Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) * - 対訳の目次


対訳 節: (172) 章: イムラーン家章
اَلَّذِیْنَ اسْتَجَابُوْا لِلّٰهِ وَالرَّسُوْلِ مِنْ بَعْدِ مَاۤ اَصَابَهُمُ الْقَرْحُ ۛؕ— لِلَّذِیْنَ اَحْسَنُوْا مِنْهُمْ وَاتَّقَوْا اَجْرٌ عَظِیْمٌ ۟ۚ
උහද් දිනයේ තුවාල ලැබුවායින් පසු සිදු වූ ‘හම්රාඋල් අසද්’ නම් සංග්රාමයේ දී දෙවියන් ආදේශ කළ ද්රෝහීන් හමුවීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමටත් පිටත් වන්නැයි ඇරයුම් කරනු ලබන විට අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ නියෝගයට පිළිතුරු දුන් අය වනාහි, ඔවුන්ට අත් වූ තුවාල අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ ඇරයුමට පිළිතුරු දීමෙන් වැළැක්වූයේ නැත. ඔවුන් අතරින් තම ක්රියාවන් යහපත් අයුරින් සිදු කොට, අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහු පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කළ අයට අල්ලාහ්ගෙන් වූ මහත් ප්රතිලාභ හිමිය. එය ස්වර්ගයයි.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• من سنن الله تعالى أن يبتلي عباده؛ ليتميز المؤمن الحق من المنافق، وليعلم الصادق من الكاذب.
•ජනයා සැබෑ විශ්වාස කරන්නා කුහකයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් සත්යවාදියා බොරුකාරයාගෙන් වෙන් කර හඳුනා ගනු පිණිසත් තම ගැත්තන් පරීක්ෂාවට ලක් කිරීම අල්ලාහ්ගේ පිළිවෙතකි.

• عظم منزلة الجهاد والشهادة في سبيل الله وثواب أهله عند الله تعالى حيث ينزلهم الله تعالى بأعلى المنازل.
•අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමෙන් හා දිවි පිදීමෙන් ලැබෙන උසස් නිලය හා ඔවුන්හට උසස් තරාතිරම් පිරිනැමීමෙන් අල්ලාහ් අබියස ඔවුනට සතු වන කුසල්.

• فضل الصحابة وبيان علو منزلتهم في الدنيا والآخرة؛ لما بذلوه من أنفسهم وأموالهم في سبيل الله تعالى.
•සහාබාවරුන් හෙවත් නබි අනුගාමිකයින්ගේ මහිමය. ඔවුන් තම ප්රාණය හා තම වස්තුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර ඇති බැවින් ඔවුනට මෙලොව හා මතු ලොවෙහි හිමි උසස් නිලතල පිළිබඳ විස්තර කිරීම.

 
対訳 節: (172) 章: イムラーン家章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる