Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់មូតហ្វហ្វុីហ្វុីន   វាក្យខណ្ឌ:
لِیَوْمٍ عَظِیْمٍ ۟ۙ
ව්යසනවලින් හා බියෙන් පිරුණු ඒ මහත් වූ දිනයේදී විනිශ්චය හා ප්රතිඵල දෙනු පිණිසය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یَّوْمَ یَقُوْمُ النَّاسُ لِرَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
එය සියලු මැවීම් පරමාධිපති ඉදිරියේ විනිශ්චය සඳහා නැගිට සිටිනු ලබන දිනයකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَلَّاۤ اِنَّ كِتٰبَ الْفُجَّارِ لَفِیْ سِجِّیْنٍ ۟ؕ
මරණයෙන් පසු යළි අවදිකිරීමක් නැතැයි ඔබ රෑපණය කර ගන්නාක් මෙන් එය නැත. දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් අතර සිටි පාපිෂ්ඨයින්ගේ වාර්තාව පොළොවේ පහළටම බැස තිබේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمَاۤ اَدْرٰىكَ مَا سِجِّیْنٌ ۟ؕ
අහෝ දූතය! සිජ්ජීන් යනු කුමක්දැයි ඔබට විස්තර කළේ කුමක්ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كِتٰبٌ مَّرْقُوْمٌ ۟ؕ
සැබැවින්ම ඔවුන්ගේ වාර්තා ලියමින්ම පවතී. එහි කිසිදු අඩු වැඩි කිරීමක් සිදු නොවේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟ۙ
එදින බොරු කරන්නන්හට මහත් වූ විනාශයක් අත්වනු ඇත. එය මහත් වූ පාඩුවකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
الَّذِیْنَ یُكَذِّبُوْنَ بِیَوْمِ الدِّیْنِ ۟ؕ
අල්ලාහ් තම ගැත්තන්හට ඔවුන් මෙලොවෙහි සිදු කළ දේවල් සඳහා මතුලොවෙහි ප්රතිඵල දෙන දිනය ප්රතික්ෂේප කරමින් සිටිය අය මොවුන් වෙති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمَا یُكَذِّبُ بِهٖۤ اِلَّا كُلُّ مُعْتَدٍ اَثِیْمٍ ۟ۙ
අධික ලෙස අකුසල් සිදු කරන, අල්ලාහ්ගේ සීමාවන් උල්ලංඝනය කරමින් කටයුතු කරන අය මිස වෙන කිසිවකු එම දිනය බොරුවක් යැයි පවසන්නේ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا قَالَ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟ؕ
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් ඔහු ඉදිරියේ පාරායනය කරනු ලබන විට "මෙය මුතුන් මිත්තන්ගේ කතාය. මෙය අල්ලාහ්ගෙන් වූවක් නොවේ" යැයි ඇතැමුන් පවසයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَلَّا بَلْ ٚ— رَانَ عَلٰی قُلُوْبِهِمْ مَّا كَانُوْا یَكْسِبُوْنَ ۟
එය මෙම බොරුකාරයින් සිතන පරිදි නොවේ. ඔවුන්ගේ බුද්ධිය ඉහවහා ගොස් ඇත. ඔවුන් උපයාගත් පාපය හේතුවෙන් එය ආවරණය වී ඇත. ඔවුන්ගේ සිත් තුළින් සත්යය නොදකිති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَلَّاۤ اِنَّهُمْ عَنْ رَّبِّهِمْ یَوْمَىِٕذٍ لَّمَحْجُوْبُوْنَ ۟ؕ
නියත වශයෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන්ගේ පරමාධිපතියාණන් දැකීමෙන් ඔවුන්ව වළක්වනු ලබනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ثُمَّ اِنَّهُمْ لَصَالُوا الْجَحِیْمِ ۟ؕ
අනතුරුව සැබැවින්ම ඔවුන් නිරයට පිවිස, එහි නිරා ගින්නේ උණුසුම විඳිනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ثُمَّ یُقَالُ هٰذَا الَّذِیْ كُنْتُمْ بِهٖ تُكَذِّبُوْنَ ۟ؕ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔවුන් හෑල්ලුවට ලක් කරමින්, “නුඹලා මේ විඳින දඩුවම, මෙලොවෙහි නුඹලාගේ දහම් දූතයාණන් නුඹලාට කවර කරුණක් දන්වා සිටියේද එය බොරුකරමින් සිටි හේතුව නිසාවෙනි“යැයි පවසනු ලැබේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَلَّاۤ اِنَّ كِتٰبَ الْاَبْرَارِ لَفِیْ عِلِّیِّیْنَ ۟ؕ
එය සැබැවින්ම විනිශ්චයක් නැත. තිළිණ පිරිනැමීමක් නැත යැයි ඔවුන් සිතන පරිද්දෙන් නොව. සැබැවින්ම දෙවියන්ට අවනත වූවෝ ඉල්ලීය්යීන්හි වෙති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمَاۤ اَدْرٰىكَ مَا عِلِّیُّوْنَ ۟ؕ
අහෝ දූතය! ඉල්ලීය්යීන් කුමක්දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كِتٰبٌ مَّرْقُوْمٌ ۟ۙ
සැබැවින්ම ඔවුන්ගේ වාර්තා පොත ලියමින්ම පවතී. එහි කිසිදු අඩු වැඩි කිරීමක් සිදු නොවේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یَّشْهَدُهُ الْمُقَرَّبُوْنَ ۟ؕ
සෑම අහසකටම සමීපව සිටින මලක්වරුන් එම වාර්තාව ඉදිරිපත් කරනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ الْاَبْرَارَ لَفِیْ نَعِیْمٍ ۟ۙ
දෙවියන්ට අධික ලෙස අවනත වන්නෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සදාතනික සැපයෙහි වෙති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
عَلَی الْاَرَآىِٕكِ یَنْظُرُوْنَ ۟ۙ
අලංකාර කරන ලද කවිච්චි මතට වී ඔවුන්ගේ පරමාධිපති දෙස ද ඔවුන් කරන, ඔවුන් සතුටු වන සෑම දෙයක් දෙස ද බලමින් සිටිති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
تَعْرِفُ فِیْ وُجُوْهِهِمْ نَضْرَةَ النَّعِیْمِ ۟ۚ
ඔබ ඔවුන් දුටුවේ නම් ඔවුන් විඳින සැපතෙහි අලංකාරය හා සතුට ඔවුන්ගේ මුහුණුවලින් දකිනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یُسْقَوْنَ مِنْ رَّحِیْقٍ مَّخْتُوْمٍ ۟ۙ
කට මුද්රා තැබූ අමෘත භාජන වලින් ඔවුනට මධු පොවනු ලැබේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
خِتٰمُهٗ مِسْكٌ ؕ— وَفِیْ ذٰلِكَ فَلْیَتَنَافَسِ الْمُتَنٰفِسُوْنَ ۟ؕ
ඉන් කස්තූරි සුවද අවසානය දක්වාම හමනු ඇත. මෙම ගෞරවනීය තිළිණය වෙනුවෙන් අල්ලාහ්ගේ තෘප්තිය ලබා ගත හැති ක්රියාවන් සිදු කිරීම මඟිින් හා ඔහු කෝපයට පත් වන දෑ අත් හැරීම මඟින් තරඟ වදින්නෝ තරඟ කරත්වා.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمِزَاجُهٗ مِنْ تَسْنِیْمٍ ۟ۙ
මෙම මුද්රා කරනු ලැබූ පානය තස්නීම් නම් උල්පතකින් එන පානයකින් මිශ්රව පවතී.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
عَیْنًا یَّشْرَبُ بِهَا الْمُقَرَّبُوْنَ ۟ؕ
එය ස්වර්ගයේ උසස් ස්ථානයේ පිහිටි උල්පතකි. පිරිසිදු මිහිරි පානයක් වන මෙයින් දේව සමීපතයෝ පානය කරන්නාහුය. එමෙන්ම ඒ සමඟ වෙනත් දෑ ද මිශ්ර කොට සෙසු දේව විශ්වාසීන් පානය කරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ الَّذِیْنَ اَجْرَمُوْا كَانُوْا مِنَ الَّذِیْنَ اٰمَنُوْا یَضْحَكُوْنَ ۟ؗۖ
දෙවියන් ප්රතික්ෂේප කරමින් අපරාධ කළවුන් වනාහි ඔවුහු දෙවියන් විශ්වාස කළවුන් දෙස බලා ඔවුන් හෑල්ලුවට ලක් කරමින් සිනාසෙමින් සිටියහ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِذَا مَرُّوْا بِهِمْ یَتَغَامَزُوْنَ ۟ؗۖ
දෙවියන් විශ්වාස කළවුන් පසුකර යන විට ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස ඇස් කොණින් බලා සමච්චලයට සිනාසුණහ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِذَا انْقَلَبُوْۤا اِلٰۤی اَهْلِهِمُ انْقَلَبُوْا فَكِهِیْنَ ۟ؗۖ
ඔවුහු තම නිවෙස් වෙත බලා යන විට ඔවුන් කළ දේව ප්රතික්ෂේපය, දෙවියන් විශ්වාස කළවුනට කළ සරදම ගැන සතුටුවෙමින් හැරී ගියහ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِذَا رَاَوْهُمْ قَالُوْۤا اِنَّ هٰۤؤُلَآءِ لَضَآلُّوْنَ ۟ۙ
ඔවුහු මුස්ලිම්වරු දුටු විට "මොවුහු ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දහම අතහැර දැමීමෙන් ඔවුහු නිවැරදි මාර්ගයෙන් මුළා වී ඇත්තෝය." යැයි පවසන්නාහුය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمَاۤ اُرْسِلُوْا عَلَیْهِمْ حٰفِظِیْنَ ۟ؕ
මෙවන් ප්රකාශයක් කරන තරමට මොවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කිරීම සඳහා අල්ලාහ් ඔවුනට කිසිවක් පවරා සිටියේ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• خطر الذنوب على القلوب.
• සිත් තුළ පවතින වැරදි.

• حرمان الكفار من رؤية ربهم يوم القيامة.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම පරමාධිපති දැකීමෙන් වළක්වනු ලැබීම.

• السخرية من أهل الدين صفة من صفات الكفار.
• ආගමානුකූලව ජීවත් වන්නන් සරදමට ලක් කිරීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់មូតហ្វហ្វុីហ្វុីន
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ