Check out the new design

ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី * - មាតិកានៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: ហ្វាតៀរ   វាក្យខណ្ឌ:
وَاِنْ یُّكَذِّبُوْكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّنْ قَبْلِكَ ؕ— وَاِلَی اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ ۟
අහෝ දූතය! නුඹේ ජනයා නුඹ ව බොරු කරන්නේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. තම සමූහයා විසින් බොරු කරනු ලැබූ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර විසූ ආද් සමූද් හා ලූත්ගේ ජනයා වැනි අයවලුන් විසින් ද නබිවරුන් බොරු කරනු ලැබූහ. සියලු කටයුතු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. එහෙයින් ඔහු බොරුකාරයින් විනාශ කර දමා තම දූතවරුන් හා දේව විශ්වාසීන්ට ජය ලබා දෙනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
یٰۤاَیُّهَا النَّاسُ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَیٰوةُ الدُّنْیَا ۥ— وَلَا یَغُرَّنَّكُمْ بِاللّٰهِ الْغَرُوْرُ ۟
අහෝ ජනයිනි! විනිශ්චය කරනු ලබන දිනයේ නැවත නැගිටුවනු ලැබීම, ප්රතිඵල පිරිනැමීම වැනි දැයින් අල්ලාහ් කවර කරුණක් නුඹලාට ප්රතිඥා දුන්නේ ද එය කිසිදු සැකයකින් තොරව සත්යයක්ම වන්නේය. මෙලොව ජීවිතයේ ආශාවන් හා රසාස්වාදයන්, දැහැමි ක්රියාවන් තුළින් එම දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් නුඹලාව දුරස් කොට රවටා නොදැමිය යුතුයි. ව්යාජ දෑ අලංකාරවත් කරමින් හා මෙලොව ජීවිතයට යටහත් වීමෙන් ෂෙයිතාන් නුඹලා රවටා නොදැමිය යුතුයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اِنَّ الشَّیْطٰنَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوْهُ عَدُوًّا ؕ— اِنَّمَا یَدْعُوْا حِزْبَهٗ لِیَكُوْنُوْا مِنْ اَصْحٰبِ السَّعِیْرِ ۟ؕ
අහෝ ජනයිනි! සැබැවින්ම ෂෙයිතාන් නුඹලාට සදා සතුරුකම් පාන ප්රකට සතුරාය. එහෙයින් ඔහු සමග සටන් කිරීම අනිවාර්යය කර ගනිමින් නුඹලා ඔහු සතුරෙකු ලෙස සලකනු. සැබැවින්ම ෂෙයිතාන් තම අනුගාමිකයින්හට ඇරයුම් කර සිටිනුයේ අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමටය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇවිළෙන ගින්නට ප්රවේශ කිරීමෙන් ඔවුන් දඬුවමට ලක් වනු පිණිසය.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَلَّذِیْنَ كَفَرُوْا لَهُمْ عَذَابٌ شَدِیْدٌ ؕ۬— وَالَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ كَبِیْرٌ ۟۠
ෂෙයිතාන්ව අනුගමනය කරමින් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට බලවත් දඬුවමත් ඇත. එමෙන්ම අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කරන්නන් වනාහි ඔවුනට ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් වූ සමාව ඇත. එමෙන්ම ඔහුගෙන් වූ අතිමහත් ප්රතිඵලද ඇත. එය ස්වර්ග උයනයි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
اَفَمَنْ زُیِّنَ لَهٗ سُوْٓءُ عَمَلِهٖ فَرَاٰهُ حَسَنًا ؕ— فَاِنَّ اللّٰهَ یُضِلُّ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ۖؗ— فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَیْهِمْ حَسَرٰتٍ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِمَا یَصْنَعُوْنَ ۟
සැබැවින්ම තම නපුරු ක්රියාව ෂෙයිතාන් විසින් අලංකාරවත් කොට එය අලංකාරයක් බව විශ්වාස කරන්නා, අල්ලාහ් කෙනෙකුට සත්යය අලංකාරවත් කොට එය සත්යය බව විශ්වාස කරන්නා මෙන් නොවනු ඇත. සැබැවින්ම අල්ලාහ් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරියි. එමෙන්ම ඔහු අභිමත කරන අය යහමග යොමු කරයි. ඔහුට බලපෑම් කිරීමට කිසිවෙකු නැත. එහෙයින් අහෝ දූතය! නොමග ගියවුන්ගේ නොමග යෑම ගැන නුඹව දුකට පත් කර නොගනු. සැබැවින්ම සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاللّٰهُ الَّذِیْۤ اَرْسَلَ الرِّیٰحَ فَتُثِیْرُ سَحَابًا فَسُقْنٰهُ اِلٰی بَلَدٍ مَّیِّتٍ فَاَحْیَیْنَا بِهِ الْاَرْضَ بَعْدَ مَوْتِهَا ؕ— كَذٰلِكَ النُّشُوْرُ ۟
සුළං එවනුයේ අල්ලාහ්ය. එම සුළඟ වලාකුළු ගෙන යයි. එම වලාකුළු මගින් පැළෑටී නැති දේශයකට අපි වැසි වස්සවා එම ජලයෙන් භූමිය වියළී ගිය පසු ව එහි පැළෑටි හටගන්වා අපි එය ජීවමාන කරමු. භූමිය මිය ගිය පසු එහි පැළෑටි තැන්පත් කරමින් අපි එය ජීවමාන කළාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිය ගියවුන් යළි අවදි කිරීම සිදු වනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
مَنْ كَانَ یُرِیْدُ الْعِزَّةَ فَلِلّٰهِ الْعِزَّةُ جَمِیْعًا ؕ— اِلَیْهِ یَصْعَدُ الْكَلِمُ الطَّیِّبُ وَالْعَمَلُ الصَّالِحُ یَرْفَعُهٗ ؕ— وَالَّذِیْنَ یَمْكُرُوْنَ السَّیِّاٰتِ لَهُمْ عَذَابٌ شَدِیْدٌ ؕ— وَمَكْرُ اُولٰٓىِٕكَ هُوَ یَبُوْرُ ۟
කවරෙකු මෙලොව හෝ මතු ලොව ගෞරවය අපේක්ෂා කරන්නේ ද ඔහු අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් පැතිය නොයුතුය. ඒ දෙකෙහිම ගෞරවය ඇත්තේ අල්ලාහ් සතු ව පමණි. දැහැමි මෙනෙහි කිරීම් ඔහු වෙත ආරෝහණය වෙයි. දැහැමි ගැත්තන්ගේ ක්රියාවන් ඔහු වෙත ඉහළට නැංවෙයි. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරීම වැනි නපුරු කුමන්ත්රණ සැලසුම් කරන්නන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. එම දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ නිෂ්ඵල වී යනු ඇත. එය විනාශ වී යනු ඇත. ඔවුනට අපේක්ෂාවන් තහවුරු නොකරනු ඇත.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
وَاللّٰهُ خَلَقَكُمْ مِّنْ تُرَابٍ ثُمَّ مِنْ نُّطْفَةٍ ثُمَّ جَعَلَكُمْ اَزْوَاجًا ؕ— وَمَا تَحْمِلُ مِنْ اُنۡثٰى وَلَا تَضَعُ اِلَّا بِعِلْمِهٖ ؕ— وَمَا یُعَمَّرُ مِنْ مُّعَمَّرٍ وَّلَا یُنْقَصُ مِنْ عُمُرِهٖۤ اِلَّا فِیْ كِتٰبٍ ؕ— اِنَّ ذٰلِكَ عَلَی اللّٰهِ یَسِیْرٌ ۟
නුඹලාගේ පියාණන් ආදම් ව පසින් මැව්වේ අල්ලාහ්මය. පසු ව නුඹලාව ශුක්රාණුවෙන් මැව්වේය. පසු ව නුඹලා අතර එකිනෙකා විවාහ වන පුරුෂයින් හා කාන්තාවන් වශයෙන් ඔහු නුඹලාව පත් කළේය. කාන්තාවක් කලලයක් උසුලා සිටීම හෝ ඇය ඇයගේ දරුවා ප්රසූත කිරීම හෝ ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ගේ දැනුමෙන් මිස සිදුවන්නේ නැත. ඒ කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. කිසිවකුගේ ආයුකාලය ලව්හුල් මහ්ෆූල් හි සඳහන් කරනු ලැබූ අයුරින් මිස එය වැඩි වන්නේ හෝ අඩු වන්නේ හෝ නැත. සැබැවින්ම මේවා සඳහන් කිරීම - එනම් නුඹලා ව පසින් මැවීම, විවිධ අදියරයන්ගෙන් මැවීම, ලව්හුල් මහ්ෆූල් හි නුඹලාගේ ආයුකාලය සටහන් කර තිබීම යනාදිය- අල්ලාහ්ට පහසු කාර්යයකි.
ការបកស្រាយជាភាសា​អារ៉ាប់:
អំពី​អត្ថប្រយោជន៍​នៃវាក្យខណ្ឌទាំងនេះនៅលើទំព័រនេះ:
• تسلية الرسول صلى الله عليه وسلم بذكر أخبار الرسل مع أقوامهم.
•දේව දූතවරුන්ගේ තොරතුරු, ඔවුන්ගේ සමූහයන් සමගම මෙනෙහි කරමින් දූතයාණන් (සල්ලල්ලාහු අලයහි වසල්ලම්) සැනසීම.

• الاغترار بالدنيا سبب الإعراض عن الحق.
•මෙලොවට රැවටීම, සත්යය පිටුදැකීමට හේතුවක් වන්නේය.

• اتخاذ الشيطان عدوًّا باتخاذ الأسباب المعينة على التحرز منه؛ من ذكر الله، وتلاوة القرآن، وفعل الطاعة، وترك المعاصي.
•අල්ලාහ් ව මෙනෙහි කිරීම, අල් කුර්ආනය කියවීම, ඔහුට අවනත විය යුතු ක්රියා වල නිරත වීම, පාපකම් අතහැර දැමීම යනාදී ක්රියාවන් පිළිපදිමින් ෂෙයිතාන්ගෙන් ප්රවේශම් වීමට උපකාර වන සාධක තුළින් ෂෙයිතාන් ව සතුරෙකු ලෙස ගැනීම.

• ثبوت صفة العلو لله تعالى.
•උත්තරීතර අල්ලාහ් සතු උත්තරීතරභාවය තහවුරු කිරීම.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: ហ្វាតៀរ
មាតិកានៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យនៃគម្ពីរគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡី - មាតិកានៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ