Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Al'ankabout   Aya:
وَقَارُوْنَ وَفِرْعَوْنَ وَهَامٰنَ ۫— وَلَقَدْ جَآءَهُمْ مُّوْسٰی بِالْبَیِّنٰتِ فَاسْتَكْبَرُوْا فِی الْاَرْضِ وَمَا كَانُوْا سٰبِقِیْنَ ۟ۚ
කාරූන්, මූසා (අලයිහිස් සලාම්) තුමාගේ සමූහයාට අපරාධ කළ කල්හි ඔහු හා ඔහුගේ නිවෙස පොළොවට ගිල්වා අපි ඔහු විනාශ කළෙමු. එමෙන්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් සාගරයේ ගිල්වා විනාශ කළෙමු. මූසා අලයිහිස් සලාම් තුමා තමන්ගේ සත්යතාව පෙන්වා දෙන පැහැදිලි සාධක සමග පැමිණියහ. නමුත් මිසර දේශයේ ජනයා ඔහුව විශ්වාස කිරීමට උඩඟු වූවෝය. අපගේ දඬුවමින් මිදී ඔවුන් ආරක්ෂා වන්නන් නොවූවෝය.
Tafsiran larabci:
فَكُلًّا اَخَذْنَا بِذَنْۢبِهٖ ۚ— فَمِنْهُمْ مَّنْ اَرْسَلْنَا عَلَیْهِ حَاصِبًا ۚ— وَمِنْهُمْ مَّنْ اَخَذَتْهُ الصَّیْحَةُ ۚ— وَمِنْهُمْ مَّنْ خَسَفْنَا بِهِ الْاَرْضَ ۚ— وَمِنْهُمْ مَّنْ اَغْرَقْنَا ۚ— وَمَا كَانَ اللّٰهُ لِیَظْلِمَهُمْ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
පෙර සඳහන් කරනු ලැබූ සෑම සමූහයක්ම විනාශකාරී අපගේ දඬුවමින් අපි ඔවුන් ග්රහණය කළෙමු. ඔවුන් අතරින් එකිනෙක බැඳුණු රත්වූ ගල් වර්ෂාවක් එවා විනාශ කළ ලූත්ගේ ජනයා වෙති. තවද මහා හඬක් ඔවුන් හසුකරගත් ෂුඅයිබ්ගේ ජනයා හා සාලිහ්ගේ ජනයා ද වෙති. තවද ඔහු හා ඔහුගේ නිවස පොළොවට ගිලා බස්වා විනාශ කළ කාරූන්ද වෙති. තවද දියේ ගිල්වා විනාශ කළ ෆිර්අවුන් හා හාමාන් ද වෙති. කිසිදු වරදකින් තොරව ඔවුන් විනාශ කර දැමීමෙන් අල්ලාහ් ඔවුනට අපරාධ කරන්නෙකු නොවීය. වැරදි සිදු කොට තමන්ටම අපරාධ කරගත්තෝ ඔවුහුමය. එහෙයින් ඔවුනට දඬුවම උරුම විය.
Tafsiran larabci:
مَثَلُ الَّذِیْنَ اتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ اَوْلِیَآءَ كَمَثَلِ الْعَنْكَبُوْتِ ۚ— اِتَّخَذَتْ بَیْتًا ؕ— وَاِنَّ اَوْهَنَ الْبُیُوْتِ لَبَیْتُ الْعَنْكَبُوْتِ ۘ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟
අල්ලාහ් හැර තමන්ට සෙත සලසනු ඇතැයි ද තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් පිළිම වන්දනාව තෝරාගත් බහුදේව වාදීන්ට උදාහරණය සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා තනා ගත් මකුළුවාගේ නිවස මෙනි. නිවෙස් වලින් දුර්වලතම නිවස මකුළුවාගේ නිවසයි. එය සතුරන්ගෙන් ආරක්ෂාව සලසන්නේ නැත. ඔවුන්ගේ පිළිමද එසේය. ඒවා කිසිදු සෙතක් සළසන්නේ නැති අතර මැදිහත් වන්නේ ද නැත. දේව ආදේශකයින් එය දැන සිටියා නම් අල්ලාහ් හැර නැමදීම සඳහා ඔවුන් පිළිම නොගන්නට තිබිණි.
Tafsiran larabci:
اِنَّ اللّٰهَ یَعْلَمُ مَا یَدْعُوْنَ مِنْ دُوْنِهٖ مِنْ شَیْءٍ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
සැබැවින්ම උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් හැර ඔවුන් නමදින දෑ පිළිබඳ ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Tafsiran larabci:
وَتِلْكَ الْاَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ ۚ— وَمَا یَعْقِلُهَاۤ اِلَّا الْعٰلِمُوْنَ ۟
මිනිසුනට මෙම උදාහරණ අප මෙසේ ගෙන හැර පෑවේ ඔවුන් අවදි කරනු පිණිසය. එමෙන්ම සත්යය දැකීමෙන් පසු ඒ වෙත මග ලබනු පිණිසය. එය අල්ලාහ්ගේ පිළිවෙත හා ඔහුගේ ප්රඥාව පිළිබද දැනගත්තවුන් හැර ඔවුන් පතන පරිදි වෙනත් කිසිවකු එය ලබා නොගනු ඇත.
Tafsiran larabci:
خَلَقَ اللّٰهُ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّلْمُؤْمِنِیْنَ ۟۠
උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවීය. මහපොළොවද මැවීය. ඔහු ඒවා නිශ්ඵල ලෙස මවා නැත. නිකරුණේ මවා නැත. සැබැවින්ම එම මැවීම්හි දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ්ගේ ශක්තිය පැහැදිලි කරන සාධක ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් තුළින් ඔහු සුවිශුද්ධ මැවුම්කරු බවට සාධක කර ගන්නෝ ඔවුහුමය. තවද දේව ප්රතික්ෂේපකයින් වනාහි මැවුම්කරුගේ බලය හා ඔහුගේ ශක්තිය දෙස බලා අවදි නොවී ඔවුන් ක්ෂිතිජය තුළ හා ආත්මාවන් තුළ ඇති සංඥාවන් හරහා ගමන් කරති.
Tafsiran larabci:
اُتْلُ مَاۤ اُوْحِیَ اِلَیْكَ مِنَ الْكِتٰبِ وَاَقِمِ الصَّلٰوةَ ؕ— اِنَّ الصَّلٰوةَ تَنْهٰی عَنِ الْفَحْشَآءِ وَالْمُنْكَرِ ؕ— وَلَذِكْرُ اللّٰهِ اَكْبَرُ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا تَصْنَعُوْنَ ۟
අහෝ දූතය! අල් කුර්ආනයෙන් කවර කරුණක් අල්ලාහ් නුඹ වෙත දන්වා සිටියේ ද, එය ජනයාට කියවා පෙන්වනු. සලාතය පූර්ණවත් අයුරින් ඉටු කරනු. සැබැවින්ම පූර්ණ අයුරින් ඉටු කරනු ලබන සලාතය පාපයන් හා පිළිකුල් සහගත දෑහි තමන් වැටීමෙන් එම පුද්ගලයාව වළක්වා ගන්නේය. එය හදවත් තුළ ආලෝකයක් ඇති කරන බැවින් පාපකම් යොජනා කිරීමෙන් වළක්වන්නේය. දැහැමි ක්රියාවන් වෙත මග පෙන්වන්නේය. අල්ලාහ්ව මෙනෙහි කිරීම සියලු දෑට වඩා අති මහත්ය. අති ශ්රේෂ්ඨය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් දනී. නුඹලාගේ ක්රියාවන් අතුරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම් යහපතක්ම වන්නේය. එය අයහපත් නම් අයහපතක්ම වන්නේය.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• أهمية ضرب المثل: (مثل العنكبوت) .
• (මකුළුවාගේ උදාහරණය වැනි) උදාහරණ පැවසීමේ වැදගත්කම.

• تعدد أنواع العذاب في الدنيا.
•මෙලොව හිමි වන විවිධ දඬුවම් වර්ග.

• تَنَزُّه الله عن الظلم.
•අපරාධ හා අසාධාරණ කිරීමෙන් අල්ලාහ් පිවිතුරුය.

• التعلق بغير الله تعلق بأضعف الأسباب.
•අල්ලාහ් නොවන දෑ සමග වූ සම්බන්ධතාව දුර්වල සාධක සමග සම්බන්ධ කරවයි.

• أهمية الصلاة في تقويم سلوك المؤمن.
•දේව විශ්වාසියාගේ මාර්ගය ශක්තිමත් කිරීමෙහි දී සලාතයේ වැදගත්කම.

 
Fassarar Ma'anoni Sura: Al'ankabout
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa