Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (48) Sura: Al'ma'ida
وَاَنْزَلْنَاۤ اِلَیْكَ الْكِتٰبَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ مِنَ الْكِتٰبِ وَمُهَیْمِنًا عَلَیْهِ فَاحْكُمْ بَیْنَهُمْ بِمَاۤ اَنْزَلَ اللّٰهُ وَلَا تَتَّبِعْ اَهْوَآءَهُمْ عَمَّا جَآءَكَ مِنَ الْحَقِّ ؕ— لِكُلٍّ جَعَلْنَا مِنْكُمْ شِرْعَةً وَّمِنْهَاجًا ؕ— وَلَوْ شَآءَ اللّٰهُ لَجَعَلَكُمْ اُمَّةً وَّاحِدَةً وَّلٰكِنْ لِّیَبْلُوَكُمْ فِیْ مَاۤ اٰتٰىكُمْ فَاسْتَبِقُوا الْخَیْرٰتِ ؕ— اِلَی اللّٰهِ مَرْجِعُكُمْ جَمِیْعًا فَیُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِیْهِ تَخْتَلِفُوْنَ ۟ۙ
අහෝ දූතය, සැබැවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් බවට කිසිදු සැකයක් හෝ කුතුහලයක් හෝ නොමැති සත්යය සමග අල් කුර්ආනය අපි ඔබ වෙත පහළ කළෙමු. එය පෙර පහළ වූ දේව පුස්තක තහවුරු කරන්නකි. ස්ථීර කරන්නකි. එයට අනුකූල දෑ සත්ය වේ. එයට පටහැණි දෑ ව්යාජ වේ. එහි ඔබ වෙත පහළ කළ දෑ අනුව ජනයා අතර තීන්දු ලබා දෙනු. ඔබ වෙත පහළ කළ, එහි කිසිදු සැකයකට ඉඩ නැති සත්යය අතහැර දමා තම ආශාවන්ට වහල් වී එය අනුගමනය නොකරනු. සෑම සමූහයකටම ආධ්යාත්මික නීතිරීති තුළින් පිළිවෙතක් හා එමගින් යහමග ලබන මාධ්යයක් අපි ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් ඒ සියලු පිළිවෙත් එකක් බවට පත් කරන්නට තිබුණි. නමුත් ඔහු සෑම සමූහයකටම පිළිවෙතක් ඇති කළේය. එය සියලු දෙනා පරීක්ෂා කරනු පිණිසය. එවිට ඔහුට පිටුපාන්නා හා ඔහුට අවනතවන්නා කවුරුන් දැයි හෙළිවනු ඇත. එහෙයින් යහපත් ක්රියා කිරීමටත් පිළිකුල් සහගත දෑ අතහැර දමන්නටත් ඔබ යුහුසුලු වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ සැම යොමු වනුයේ අල්ලාහ් වෙත පමණය. ඔබ කවර කරුණක මතභේද ඇති කර ගත්තේද ඒ පිළිබඳ ඔහු මතු ඔබට දැනුම් දෙනු ඇත. එමෙන්ම ඔබ පෙර කළ ක්රියාකාරකම් සඳහා ප්රතිඵලද පිරිනමනු ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الأنبياء متفقون في أصول الدين مع وجود بعض الفروق بين شرائعهم في الفروع.
•වක්තෘවරුන්හට ලැබුණු පිළිවෙත් අතර පවතින අනු කොටස් වල විවිධ වෙනස්කම් තිබුණ ද දහමේ මූලික හරය තුළ ඔවුහු ඒකමතිකයෝ වූහ.

• وجوب تحكيم شرع الله والإعراض عمّا عداه من الأهواء.
•අල්ලාහ්ගේ පිළිවෙත විනිශ්චය කිරීමේ අවශ්යතාව සහ ඒවා හැර වෙනත් ආශාවන්ගෙන් වැළකී සිටීම.

• ذم التحاكم إلى أحكام أهل الجاهلية وأعرافهم.
•අඥාන ජනයාගේ නීතිරීති හා ඔවුන්ගේ සිරිත් විරිත් වෙත යොමු වී තින්දු පැතීමේ අපකීර්තිය.

 
Fassarar Ma'anoni Aya: (48) Sura: Al'ma'ida
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa