Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាន់ណាហ្សុីអាត   វាក្យខណ្ឌ:

අන් නාසිආත්

គោល​បំណងនៃជំពូក:
التذكير بالله واليوم الآخر.
අවසන් දිනය සහ අල්ලාහ් පිළිබඳ සිහි කැඳවීම.

وَالنّٰزِعٰتِ غَرْقًا ۟ۙ
කෲර හා දැඩි ලෙස දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටියවුන්ගේ ප්රාණ ගලවා ගන්නා මලක්වරුන් හෙවත් දේව මෙහෙකරුවන් මත අල්ලාහ් දිවුරා පවසයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّالنّٰشِطٰتِ نَشْطًا ۟ۙ
දෙවියන් මත විශ්වාසය තැබූවන්ගේ ප්රාණ පහසුවෙන් හා සැහැල්ලුවෙන් ශරීරයෙන් මුදා හරින මලක්වරුන් හෙවත් දේව මෙහෙකරුවන් මත ද අල්ලාහ් දිවුරා පවසයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّالسّٰبِحٰتِ سَبْحًا ۟ۙ
අහසේ සිට මිහිතලයට අල්ලාහ්ගේ නියෝග රැගෙන පාවෙමින් පැමිණෙන මලක්වරුන් මත අල්ලාහ් දිවුරා පවසයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَالسّٰبِقٰتِ سَبْقًا ۟ۙ
අල්ලාහ්ගේ නියෝගය ඉටු කිරීමෙහිලා ඇතැමුන් පසුකරමින් තරඟ වැද ඉදිරියට යන මලක්වරුන් මත දිවුරා පවසයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَالْمُدَبِّرٰتِ اَمْرًا ۟ۘ
දේව ගැත්තන්ගේ කටයුතු සඳහා භාරකාරත්වය පිරිනැමූ මලක්වරුන් මෙන්, තම කටයුතු ඉටු කිරීම සඳහා අල්ලාහ් ඔවුන් හට නියෝග කළ කරුණු ක්රියාත්මක කරන මලක්වරුන් මත ද අල්ලාහ් දිවුරා ඇත. සැබැවින්ම ඔවුන් විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා නැවත නැගිටුවනු ලබන බව මෙම දිවුරුම් හරහා තරයේ පවසා සිටින්නේය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ ۟ۙ
පළමුවරට හොරණෑව පිඹිනු ලබන විට මහපොළොව කම්පනය වෙයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
تَتْبَعُهَا الرَّادِفَةُ ۟ؕ
ඒ සමඟම ඊට පසු ව දෙවන පිඹුමද ක්රියාත්මක වෙයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قُلُوْبٌ یَّوْمَىِٕذٍ وَّاجِفَةٌ ۟ۙ
එදින දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ හා පාපතර කලහකාරීන්ගේ හදවත් බියෙන් පසුවෙයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَبْصَارُهَا خَاشِعَةٌ ۟ۘ
අවමානයේ සලකුණු ඔවුන්ගේ බැල්ම තුළින් හෙළි වේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یَقُوْلُوْنَ ءَاِنَّا لَمَرْدُوْدُوْنَ فِی الْحَافِرَةِ ۟ؕ
අප මිය ගිය පසු නැවත ජීවිතයක් ලබන්නෙමු දැයි ඔවුන් විමසමින් සිටිනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ءَاِذَا كُنَّا عِظَامًا نَّخِرَةً ۟ؕ
අපගේ අස්ථි දිරා ගොස් ශූන්ය වූ පසු නැවත අපි නැගිටුවනු ලබන්නෙමු ද?!
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قَالُوْا تِلْكَ اِذًا كَرَّةٌ خَاسِرَةٌ ۟ۘ
"අපි එසේ යළි නැගිටුවනු ලබන්නේ නම් එය ඉමහත් පාඩුවකි. මහා අපරාධයකි" යැයි ඔවුන් පවසා සිටිනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاِنَّمَا هِیَ زَجْرَةٌ وَّاحِدَةٌ ۟ۙ
නැවත නැගිටුවනු ලැබීමේ ක්රියාවලිය පහසුය. එය පිඹීමට භාර කළ මලක්වරයාගේ එකම එක් හඬක් පමණි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَاِذَا هُمْ بِالسَّاهِرَةِ ۟ؕ
එවිට මිය ගොස් පොළොවට වැළලුනු සියලු දෙනා යළි ජීවමානව ඒ මත නැගී සිටිනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
هَلْ اَتٰىكَ حَدِیْثُ مُوْسٰی ۟ۘ
අහෝ දහම් දූතයාණෙනි! මූසා තම පරමාධිපති සමඟත් තම සතුරා වූ ෆිර්අවුන් සමඟත් ක්රියා කළ ආකාරය පිළිබඳ තොරතුරු ඔබට ලැබුණෙහිද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِذْ نَادٰىهُ رَبُّهٗ بِالْوَادِ الْمُقَدَّسِ طُوًی ۟ۚ
පාරිශුද්ධ තුවා නම් නිම්නයට ඔහුගේ පරමාධිපති ඔහුව කැඳවූ අවස්ථාවේ දී.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• التقوى سبب دخول الجنة.
• තක්වා හෙවත් දෙවියන් පිළිබඳ වූ බැතිමත්කම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය.

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසන පිළිබඳ මෙනෙහි කිරීම දැහැමි ක්රියාවන් කිරීමට මඟ පාදනු ඇත.

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රාණයන් කෲර හා දැඩි ලෙස ගලවා ගන්නා අතර දෙවියන් විශ්වාස කරන්නන්ගේ ප්රාණයන් ඉතා සැහැල්ලුවෙන් හා මෘදු ලෙස මුදවාලනු ඇත.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាន់ណាហ្សុីអាត
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ