Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: ហ្វាតៀរ   វាក្យខណ្ឌ:
وَمَا یَسْتَوِی الْاَعْمٰی وَالْبَصِیْرُ ۟ۙ
අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවන්නාක් සේම දේව ප්රතික්ෂේපකයා හා දේව විශ්වාසියා නිලයෙන් සමාන වන්නේ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَلَا الظُّلُمٰتُ وَلَا النُّوْرُ ۟ۙ
අන්ධකාරයන් හා ආලෝකය සමාන නොවන්නාක් සේම දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය සමාන වන්නේ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَلَا الظِّلُّ وَلَا الْحَرُوْرُ ۟ۚ
හෙවණ හා උණුසුම් සුළඟ සමාන නොවන්නාක්සේම ස්වර්ගය හා නිරය ඒවායෙහි සළකුණු අතර සමාන වන්නේ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمَا یَسْتَوِی الْاَحْیَآءُ وَلَا الْاَمْوَاتُ ؕ— اِنَّ اللّٰهَ یُسْمِعُ مَنْ یَّشَآءُ ۚ— وَمَاۤ اَنْتَ بِمُسْمِعٍ مَّنْ فِی الْقُبُوْرِ ۟
ජීවීන් හා මළවුන් සමාන නොවන්නාක් සේම දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් සමාන වන්නේ නැත. අල්ලාහ් කවරෙකුට යහමග අභිමත කරන්නේ ද ඔහුට සවන් දෙන්නට සලස්වයි. අහෝ දූතය! නුඹට දේව ප්රතික්ෂේපකයින්ට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. ඔවුන් මිනීවළවල් තුළ සිටින මළමිනී මෙනි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنْ اَنْتَ اِلَّا نَذِیْرٌ ۟
ඔබ අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන්නෙකු මිස වෙනත් කිසිවෙකු නොවන්නෙහිය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّاۤ اَرْسَلْنٰكَ بِالْحَقِّ بَشِیْرًا وَّنَذِیْرًا ؕ— وَاِنْ مِّنْ اُمَّةٍ اِلَّا خَلَا فِیْهَا نَذِیْرٌ ۟
අහෝ දූතය! දේව විශ්වාසීන්හට අල්ලාහ් සූදානම් කර ඇති ගෞරවනීය කුසල් සම්බන්ධ ව ශුභාරංචි දන්වන්නෙකු හා දේ ප්රතික්ෂේපකයින්හට ඔහු සූදානම් කර ඇති වේදනීය දඬුවම ගැන අවවාද කරන්නෙකු ලෙස සැබවින්ම අපි නුඹව කිසිදු සැකයක් නොමැති සත්යය සමග අපි නුඹ එව්වෙමු. මීට පෙර පැවති සමූහයන් අතර ඔහුගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන අල්ලාහ්ගෙන් වූ දූතයකු නොපැමිණි කිසිදු සමූහයක් නොවීය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاِنْ یُّكَذِّبُوْكَ فَقَدْ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ ۚ— جَآءَتْهُمْ رُسُلُهُمْ بِالْبَیِّنٰتِ وَبِالزُّبُرِ وَبِالْكِتٰبِ الْمُنِیْرِ ۟
අහෝ දූතය! නුඹේ ජනයා නුඹ ව බොරු කරන්නේ නම් එවිට නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. සමූහය විසින් බොරු කළ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. මීට පෙර සිටි ආද්, සමූද් හා ලූත්ගේ ජනයා වැනි සමූහයන් විසින් පවා ඔවුන්ගේ දූතවරු බොරු කරනු ලැබුවෝය. තමන්ගේ සත්යයතා ව තහවුරු කරමින් අල්ලාහ් වෙතින් වූ පැහැදිලි සාධක සමග ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය. එමෙන්ම පරිශීලනය කොට සිතා බලන දනන්හට ලේඛන හා ආලෝකමත් දිව්ය පුස්තක සමග ද ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
ثُمَّ اَخَذْتُ الَّذِیْنَ كَفَرُوْا فَكَیْفَ كَانَ نَكِیْرِ ۟۠
ඒ සමගම අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කොට, ඔහු අබියසින් එම දූතවරුන් ගෙන ආ දෑහි ඔවුන්ව ඔවුහු විශ්වාස නොකළෝය. එහෙයින් ප්රතික්ෂේප කළවුන්ව මම විනාශ කළෙමි. අහෝ දූතය! ඔවුන්ව මා විනාශ කිරීමෙන් ඔවුන් වෙත මාගේ දඬුවම කෙසේ වී දැ?යි සිතා බලනු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ اَنْزَلَ مِنَ السَّمَآءِ مَآءً ۚ— فَاَخْرَجْنَا بِهٖ ثَمَرٰتٍ مُّخْتَلِفًا اَلْوَانُهَا ؕ— وَمِنَ الْجِبَالِ جُدَدٌ بِیْضٌ وَّحُمْرٌ مُّخْتَلِفٌ اَلْوَانُهَا وَغَرَابِیْبُ سُوْدٌ ۟
සැබැවින්ම සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් අහසින් වැසි ජලය පහළ කරනු නුඹ නොදුටුවෙහි ද? එම ජලය මගින් එහි ඇති ගස්වලට ජලය සම්පාදනය කිරීමෙන් පසු ව රතු, කොළථ කහ හා වෙනත් විවිධ වර්ණයෙන් යුත් පලතුරු අප හට ගැන්වූයෙමු. එමෙන්ම කඳු අතරින් ද සුදු මාර්ග, රතු මාර්ග, අඳුරු කළු මාර්ග වැනි වර්ණවත් මාර්ග ද හට ගැන්වූයෙමු.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَمِنَ النَّاسِ وَالدَّوَآبِّ وَالْاَنْعَامِ مُخْتَلِفٌ اَلْوَانُهٗ كَذٰلِكَ ؕ— اِنَّمَا یَخْشَی اللّٰهَ مِنْ عِبَادِهِ الْعُلَمٰٓؤُا ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ غَفُوْرٌ ۟
ජනයා අතරින් ද සතුන් අතරින් ද ඔටු, ගව හා එළු වැනි ගොවිපළ සතුන් අතරින් ද සඳහන් කරනු ලැබුවාක් මෙන්ම විවිධ වර්ණ වලින් යුක්ත වෙති. සැබැවින්ම අල්ලාහ්ගේ ස්ථානයට ගරුබුහුමන් කොට, ඔහුට බියවනුයේ ඔහු පිළිබඳ හඳුනාගත් දැනුමැත්තෝ වෙති. සැබැවින්ම එය ඔවුන් ඔහුගේ ගුණාංග, ඔහුගේ පිළිවෙත, ඔහුගේ බලයේ සාධක පිළිබඳ දන්නා බැවිණි. සැබවින්ම අල්ලාහ් වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපකම්වලට සමාව දෙන්නාය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ الَّذِیْنَ یَتْلُوْنَ كِتٰبَ اللّٰهِ وَاَقَامُوا الصَّلٰوةَ وَاَنْفَقُوْا مِمَّا رَزَقْنٰهُمْ سِرًّا وَّعَلَانِیَةً یَّرْجُوْنَ تِجَارَةً لَّنْ تَبُوْرَ ۟ۙ
අපගේ දූතයාණන් වෙත අපි පහළ කළ අල්ලාහ්ගේ ග්රන්ථය කියවා ඒහි ඇති දෑ පිළිබඳ දැනුවත් වී සලාතය දැහැමි ලෙස ඉටු කර අපි ඔවුනට පිරිනැමූ සම්පතින් සකාත් හා වෙනත් මාර්ග ඔස්සේ රහසිගත ව හා ප්රසිද්ධියේ වියදම් කරන්නන් වනාහි, ඔවුන් මේ සියලු ක්රියාකාරකම් තුළින් අපේක්ෂා කරනුයේ කිසිවිටෙක පාඩුවක් ඇති නොවන අල්ලාහ් වෙතින් වූ ව්යාපාරයකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
لِیُوَفِّیَهُمْ اُجُوْرَهُمْ وَیَزِیْدَهُمْ مِّنْ فَضْلِهٖ ؕ— اِنَّهٗ غَفُوْرٌ شَكُوْرٌ ۟
එය ඔවුන්ගේ ක්රියාකාරකම් සඳහා පූර්ණ කුසල් අල්ලාහ් ඔවුනට පූර්ණ ව පිරිනමනු පිණිසය. ඔහුගේ භාග්යය තුළින් ඔවුනට එය වර්ධනය කර දෙයි. ඔහු එයට සුදුසු අය වෙයි. සැබවින්ම සුවිශුද්ධයාණන් මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්ගේ පාපකම් සඳහා අති ක්ෂමාශීලීය. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සඳහා මහත් සේ කෘතඥ වන්නාය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• نفي التساوي بين الحق وأهله من جهة، والباطل وأهله من جهة أخرى.
•එක් පැත්තකින් සත්ය හා එහි වැසියන් අතරත්, තවත් පැත්තකින් ව්යාජ දෑ හා එහි වැසියන් අතරත් සමානතාවය ප්රතික්ෂේප කිරීම.

• كثرة عدد الرسل عليهم السلام قبل رسولنا صلى الله عليه وسلم دليل على رحمة الله وعناد الخلق.
•අපගේ දූතයාණන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට පෙර දූතවරුන් ගණනාවකගේ පැමිණීම අල්ලාහ්ගේ කරුණාව හා මැවීම්වල මුරණ්ඩුකම පෙන්වා දෙන සාධකයකි.

• إهلاك المكذبين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කිරීම දේව පිළිවෙතයි.

• صفات الإيمان تجارة رابحة، وصفات الكفر تجارة خاسرة.
•දේව විශ්වාසයේ ස්වරූපය ලාබදායී ව්යාපාරයකි. දේව ප්රතික්ෂේපයේ ස්වරූපය අලාභදායී ව්යාපාරයකි.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: ហ្វាតៀរ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ