Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) * - 対訳の目次


対訳 章: 雌牛章   節:
قُلْ اِنْ كَانَتْ لَكُمُ الدَّارُ الْاٰخِرَةُ عِنْدَ اللّٰهِ خَالِصَةً مِّنْ دُوْنِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
අහෝ යුදෙව්වනි, මතුලොවෙහි නුඹලාට පමණක් ස්වර්ගය වී නුඹලා හැර වෙන කිසිවකු එහි නොපිවිසෙනු ඇතැයි නුඹලා පවසන්නේ නම් නුඹලා මරණයට ආශා කරනු. එය නුඹලා සොයා යනු. ඉතා ඉක්මණින්ම එම තත්ත්වය නුඹලා ලබනු ඇත. නුඹලා වාදකරන මෙම කරුණෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙලොව ජීවිතයේ නුඹලා උසුලන බරින් හා දුකෙන් නුඹලා නිදහස් වන්නට පතනු. යැයි අහෝ නබිවරය! ඔබ යුදෙව්වන්හට පවසනු.
アラビア語 クルアーン注釈:
وَلَنْ یَّتَمَنَّوْهُ اَبَدًا بِمَا قَدَّمَتْ اَیْدِیْهِمْ ؕ— وَاللّٰهُ عَلِیْمٌۢ بِالظّٰلِمِیْنَ ۟
කිසිවිටෙක නුඹලා එම මරණය ආශා නොකරන්නේමය; ඊට හේතුව නුඹලා මෙලොව ජීවිතයෙහි අල්ලාහ් ප්රතික්ෂේප කරමින් ඔහුගේ දූතයාණන් බොරු කරමින් ඔහුගේ පුස්තක විකෘති කරමින් ක්රියා කර ඇති බැවිනි. ඔවුන් අතර හා ඔවුන් නොවන අය අතර අපරාධකරුවන් කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සෑම කෙනෙකුටම ඔහුගේ ක්රියාවන් අනුව අල්ලාහ් ප්රතිඵල පිරිනමනු ඇත.
アラビア語 クルアーン注釈:
وَلَتَجِدَنَّهُمْ اَحْرَصَ النَّاسِ عَلٰی حَیٰوةٍ ۛۚ— وَمِنَ الَّذِیْنَ اَشْرَكُوْا ۛۚ— یَوَدُّ اَحَدُهُمْ لَوْ یُعَمَّرُ اَلْفَ سَنَةٍ ۚ— وَمَا هُوَ بِمُزَحْزِحِهٖ مِنَ الْعَذَابِ اَنْ یُّعَمَّرَ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِمَا یَعْمَلُوْنَ ۟۠
අහෝ නබිවරය! මෙලොව ජීවිතය කොතරම් පහත් අල්ප වූවත් මිනිසුන් අතර එයට වඩාත් ආශා කරන්නන් ලෙස නුඹ යුදෙව්වන් දකිනු ඇත. ඔවුන් යළි නැගිටුවනු ලැබීම හා විනිශ්චය විශ්වාස කරන දහම් ලද්දන් ලෙස සිටිය ද යළි නැගිටුවනු ලැබීම හා විනිශ්චය විශ්වාස නොකරන දෙවියන්ට සමානයන් තැබූ අයට වඩා දැඩි ලෙස එයට ආශා කරති. ඔවුන් අතර සිටින අයකු තමන් වසර දහසක් ආයුෂ ලැබිය යුතු යැයි ප්රිය කරයි. නමුත් කෙතරම් කාලයක් ආයුෂ ලැබුණද අල්ලාහ්ගේ දඬුවමින් දුරස්වන්නට අවස්ථාවක් ඔහුට නොලැබෙනු ඇත. අල්ලාහ් ඔවුන් කරන ක්රියාවන් පිළිබඳ නිරීක්ෂාවෙන් සිටියි. ඉන් කිසිවක් ඔහුට සැගවී යන්නේ නැත. ඒ අනුව ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
アラビア語 クルアーン注釈:
قُلْ مَنْ كَانَ عَدُوًّا لِّجِبْرِیْلَ فَاِنَّهٗ نَزَّلَهٗ عَلٰی قَلْبِكَ بِاِذْنِ اللّٰهِ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ وَهُدًی وَّبُشْرٰی لِلْمُؤْمِنِیْنَ ۟
‘සැබැවින්ම ජිබ්රීල් මලක්-සුරදූතයින්- අතර සිටින අපගේ සතුරා වේ’ යැයි යුදෙව්වන් අතර පවසන අයට නබිවරය නුඹ මෙසේ පවසනු. ජිබ්රීල්ට එරෙහිවන්නේ කවුරුන්ද ඔහු මෙය දැන ගත යුතුයි. තව්රාතය හා ඉන්ජීලය වැනි පෙර පහළ වූ දේව පුස්තක තහවුරු කරන්නක් ලෙසින් ද යහපත වෙත මඟ පෙන්වන්නක් ලෙසින්ද දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ් සූදානම් කර ඇති සුවපහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වන්නක් ලෙසින්ද අල්ලාහ්ගේ අනුමැතියෙන් යුතුව ඔබේ සිතට අල් කුර්ආනය පහළ කළේ ඔහුය. එබැවින් ඔහුගේ මෙම ගුණාංග හා ඔහුගේ ක්රියාවට විරුද්ධ වනුයේ කවුරුන් ද ඔහු නොමග ගියවුන් අතර කෙනෙකු වන්නේය.
アラビア語 クルアーン注釈:
مَنْ كَانَ عَدُوًّا لِّلّٰهِ وَمَلٰٓىِٕكَتِهٖ وَرُسُلِهٖ وَجِبْرِیْلَ وَمِیْكٰىلَ فَاِنَّ اللّٰهَ عَدُوٌّ لِّلْكٰفِرِیْنَ ۟
අල්ලාහ්ට ඔහුගේ මලක්වරුන්ට ඔහුගේ දහම් දූතවරුන්ට සතුරුව කටයුතු කරන්නේ කවුරුන් ද එමෙන්ම වඩාත් සමීප මලක්වරුන් දෙදෙනෙකු වන ජිබ්රීල් හා මීකාඊල්ට සතුරු වන්නේ කවුරුන් ද නුඹලා අතර හා නුඹලා නොවන වෙනත් අය අතර සිටින එවන් ප්රතික්ෂේප කරන්නන් හට අල්ලාහ් සතුරෙකු බව දැන ගනු. අල්ලාහ් කවුරුන් සමග සතුරු වූයේද සැබැවින්ම ඔහු විශාල පාඩුවක් ලබනු ඇත.
アラビア語 クルアーン注釈:
وَلَقَدْ اَنْزَلْنَاۤ اِلَیْكَ اٰیٰتٍۢ بَیِّنٰتٍ ۚ— وَمَا یَكْفُرُ بِهَاۤ اِلَّا الْفٰسِقُوْنَ ۟
නබිත්වය හා දූත පණිවිඩ මගින් නුඹ ගෙන ආ දෑ සම්බන්ධයෙන් නුඹ සත්යවාදියෙකු ලෙස තහවුරු කරන්නට පැහැදිළි සංඥා සැබැවින්ම අපි නුඹ වෙත එවීමු. ඒ ගැන වටහා ගෙන පැහැදිලි කරගත් පසු, අල්ලාහ්ගේ දහමින් ඉවත් ව යන්නන් මිස වෙනත් කිසිවකු එය ප්රතික්ෂේප කරන්නේ නැත.
アラビア語 クルアーン注釈:
اَوَكُلَّمَا عٰهَدُوْا عَهْدًا نَّبَذَهٗ فَرِیْقٌ مِّنْهُمْ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یُؤْمِنُوْنَ ۟
සැබැවින්ම යුදෙව්වන් සමග ගිවිසුමක් ගිවිසගත් සෑම අවස්ථාවකම -එනම් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ නබිත්වය පිළිබඳ තෝරාවේ පෙන්වා දුන් දෑ මුළුමණින් විශ්වාස කිරීමේ ගිවිසුම- ඔවුන් අතරින් පිරිසක් එය කඩ කළේය. එය ඔවුන් අතර පැවති නපුරු තත්ත්වයකි. එම යුදෙව්වන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් පහළ කළ දෑ සැබෑ ලෙසින් විශ්වාස නොරකන්නන් වෙති. හේතුව දේව විශ්වාසය යනු ගිවිසුම ඉටු කිරීම මත රදා පවතින්නක් වන බැවිනි.
アラビア語 クルアーン注釈:
وَلَمَّا جَآءَهُمْ رَسُوْلٌ مِّنْ عِنْدِ اللّٰهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ نَبَذَ فَرِیْقٌ مِّنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ ۙۗ— كِتٰبَ اللّٰهِ وَرَآءَ ظُهُوْرِهِمْ كَاَنَّهُمْ لَا یَعْلَمُوْنَ ۟ؗ
තව්රාතයේ වර්ණනා කර ඇති පරිදි එයට සාපේක්ෂව අල්ලාහ් වෙතින් දූතයකු වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔවුන් වෙත පැමිණි කල්හි, එතුමා ගැන සඳහන් වූ එම සාධක ඔවුන්ගෙන් පිරිසක් පිටුපෑහ. ඒ පිළිබඳ නොසලකා හැර ඔවුන් අහකට වීසි කර දැමූහ. සත්යයෙන් හා මඟ පෙන්වීමකින් කිසිදු ප්රයෝජනයක් නොලබන අඥානයකුගේ තත්ත්වයට ඔවුන් සමාන විය. ඒ ගැන ඔවුන් සැලකිලිමත් නොවූහ.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• المؤمن الحق يرجو ما عند الله من النعيم المقيم، ولهذا يفرح بلقاء الله ولا يخشى الموت.
• සැබෑ දේව විශ්වාසවන්තයා අල්ලාහ් වෙතින් සදාතනික සැප සම්පත අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් අල්ලාහ් හමුවීම ගැන සතුටට පත් වෙයි. ඔහු මරණයට බිය නොවෙයි.

• حِرص اليهود على الحياة الدنيا حتى لو كانت حياة حقيرة مهينة غير كريمة.
• මෙලොව ජීවිතය කිසිදු ගරුත්වයක් නැති අල්ප පහත් ජීවිතයක් වුවද යුදෙව්වන් මෙලොව ජීවිතයට වඩාත් ඇලුම් කරයි.

• أنّ من عادى أولياء الله المقربين منه فقد عادى الله تعالى.
• අල්ලාහ්ට සමීපතයින් සමග සතුරු වන්නා සැබැවින්ම අල්ලාහ් සමග සතුරුකම් පෑවේය.

• إعراض اليهود عن نبوة محمد صلى الله عليه وسلم بعدما عرفوا تصديقه لما في أيديهم من التوراة.
යුදෙව්වන් තම සන්තකයේ ඇති පුස්තකයේ මුහම්මද් තුමාණන් පිළිබඳ තහවුරු කරමින් සඳහන් කරුණු පිළිබඳ දැනගත් පසු පවා ඔවුන් එයට පිටුපෑම.

• أنَّ من لم ينتفع بعلمه صح أن يوصف بالجهل؛ لأنه شابه الجاهل في جهله.
තම දැනුමෙන් ප්රයෝජනය නොලබන්නා අඥානයෙකු ලෙස වර්ණනා කිරීම වඩාත් නිවැරැදිය. හේතුව ඔහු ඔහුගේ මෝඩකමෙහි අඥානයාට සමාන වන බැවිනි.

 
対訳 章: 雌牛章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる