Check out the new design

Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano * - Indice Traduzioni


Traduzione dei significati Sura: Al-Baqarah   Versetto:
فَلَمَّا فَصَلَ طَالُوْتُ بِالْجُنُوْدِ ۙ— قَالَ اِنَّ اللّٰهَ مُبْتَلِیْكُمْ بِنَهَرٍ ۚ— فَمَنْ شَرِبَ مِنْهُ فَلَیْسَ مِنِّیْ ۚ— وَمَنْ لَّمْ یَطْعَمْهُ فَاِنَّهٗ مِنِّیْۤ اِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِیَدِهٖ ۚ— فَشَرِبُوْا مِنْهُ اِلَّا قَلِیْلًا مِّنْهُمْ ؕ— فَلَمَّا جَاوَزَهٗ هُوَ وَالَّذِیْنَ اٰمَنُوْا مَعَهٗ ۙ— قَالُوْا لَا طَاقَةَ لَنَا الْیَوْمَ بِجَالُوْتَ وَجُنُوْدِهٖ ؕ— قَالَ الَّذِیْنَ یَظُنُّوْنَ اَنَّهُمْ مُّلٰقُوا اللّٰهِ ۙ— كَمْ مِّنْ فِئَةٍ قَلِیْلَةٍ غَلَبَتْ فِئَةً كَثِیْرَةً بِاِذْنِ اللّٰهِ ؕ— وَاللّٰهُ مَعَ الصّٰبِرِیْنَ ۟
තාලූත් තම සේනාව සමග ගමින් පිටත් ව ගිය කල්හි ඔහු ඔවුන් දෙස බලා: සැබැවින්ම අල්ලාහ් නුඹලා ගංගාවකින් පරීක්ෂා කරනු ඇත. කවරෙකු එයින් පානය කරන්නේද ඔහු මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකු නොවෙයි. ඔහු යුද්ධයේදී මා සමග සහභාගී නොවිය යුතුය. කවරෙකු එයින් පානය නොකළේද ඔහු සැබැවින්ම මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකි. යුද්ධයේදී ඔහු මා සමග සහභාගී වනු ඇත. නමුත් කවුරුන් හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත තම අතින් අහුරක් තරම් පාණක් පානය කරන්නේද ඔහු කෙරෙහි වරදක් නැත. දැඩි පිපාසයත් සමග ජලය පානය නොකර ඉවසීමෙන් සිටි ස්වල්ප දෙනෙකු හැර සේනාවේ සෙසු අය ඉන් පානය කළෝය. තාලූත් හා ඔහු සමග සිටි ඔහු ව විශ්වාස කළවුන් ගංගා ව තරණය කළ කල්හි ඔහුගේ සේනාවෙන් තවත් පිරිසක් ‘අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමග සටන් කිරීමට අපහට ශක්තියක් නොමැතැයි පවසා සිටියෝය. ඒ අවස්ථාවේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ව හමුවන්නේම යැයි තරයේ විශ්වාස කළවුන්: අල්ලාහ්ගේ අනුබලයෙන් හා උදව්වෙන් සංඛ්යාවෙන් අඩු දෙවියන් විශ්වාස කරන කොපමණ සුළු සේනාවන්, සංඛ්යාවෙන් වැඩි දෙවියන් ප්රතික්ෂේප කළ මහා සේනාවන් කොපමණක් අබිබවා ගොස් ජය ගෙන ඇත්දැ’යි පවසා සිටියේය. ජයග්රහණය යනු දේව විශ්වාසය මත පදනම් වූවක් මිස අධිකත්වය පදනම් කරගනිමින් ඇති නොවන්නක් බව මෙහි අපට පෙන්වා දෙන පාඩමයි. අල්ලාහ් තම ගැත්තන් අතර ඉවසලිවන්තයින් සමග සිටියි. ඔහු ඔවුන් ස්ථාවර කරයි. ඔවුනට උපකාර කරයි.
Esegesi in lingua araba:
وَلَمَّا بَرَزُوْا لِجَالُوْتَ وَجُنُوْدِهٖ قَالُوْا رَبَّنَاۤ اَفْرِغْ عَلَیْنَا صَبْرًا وَّثَبِّتْ اَقْدَامَنَا وَانْصُرْنَا عَلَی الْقَوْمِ الْكٰفِرِیْنَ ۟ؕ
ජාලූත් හා ඔහුගේ සේනාවට එරෙහි ව ඔවුන් සටන් කිරීමට පිටත් ව ගිය කල්හි අල්ලාහ් වෙත හැරී මෙසේ ප්රාර්ථනා කළෝය: ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ හදවත් මතට ඉවසීම හෙළනු මැනව! සතුරන් ඉදිරියේ අප පරාජයට පත් නොවන සේ සටනින් අප පලා නොයන තරමට අපගේ පාද ශක්තිමත් කරනු මැනව! ඔබගේ බලගැන්වීමෙන් හා ඔබ අප ශක්තිමත් කිරීමෙන් ඔබ ව ප්රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අප හට ජයග්රහණය ලබා දෙනු මැනව!
Esegesi in lingua araba:
فَهَزَمُوْهُمْ بِاِذْنِ اللّٰهِ ۙ۫— وَقَتَلَ دَاوٗدُ جَالُوْتَ وَاٰتٰىهُ اللّٰهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهٗ مِمَّا یَشَآءُ ؕ— وَلَوْلَا دَفْعُ اللّٰهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الْاَرْضُ وَلٰكِنَّ اللّٰهَ ذُوْ فَضْلٍ عَلَی الْعٰلَمِیْنَ ۟
අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුන් ඔවුන් ව පරාජයට පත් කළෝය. ඔවුන්ගේ සේනාධිපති ජාලූත් ව දාවූද් මරා දැමුවේය. අල්ලාහ් ඔහුට රාජ්ය බලය හා දේව දූතත්වය පිරිනැමීය. ඔහු අභිමත කරන සියලුම ආකාරයේ දැනුම ඔහුට ඉගැන්වීය. මෙලොව හා මතු ලොව විධිමත් කර ගන්නට අවශ්ය සියල්ල ඔහුට රැස් කර දුන්නේය. මෙසේ ඇතැම් ප්රචණ්ඩකාරී ජනයාට එරෙහි ව ප්රතිචාර දැක්වීම අල්ලාහ්ගේ පිළිවෙතක් නොවී නම් අපරාධකරුවන්ගේ ග්රහණයට මහපොළොව ලක් වී එය ව්යසනයට පත් වනු ඇත. නමුත් අල්ලාහ් සියලු මැවීම් කෙරෙහි භාග්යය සම්පන්නය. ත්යාගශීලීය.
Esegesi in lingua araba:
تِلْكَ اٰیٰتُ اللّٰهِ نَتْلُوْهَا عَلَیْكَ بِالْحَقِّ ؕ— وَاِنَّكَ لَمِنَ الْمُرْسَلِیْنَ ۟
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ මෙම පැහැදිලි වදන් අපි ඔබට පාරායනය කර පෙන්වන්නෙමු. සත්යය තොරතුරු ද සාධාරණනීය නීති රීති ද මෙහි ඇතුළත් ව ඇත. තවද සැබැවින්ම නුඹ ලෝ වැසියන්ගේ පරමාධිපති විසින් එවනු ලැබූ රසූල්වරුන් අතුරින් කෙනෙකි.
Esegesi in lingua araba:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• من حكمة القائد أن يُعرِّض جيشه لأنواع الاختبارات التي يتميز بها جنوده ويعرف الثابت من غيره.
•සේනාධිපතියෙකු තම සේනාව වෙන් කර නිවැරදි ව හඳුනා ගැනීම සඳහා විවිධ පරීක්ෂාවන්ට එම සේනාව ලක් කිරීම ඔහුගේ විචක්ෂණ බුද්ධියේ හරයයි.

• العبرة في النصر ليست بمجرد كثرة العدد والعدة فقط، وإنما معونة الله وتوفيقه أعظم الأسباب للنصر والظَّفَر.
•ජයග්රහණය පිළිබඳ පාඩමක්. සැබැවින්ම ජයග්රහණය යනු ප්රමාණය හා සංඛ්යාව පදනම් කර ගෙන පමණක් හිමි වන්නක් නොවේ. ජයග්රහණයට බලවත්ම සාධකය වනුයේ අල්ලාහ්ගේ උපකාරය හා ඔහුගේ ආශිර්වාදයයි.

• لا يثبت عند الفتن والشدائد إلا من عَمَرَ اليقينُ بالله قلوبَهم، فمثل أولئك يصبرون عند كل محنة، ويثبتون عند كل بلاء.
•අල්ලාහ් පිළිබඳ දැඩි විශ්වාසය තම සිත් තුළ ගොඩ නගා ගත් අයහට පමණක් මිස වෙනත් කිසිෙවෙකුට දුෂ්කර හා පීඩිත අවස්ථාවන්වලදී ස්ථාවර ව සිටිය නොහැක. පරීක්ෂණයන්ට ලක්වන සෑම අවස්ථාවකම ඔවුන් ඉවසීමෙන් කටයුතු කරති. සෑම දුෂ්කර අවස්ථාවකම නොසැලී සිටිති.

• الضراعة إلى الله تعالى بقلب صادق متعلق به من أعظم أسباب إجابة الدعاء، ولا سيما في مواطن القتال.
•සැබෑ හදවතකින් යුතු ව අල්ලාහ් සමග බැඳුණු සම්බන්ධකම්, ඔහු වෙත කෙරෙන බැගෑපත් වීම් යනාදිය ප්රාර්ථනාව පිළිගනු ලැබීමට හේතු වන බලවත් සාධක වන්නේය. විශේෂයෙන්ම යුදමය අවස්ථාවන්හි එසේ පිළිපැදිය යුතු ව ඇත.

• من سُنَّة الله تعالى وحكمته أن يدفع شر بعض الخلق وفسادهم في الأرض ببعضهم.
•මහපොළොවේ ඇතැමුන් විසින් සිදු කරන කලහකාරී හා ප්රචණ්ඩකාරී ක්රියාවන්, තවත් ඇතැමුන් විසින් මැඩ පැවැත්වීම අල්ලාහ්ගේ පිළිවෙතකි. එමෙන්ම ඔහුගේ අනුදැනුමෙන් වූවකි.

 
Traduzione dei significati Sura: Al-Baqarah
Indice delle Sure Numero di pagina
 
Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano - Indice Traduzioni

Emesso dal Tafseer Center per gli Studi Coranici.

Chiudi