Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់វ៉ាគីអះ   វាក្យខណ្ឌ:
یَطُوْفُ عَلَیْهِمْ وِلْدَانٌ مُّخَلَّدُوْنَ ۟ۙ
ඔවුන්ගේ සේවය සඳහා ඔවුන් වටා දරුවන් සැරිසරති. ඔවුනට වයස්ගත වීමක් හෝ විනාශයක් හෝ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
بِاَكْوَابٍ وَّاَبَارِیْقَ ۙ۬— وَكَاْسٍ مِّنْ مَّعِیْنٍ ۟ۙ
ස්වර්ගයේ නිමක් නැතිව ගලා යන මධු පානයෙන් පුරවන ලද අඬු රහිත පාත්ර හා අඬු සහිත කේතල් ද බීම සඳහා භාජන ද තම අතැතිව ඔවුහු ඔවුන් වටා සැරිසරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
لَّا یُصَدَّعُوْنَ عَنْهَا وَلَا یُنْزِفُوْنَ ۟ۙ
එය මෙලොව මත්පැන් මෙන් නොවේ. එය පානය කරන්නාට හිසරදය හෝ බුද්ධි පහවීමක් හෝ ඇති නොවේ.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَفَاكِهَةٍ مِّمَّا یَتَخَیَّرُوْنَ ۟ۙ
ඔවුනට තෝරා ගත හැකි පරිදි පලතුරු සමග එම දරුවෝ ඔවුන් වටා සැරිසරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَلَحْمِ طَیْرٍ مِّمَّا یَشْتَهُوْنَ ۟ؕ
ඔවුන් කැමති පරිදි භුක්ති විඳින්නට කුරුලු මස් සමග ඔවුහු ඔවුන් වටා සැරිසරති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَحُوْرٌ عِیْنٌ ۟ۙ
අලංකාරයේ විහිදුණු නෙත් සහිත කුමරියන් එම ස්වර්ගයේ ඔවුනට ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
كَاَمْثَالِ اللُّؤْلُو الْمَكْنُوْنِ ۟ۚ
ඔවුහු මුහුදු බෙල්ලෝ තුළ ආරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඒවා ඔවුන් මෙලොවෙහි සිදු කරමින් ආ දැහැමි ක්රියාවන් සඳහා ඔවුනට තිළිණ වශයෙනි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
لَا یَسْمَعُوْنَ فِیْهَا لَغْوًا وَّلَا تَاْثِیْمًا ۟ۙ
ස්වර්ගයේ අශීලාචාර කතාවට හෝ පුද්ගලයා වෙත පාපය සේන්දු කරවන ප්රකාශයට හෝ ඔවුහු සවන් නොදෙති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِلَّا قِیْلًا سَلٰمًا سَلٰمًا ۟
ඔවුන් වෙත මලක්වරුන්ගේ සලාම් -ශාන්තියේ ආචාරය- හා ඔවුනොවුන්ගේ සලාමය හැර වෙනත් කිසිවකට ඔවුන් සවන් නොදෙති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاَصْحٰبُ الْیَمِیْنِ ۙ۬— مَاۤ اَصْحٰبُ الْیَمِیْنِ ۟ؕ
දකුණු පස ජනයා, - ඔවුන් වනාහි තම දකුණු අතට ඔවුන්ගේ වාර්තා පොත පිරිනමනු ලබන්නෝ වෙති- අල්ලාහ් අබියස ඔවුන්ගේ කටයුත්තේ හා ඔවුන්ගේ නිලයේ තරම ඉතා විශාලය!
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فِیْ سِدْرٍ مَّخْضُوْدٍ ۟ۙ
ඔවුන් කටු රහිත සිද්ර් හෙවත මසන් ගත් අතරෙහිය. එහි කිසිදු උවදුරක් නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّطَلْحٍ مَّنْضُوْدٍ ۟ۙ
එකිනෙකටට ඇමුණුනු පෙළින් පෙළට ඇති කෙසෙල් අතරය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّظِلٍّ مَّمْدُوْدٍ ۟ۙ
දිගු හරින ලද නිරන්තරයෙන්ම පවතින සෙවණැලි අතරය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّمَآءٍ مَّسْكُوْبٍ ۟ۙ
නතර නොවී ගලා යන ජලය අතරය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّفَاكِهَةٍ كَثِیْرَةٍ ۟ۙ
සීමාවක් නැති බොහෝ පලතුරු අතරය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
لَّا مَقْطُوْعَةٍ وَّلَا مَمْنُوْعَةٍ ۟ۙ
ඔවුන්ගෙන් කිසිවිටෙක කප්පාදු කරනු නොලැබේ. එයට වාරයක් හෝ කාලයක් නැත. පරිභෝජනය කිරීම සඳහා තමන් සිතන කවර වේලාවක හෝ වේවා එය වළක්වාලන කිසිදු විරෝධියෙකු නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّفُرُشٍ مَّرْفُوْعَةٍ ۟ؕ
ඇඳන් මත උසින් තබන ලද උසස් ඝණයේ ඇතිරිලි අතරය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّاۤ اَنْشَاْنٰهُنَّ اِنْشَآءً ۟ۙ
ඉහත සඳහන් කරන ලද කුමරියන් සැබැවින්ම අපි අසාමාන්ය ලෙස නිර්මාණය කර ඇත්තෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فَجَعَلْنٰهُنَّ اَبْكَارًا ۟ۙ
මීට පෙර ස්පර්ශ නොකරන ලද කන්යා කුමරියන් බවට අපි ඔවුන් පත් කළෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
عُرُبًا اَتْرَابًا ۟ۙ
තම සහකරුවන්ට පෙමින් බැඳුණු සම වයසේ කන්යාවියන් වෙති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
لِّاَصْحٰبِ الْیَمِیْنِ ۟ؕ۠
ඔවුන්ගේ සුව පහසුකම් සංඛේතවත් කරමින් දකුණ දෙසින් ගනු ලැබූ දකුණු පස ජනයා වෙනුවෙන් අපි ඔවුන් නිර්මාණය කර ඇත්තෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ثُلَّةٌ مِّنَ الْاَوَّلِیْنَ ۟ۙ
ඔවුන් පෙර පැමිණි නබිවරුන්ගේ සමූහයන් අතර සිටි පිරිසකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَثُلَّةٌ مِّنَ الْاٰخِرِیْنَ ۟ؕ
තවද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා අතරින් වූ තවත් පිරිසකි. එය අවසන් ප්රජාව වන්නේය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاَصْحٰبُ الشِّمَالِ ۙ۬— مَاۤ اَصْحٰبُ الشِّمَالِ ۟ؕ
වම්පස ජනයා, -ඔවුන් වනාහි තම වමතට ඔවුන්ගේ වාර්තා පොත පිරිනමනු ලබන්නෝ වෙති.- ඔවුන්ගේ තත්ත්වය හා ඔවුන්ගේ නවාතැන ඉතා නපුරුය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
فِیْ سَمُوْمٍ وَّحَمِیْمٍ ۟ۙ
දැඩි උණුසුමෙන් යුත් සුළං හා දැඩි උණුසුමෙන් යුත් ලෝ දිය අතරය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَّظِلٍّ مِّنْ یَّحْمُوْمٍ ۟ۙ
කළු පැහැති දුමාරයෙන් යුත් හෙවණක් අතරය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
لَّا بَارِدٍ وَّلَا كَرِیْمٍ ۟
හමන සුළඟේ නැවුම් බවක් නැත. අලංකාර දර්ශණයක් ද නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّهُمْ كَانُوْا قَبْلَ ذٰلِكَ مُتْرَفِیْنَ ۟ۚۖ
ඔවුන් දඬුවමට ලක් වීමට පෙර සැබැවින්ම ඔවුහු මෙලොවෙහි භුක්තිවිඳිමින් සිටියෝය. ඔවුන්ගේ ආත්මාශාවන් මිස වෙනත් අරමුණක් ඔවුනට එහි නොවීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَكَانُوْا یُصِرُّوْنَ عَلَی الْحِنْثِ الْعَظِیْمِ ۟ۚ
අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමේ හා ඔහු හැර වෙනත් පිළිමවලට වන්දනාමාන කිරීමෙහි හිතුවක්කාර ලෙස නිරත ව සිටියෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَكَانُوْا یَقُوْلُوْنَ ۙ۬— اَىِٕذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَّعِظَامًا ءَاِنَّا لَمَبْعُوْثُوْنَ ۟ۙ
සැබැවින්ම ඔවුන් නැවත නැගිටුවනු ලැබීම හාස්යට ගනිමින් හා ඉන් දුරස් වන්නට බලමින් එය හෙළා දැක, ‘අපි මිය ගොස්; පස් බවට පත්ව; අස්ථි ද දිරා ගිය විට ඉන්පසු නැවත අපි නැගිටුවනු ලබන්නෙමු ද?’ යැයි විමසා සිටියෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَوَاٰبَآؤُنَا الْاَوَّلُوْنَ ۟
අපට පෙර මිය ගිය අපගේ ප්රාරම්භක මුතුන් මිත්තන් යළි අවදි කරනු ලබන්නේ ද?
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
قُلْ اِنَّ الْاَوَّلِیْنَ وَالْاٰخِرِیْنَ ۟ۙ
අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම හෙළා දකින්නන්හට නුඹ මෙසේ පවසනු: "සැබැවින්ම ජනයා අතරින් මුල් කාලීනයන් ද ඔවුන් අතරින් පසු කාලීනයන් ද වෙති."
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
لَمَجْمُوْعُوْنَ ۙ۬— اِلٰی مِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟
කිසිදු සැකයකින් තොර ව විනිශ්චය හා ප්රතිඵල සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් එක්රැස් කරනු ලබති.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• العمل الصالح سبب لنيل النعيم في الآخرة.
•දැහැමි ක්රියාවන් මතුලොවෙහි සුවපහසුකම් අත්පත් කර ගැනීමට හේතුවක් වෙයි.

• الترف والتنعم من أسباب الوقوع في المعاصي.
•සුඛෝපභෝගී ජීවිතය හා සැපවත්කම පාපකම්හි වැටීමට හේතු සාධක වන්නේය.

• خطر الإصرار على الذنب.
•පාපකම්වල නිරත වීමෙහි භයානකකම.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់វ៉ាគីអះ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ