම ඇය දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයා අතරින් කෙනෙකු විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قِیْلَ لَهَا ادْخُلِی الصَّرْحَ ۚ— فَلَمَّا رَاَتْهُ حَسِبَتْهُ لُجَّةً وَّكَشَفَتْ عَنْ سَاقَیْهَا ؕ— قَالَ اِنَّهٗ صَرْحٌ مُّمَرَّدٌ مِّنْ قَوَارِیْرَ ؕ۬— قَالَتْ رَبِّ اِنِّیْ ظَلَمْتُ نَفْسِیْ وَاَسْلَمْتُ مَعَ سُلَیْمٰنَ لِلّٰهِ رَبِّ الْعٰلَمِیْنَ ۟۠
ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබී ය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවා ය. ඇය ඇයගේ වස්ත්‍රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තා ය. නියත වශයෙන් ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු (සුලෙයිමාන්) පැවසී ය. මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමඟ සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවා ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ന്നംല്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക