Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) * - 対訳の目次


対訳 章: ルクマーン章   節:
وَلَقَدْ اٰتَیْنَا لُقْمٰنَ الْحِكْمَةَ اَنِ اشْكُرْ لِلّٰهِ ؕ— وَمَنْ یَّشْكُرْ فَاِنَّمَا یَشْكُرُ لِنَفْسِهٖ ۚ— وَمَنْ كَفَرَ فَاِنَّ اللّٰهَ غَنِیٌّ حَمِیْدٌ ۟
දහම පිළිබඳ අවබෝධය හා කරුණු පිළිබඳ වැටහීම සැබැවින්ම අපි ලුක්මාන්ට පිරිනැමුවෙමු. ඔහුට අපි මෙසේ ප්රකාශ කළෙමු. "අහෝ ලුක්මාන් කවර ආශිර්වාදයක් ඔහු නුඹට පිරිනමා ඇත්තේ ද එයට අවනත වනු පිණිස නුඹ නුඹේ පරමාධිපතිට කෘතඥ වනු. කවරෙකු තම පරමාධිපතිට කෘතඥ වන්නේ ද සැබැවින්ම එම කෘතඥතාවයේ ප්රතිඵල ඔහු වෙත නැවත හැරී එනු ඇත. ඔහුට කෘතඥතාව පුද කරනු ලැබීමේ කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දැක එමගින් සුවිශුද්ධයාණන්ව ප්රතික්ෂේප කළේ ද ඔහු කළ ප්රතික්ෂේපයේ විපාකය ඔහුට එරෙහිවම පිහිටනු ඇත. එමගින් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. සෑම තත්ත්වයකම ඔහු ප්රශංසාලාභීය.
アラビア語 クルアーン注釈:
وَاِذْ قَالَ لُقْمٰنُ لِابْنِهٖ وَهُوَ یَعِظُهٗ یٰبُنَیَّ لَا تُشْرِكْ بِاللّٰهِ ؔؕ— اِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِیْمٌ ۟
අහෝ දූතය! ලුක්මාන් තුමා තම පුතණුවන්ට යහපත කිරීමට දිරිගන්වමින් හා අයහපත් දෑ පිළිබඳ අවවාද කරමින් උපදෙස් දුන් අවස්ථාව මෙනෙහි කර බලනු. ඔහු, "මාගේ ආදරණීය පුතණුවනි! අල්ලාහ් සමග වෙනත් අයකු නොනමදිනු. අල්ලාහ් සමග වෙනත් දෑ නමදිනු ලැබීම, නිරා ගින්නට සදාතනිකයකු බවට පත් කරවන මහා පාපයන්ගෙන් තමන්ට කර ගන්නා මහා අපරාධයකි." යැයි පැවසීය.
アラビア語 クルアーン注釈:
وَوَصَّیْنَا الْاِنْسَانَ بِوَالِدَیْهِ ۚ— حَمَلَتْهُ اُمُّهٗ وَهْنًا عَلٰی وَهْنٍ وَّفِصٰلُهٗ فِیْ عَامَیْنِ اَنِ اشْكُرْ لِیْ وَلِوَالِدَیْكَ ؕ— اِلَیَّ الْمَصِیْرُ ۟
තම දෙමාපියන්ට අවනත වන මෙන් ද, අල්ලාහ් වෙනුවෙන් පාපයක් සිදු නොවන ක්රියාවන්හි ඔවුන් දෙපළට ඇප උපස්ථාන කරන මෙන් ද අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔහුගේ මව දුෂ්කතරාවකින් පසු දුෂ්කරතාවකට මුහුණ දෙමින් ඇයගේ කුස තුළ ඔහු ව ඉසිළුවාය. වසර දෙකක කාලය තුළ කිරි දී අවසන් කළාය. තවද අපි ඔහුට මෙසේ පැවසුවෙමු. "නුඹ වෙත කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේ ද ඒ සඳහා නුඹ ඔහු ට කෘතඥ වනු. පසු ව නුඹව ඇති දැඩි කිරීමෙහි හා නුඹ ව රැකබලාගැනීමෙහි නිරත වූ නුඹේ දෙමව්පියන්ට කෘතඥ වනු. නැවත හැරීම ඇත්තේ මා වෙතය. එවිට ඒ සෑම කෙනෙකු වෙනුවෙන්ම ඔවුනොවුන්ට සුදුසු ප්රතිඵල මම පිරිනමමි."
アラビア語 クルアーン注釈:
وَاِنْ جٰهَدٰكَ عَلٰۤی اَنْ تُشْرِكَ بِیْ مَا لَیْسَ لَكَ بِهٖ عِلْمٌ فَلَا تُطِعْهُمَا وَصَاحِبْهُمَا فِی الدُّنْیَا مَعْرُوْفًا ؗ— وَّاتَّبِعْ سَبِیْلَ مَنْ اَنَابَ اِلَیَّ ۚ— ثُمَّ اِلَیَّ مَرْجِعُكُمْ فَاُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
ඔවුන් දෙදෙනා විසින් පනවන නීතියක් ලෙස අල්ලාහ් නොවන දෑ ඔහුට ආදේශ කිරීම සඳහා ඔවුන් දෙදෙනා නුඹ මත පටවන්නට උත්සාහ කළේ නම් එහිදී නුඹ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. හේතුව මැවුම්කරුට පිටුපා මැවීම්වලට අවනත විය යුතු නොවන බැවිණි. මෙලොවෙහි නුඹ ඔවුන් දෙදෙනාට ඇප උපස්ථාන කරනු. මව්පිය සම්බන්ධකම් පවත් වනු. උපකාර කරනු. දේව ඒකීයත්වය පිළිගනිමින් හා අවනත වෙමින් මා වෙත යොමු වන්නන්ගේ මාර්ගය පිළිපදිනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනාගේම හැරීම ඇත්තේ මා වෙතය. එවිට මෙලොවෙහි නුඹලා කවර ක්රියාවක් සිදු කරමින් සිටියේ ද ඒ ගැන මම නුඹලාට දැනුම් දෙන්නෙමි. ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි.
アラビア語 クルアーン注釈:
یٰبُنَیَّ اِنَّهَاۤ اِنْ تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُنْ فِیْ صَخْرَةٍ اَوْ فِی السَّمٰوٰتِ اَوْ فِی الْاَرْضِ یَاْتِ بِهَا اللّٰهُ ؕ— اِنَّ اللّٰهَ لَطِیْفٌ خَبِیْرٌ ۟
මාගේ ආදරණීය පුතණුවනි! සැබැවින්ම නපුර හෝ යහකම හෝ වේවා, එය අබ ඇටයක තරම් කුඩාවට තිබුණ ද, එය කිසිවකු විසින් එබී බැලිය නොහැකි කළු ගල් පර්වතයක් තුළ තිබුණ ද, අහස් හි හෝ මහපොළොවේ හෝ කවර ස්ථානයක තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අල්ලාහ් එය ගෙන එනු ඇත. ඒ සඳහා ගැත්තාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියුම් ඥානීය. කරුණුවල සියුම් දෑ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එම කරුණුවල යථාර්ථයන් හා ඒවායෙහි ස්ථාන පිළිබඳ ඔහු සර්ව ඥානීය.
アラビア語 クルアーン注釈:
یٰبُنَیَّ اَقِمِ الصَّلٰوةَ وَاْمُرْ بِالْمَعْرُوْفِ وَانْهَ عَنِ الْمُنْكَرِ وَاصْبِرْ عَلٰی مَاۤ اَصَابَكَ ؕ— اِنَّ ذٰلِكَ مِنْ عَزْمِ الْاُمُوْرِ ۟ۚ
"මාගේ ආදරණීය පුතණුවනි! සලාතය පූර්ණ ලෙස විධිමත් ව ඉටු කරනු. යහපත නියෝග කරනු. අයහපතින් වළක්වනු. එහිදී නුඹට අත්වන පිළිකුල් සහගත දෑ ඉවසා දරා ගනු. සැබැවින්ම මේවා අතරින් නුඹට අණ කරනු ලැබූ දෑ වනාහි ඒවා නුඹ ඉටු කිරීම සඳහා අල්ලාහ් නුඹ මත ස්ථීර කළ දෑ වෙයි. එහි නුඹට තෝරා ගැනීමේ නිදහසක් නැත.
アラビア語 クルアーン注釈:
وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِی الْاَرْضِ مَرَحًا ؕ— اِنَّ اللّٰهَ لَا یُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُوْرٍ ۟ۚ
අහංකාරකමින් නුඹේ මුහුණු මිනිසුන්ගෙන් නොහරවනු. නුඹ ගැන නුඹ ම උදම් අනමින් සතුටින් මහපොළොව මත ගමන් නොකරනු. සැබැවින්ම තම ගමනෙහි උඩඟුකම් පාන, තමන්ට පිරිනැමූ ආශිර්වාදයන් ගැන අහංකාර වී ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ නොවී ආඩම්භරයෙන් ගමන් කරන සෑම කෙනෙකුවම සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
アラビア語 クルアーン注釈:
وَاقْصِدْ فِیْ مَشْیِكَ وَاغْضُضْ مِنْ صَوْتِكَ ؕ— اِنَّ اَنْكَرَ الْاَصْوَاتِ لَصَوْتُ الْحَمِیْرِ ۟۠
ගමනෙහි අභිමානවත් ලෙස වේගය හා මන්දගාමී අතර මධ්යස්ථභාවය රකිමින් ගමන් ගනු. ඔබේ හඬ පහත් කරනු. හිංසා ඇති වන පරිදි එය උස් නොකරනු. සැබැවින්ම හඬවල් අතරින් වඩාත් කැතම හඬ වනුයේ බූරුවාගේ හඬය. හේතුව එය හඬවල් අතරින් උස් හඬක් වන බැවිණි.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• لما فصَّل سبحانه ما يصيب الأم من جهد الحمل والوضع دلّ على مزيد برّها.
•ගර්භණීභාවය, දරු ප්රසූතිය යනාදී මවට උදාවන දුෂ්කරතාවන් පිළිබඳ අල්ලාහ් පැහැදිලි කිරීම ඇයට අධික ලෙස ඇප උපස්ථාන කළ යුතු බව පෙන්වා දෙයි.

• نفع الطاعة وضرر المعصية عائد على العبد.
•අවනත වීමෙන් සිදු වන පල ප්රයෝජන හා පාපකම් කිරීමෙන් සිදු වන හිංසනය ගැත්තා මත හැරී එනු ඇත.

• وجوب تعاهد الأبناء بالتربية والتعليم.
•දරුවන්ට උගන්වමින් පුරුදු පුහුණු කරමින් ඔවුන් රැකබලා ගැනීමේ අනිවාර්යභාවය.

• شمول الآداب في الإسلام للسلوك الفردي والجماعي.
•පුද්ගල මෙන්ම සමාජීය ගමනට ඉස්ලාමය තුළ අන්තර්ගත වන විනයන්.

 
対訳 章: ルクマーン章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる