Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (49) Sura: Aal'Imran
وَرَسُوْلًا اِلٰی بَنِیْۤ اِسْرَآءِیْلَ ۙ۬— اَنِّیْ قَدْ جِئْتُكُمْ بِاٰیَةٍ مِّنْ رَّبِّكُمْ ۙۚ— اَنِّیْۤ اَخْلُقُ لَكُمْ مِّنَ الطِّیْنِ كَهَیْـَٔةِ الطَّیْرِ فَاَنْفُخُ فِیْهِ فَیَكُوْنُ طَیْرًا بِاِذْنِ اللّٰهِ ۚ— وَاُبْرِئُ الْاَكْمَهَ وَالْاَبْرَصَ وَاُحْیِ الْمَوْتٰی بِاِذْنِ اللّٰهِ ۚ— وَاُنَبِّئُكُمْ بِمَا تَاْكُلُوْنَ وَمَا تَدَّخِرُوْنَ ۙ— فِیْ بُیُوْتِكُمْ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لَّكُمْ اِنْ كُنْتُمْ مُّؤْمِنِیْنَ ۟ۚ
එමෙන්ම අල්ලාහ් ඔහු ව ඉස්රඊල් දරුවන් අතර දහම් දූතයකු බවට පත් කරනු ඇත. ඔහු ඔවුනට: “නියත වශයෙන්ම මම නුඹලා වෙත එවනු ලැබූ අල්ලාහ්ගේ දූතයෙකි. මාගේ මෙම දූත කාර්යය සනාථ කරන සලකුණක් නුඹලා වෙත ගෙන ආවෙමි. එනම්: නුඹලා සඳහා කුරුල්ලෙකුගේ හැඩයෙන් යුත් භාණ්ඩයක් මැටියෙන් අඹා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් ජීවමාන පක්ෂියෙකු බවට පත් වනු ඇත. උපතින්ම අන්ධවූවන්හට සුවය ලබා දෙමි. එවිට ඔවුන් පෙනුම ලබනු ඇත. ළාඳුරු වැනි කුෂ්ට රෝග වැලඳ ඇත්තන්ගේ චර්මය යථා තත්ත්වයට සුවපත් කරමි. මිය ගිය අයට ප්රාණය ලබා දෙමි. මේ සියල්ල මා සිදු කරනුයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් පමණි. නුඹලා අනුභව කළ යුත්තේ කුමක් ද? නුඹලාගේ නිවෙස්වල ගබඩා කොට සඟවා තැබිය යුතු ආහාරය කුමක්ද? යනාදී තොරතුරු පිළිබඳ මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාසය ඇති කර ගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද සාධක තුළින් සත්යය තහවුරු කරගන්නට අපේක්ෂා කරන්නේ නම් මිනිසා විසින් සිදු කළ නොහැකි මෙවැනි අතිමහත් කරුණු මම නුඹලාට පවසා සිටීමෙන් සැබැවින්ම මා නුඹලා වෙත එවනු ලැබූ දූතයකු බවට වූ ප්රමාණවත් සලකුණු නුඹලාට ඇත.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• شرف الكتابة والخط وعلو منزلتهما، حيث بدأ الله تعالى بذكرهما قبل غيرهما.
•ලිවීමේ හා සැලසුම් කිරීමේ මහිමය හා ඒ දෙකෙහි පවතින උදාරත්වය පැහැදිලි වනුයේ අල්ලාහ් වෙනත් කිසිවක් පැවසීමට පෙර ඒ දෙක සඳහන් කොට ආරම්භ කර තිබීමය.

• من سنن الله تعالى أن يؤيد رسله بالآيات الدالة على صدقهم، مما لا يقدر عليه البشر.
•මිනිසා විසින් සිදු කළ නොහැකි ප්රතිහාර්යමය පැහැදිලි සාධක හා සංඥා තුළින් තම රසූල්වරයා ශක්තිමත් කිරීම අල්ලාහ්ගේ පිළිවෙතකි.

• جاء عيسى بالتخفيف على بني إسرائيل فيما شُدِّد عليهم في بعض شرائع التوراة، وفي هذا دلالة على وقوع النسخ بين الشرائع.
• තව්රරාත් (ග්රන්ථ) යේ සඳහන් දැඩි ආගමික නීතිරීති සමහරක් ඉස්රාඊල් දරුවන්හට සැහැල්ලු කිරීම සඳහා ඊසා (අලය්හිස් සලාම්) තුමා පැමිණියේය. මෙහි ආගමික පිළිවෙත් අතර සංශෝධන හා වෙනස්කම් සිදු වී ඇති බව පෙන්වා දෙන සාක්ෂි ඇත.

 
Fassarar Ma'anoni Aya: (49) Sura: Aal'Imran
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa