Check out the new design

Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano * - Indice Traduzioni


Traduzione dei significati Versetto: (144) Sura: Al ‘Imrân
وَمَا مُحَمَّدٌ اِلَّا رَسُوْلٌ ۚ— قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ؕ— اَفَاۡىِٕنْ مَّاتَ اَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلٰۤی اَعْقَابِكُمْ ؕ— وَمَنْ یَّنْقَلِبْ عَلٰی عَقِبَیْهِ فَلَنْ یَّضُرَّ اللّٰهَ شَیْـًٔا ؕ— وَسَیَجْزِی اللّٰهُ الشّٰكِرِیْنَ ۟
මුහම්මද් තුමාණන් මීට පෙර මිය ගිය හෝ මරුමුවට පත් වූ අල්ලාහ්ගේ දූත වර්ගයා අතුරින් වූ දූතයකු මිස වෙනත් කිසිවකු නොවේ. ඔහු මිය ගියේ නම් හෝ මරුමුවට පත් වූයේ නම් නුඹලාගේ දහමින් නුඹලා ඉවත් ව යන්නෙහුද? යුද්ධය අතහැර දමන්නෙහුද? කවරෙකු තම දහම අතහැර දමා යන්නේද ඉන් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු සර්ව බලධාරීය. අති බලසම්පන්නය. එසේ හානියක් සිදු වනුයේ දහම අතහැර ගිය අයටම ය. මෙලොවෙහි පමණක් නොව මතු ලොවෙහිද ඒ හේතුවෙන් ඔහු පරාජය අත් කර ගනු ඇත. අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව රැදී සිටිමින් ඔහුගේ මාර්ගයේ කැපවෙමින් ඔහුට කෘතඥවන්නන්හට ඉමහත් ප්රතිඵල ඔහු පිරිනමනු ඇත.
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• الابتلاء سُنَّة إلهية يتميز بها المجاهدون الصادقون الصابرون من غيرهم.
•පරීක්ෂාවට ලක් කිරීම දේව න්යායකි. එමගින් දෙවියන් වෙනුවෙන් කැප වන සැබෑ ලෙස කටයුතු කරන ඉවසීමෙන් කටයුතු කරන ජනයා සෙසු අයගෙන් වෙන්කොට හඳුනා ගත හැකි වන්නේය.

• يجب ألا يرتبط الجهاد في سبيل الله والدعوة إليه بأحد من البشر مهما علا قدره ومقامه.
•කෙනෙකුගේ හැකියාව හා ඔහුගේ නිලයේ උසස්භාවය සලකා අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම හෝ ජනයාට ඇරයුම් කිරීම යනාදිය ඔහු සමග සම්බන්ධ නොකර සිටීම අනිවාර්යය වන්නේය.

• أعمار الناس وآجالهم ثابتة عند الله تعالى، لا يزيدها الحرص على الحياة، ولا ينقصها الإقدام والشجاعة.
•මිනිසුන්ගේ වයස හා ආයුෂ පිළිබඳ තීන්දුව උත්තරීතර අල්ලාහ් අබියස ඇත්තකි. ජීවත් වීමට ඇති ආශාව එය වර්ධනය කරන්නේ නැත. එමෙන්ම වීරත්වය හා පෙරටුගාමී වීමෙන් එය අඩුකළ ද නොහැක.

• تختلف مقاصد الناس ونياتهم، فمنهم من يريد ثواب الله، ومنهم من يريد الدنيا، وكلٌّ سيُجازَى على نيَّته وعمله.
•මිනිසුන්ගේ අරමුණු හා චේතනා විවිධය. ඔවුන්ගෙන් ඇතැමෙක් අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තු වෙයි. තවත් ඇතැමෙකු මෙලොව අපේක්ෂා කරයි. ඔවුනොවුන්ගේ චේතනාවන් හා ක්රියාවන් අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

 
Traduzione dei significati Versetto: (144) Sura: Al ‘Imrân
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano - Indice Traduzioni

Emesso dal Tafseer Center per gli Studi Coranici.

Chiudi