Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (11) Sura: Al'shuraa
فَاطِرُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— جَعَلَ لَكُمْ مِّنْ اَنْفُسِكُمْ اَزْوَاجًا وَّمِنَ الْاَنْعَامِ اَزْوَاجًا ۚ— یَذْرَؤُكُمْ فِیْهِ ؕ— لَیْسَ كَمِثْلِهٖ شَیْءٌ ۚ— وَهُوَ السَّمِیْعُ الْبَصِیْرُ ۟
කිසිදු පූර්වාදර්ශයකින් තොර ව අහස්හි හා මහපොළොවෙහි මැවුම්කරු අල්ලාහ්ය. නුඹලාගේ ආයුකාලය අධික කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලාගේ යුගලයන් ඔහු නුඹලාට මැව්වේය. එමෙන්ම නුඹලා වෙනුවෙන් ඔටුවන්, ගවයින් හා එළුවන් අතරින් ද යුගලයන් ඔහු මැව්වේය. නුඹලාගේ යුගලයන් අතර විවාහ වීම සඳහා කලත්රයන් මැව්වේය. නුඹලාගේ ගොවිපළ සතුන් අතරින් උන්ගේ මාංශ හා කිරි නුඹලා පරිභෝජනය කිරීම සඳහා නුඹලාට එමගින් ජීවනාධාර පිරිනැමුවේය. ඔහුගේ මැවීම් අතරින් ඔහුට සමාන කිසිවෙකු නැත. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණය කරන්නාය. ඉන් කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් වී නම් යහපතකි. එය අයහපත් වී නම් අයපහතකි.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• دين الأنبياء في أصوله دين واحد.
•නබිවරුන්ගේ දහමේ මූලය එකම දහමකි.

• أهمية وحدة الكلمة، وخطر الاختلاف فيها.
•ප්රතිපත්තිමය ප්රකාශයේ ඒකීයත්වයේ වැදගත්කම හා එහි වෙන්වීමේ අනතුර.

• من مقومات نجاح الدعوة إلى الله: صحة المبدأ، والاستقامة عليه، والبعد عن اتباع الأهواء، والعدل، والتركيز على المشترك، وترك الجدال العقيم، والتذكير بالمصير المشترك.
•මූලධර්මයේ නිවැරදිභාවය, ඒ මත ස්ථාවරව සිටීම, මනෝ ආශාවන් අනුගමනය කිරීමෙන් දුරස්වීම, සාධාරණත්වය, පොදු දේ කෙරෙහි අවධානය යොමු කිරීම, පුහු තර්ක අතහැර දැමීම, පොදු ඉරණම ගැන මෙනෙහි කිරීම යනාදිය අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ දී සාර්ථකත්වයට අත්යාවශ්ය කරුණු අතරින් කිහිපයකි.

 
Fassarar Ma'anoni Aya: (11) Sura: Al'shuraa
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa