Check out the new design

Traduzione dei Significati del Sacro Corano - TRADUZIONE CINGALESE dell’Esegesi Sintetica del Nobile Corano * - Indice traduzioni


Traduzione significati Versetto: (15) Sura: Tâ-Hâ
اِنَّ السَّاعَةَ اٰتِیَةٌ اَكَادُ اُخْفِیْهَا لِتُجْزٰی كُلُّ نَفْسٍ بِمَا تَسْعٰی ۟
"සැබැවින්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නකි. එමෙන්ම සිදු වන්නකි. මම එය සඟවා ඇත්තෙමි. කිසිදු මැවීමක් එහි නියමිත වේලාව නොදනීය. නමුත් ඔවුන් වෙත පැමිණි නබිවරුන්ගේ තොරතුරුවලින් ඔවුහු එහි සළකුණු හඳුනා ගනිති. එය සෑම ආත්මයක්ම සිදු කළ යහපතක් හෝ අයහපතක් හෝ වේවා ඒ සඳහා ප්රතිඵල පිරිනමනු පිණිසය."
Esegesi in lingua araba:
Insegnamenti tratti dai versetti:
• وجوب حسن الاستماع في الأمور المهمة، وأهمها الوحي المنزل من عند الله.
•වැදගත් කටයුතුවලදී සාවධානයෙන් සවන්දීමේ අනිවාර්යභාවය. ඒ අතරින් අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ දේව පණිවිඩ වැදගත්කමක් ගනී.

• اشتمل أول الوحي إلى موسى على أصلين في العقيدة وهما: الإقرار بتوحيد الله، والإيمان بالساعة (القيامة)، وعلى أهم فريضة بعد الإيمان وهي الصلاة.
•මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත එවන ලද දේව පණිවිඩය ආරම්භයේ ප්රතිපත්තියේ මූලිකාංග දෙකක් අන්තර්ගත වී ඇත. එනම්, අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගැනීම හා අවසන් හෝරාව ගැන විශ්වාසයයි. එම විශ්වාසයෙන් පසු අනිවාර්යය වන වැදගත්ම කරුණ වනුයේ සලාතයයි.

• التعاون بين الدعاة ضروري لإنجاح المقصود؛ فقد جعل الله لموسى أخاه هارون نبيَّا ليعاونه في أداء الرسالة.
•අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ප්රචාරකයින් අතර අන්යෝන්ය සහය අත්යවශ්ය වන්නේය. දේව මෙහෙවර ඉටු කිරීමේ දී මූසාට සහය දෙනු පිණිස ඔහුගේ සහෝදර හාරූන්ව නබිවරයකු ලෙස අල්ලාහ් පත් කර තිබුණි.

• أهمية امتلاك الداعية لمهارة الإفهام للمدعوِّين.
•ඇරයුම් කරනු ලබන්නන්හට පහදා දීමේ කුසලතාවන් ප්රචාරකයෙකු සතුව තිබීමේ වැදගත්කම.

 
Traduzione significati Versetto: (15) Sura: Tâ-Hâ
Indice Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - TRADUZIONE CINGALESE dell’Esegesi Sintetica del Nobile Corano - Indice traduzioni

Edito dal Tafsir Center for Quranic Studies

Chiudi