Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Al'furqan   Aya:
وَمَاۤ اَرْسَلْنٰكَ اِلَّا مُبَشِّرًا وَّنَذِیْرًا ۟
අහෝ දූතය! කවරෙකු දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් අල්ලාහ්ට අවනත වන්නේද එවැන්නන්හට ශුභාරංචි දන්වන්නෙකු වශයෙන් හා කවරෙකු දේව ප්රතික්ෂේපය හා පිටුපෑම තුළින් පිටු දකින්නේ ද එවැන්නන්හට අවවාද කරන්නෙකු වශයෙන් මිස අපි නුඹ ව නොඑව්වෙමු.
Tafsiran larabci:
قُلْ مَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ اِلَّا مَنْ شَآءَ اَنْ یَّتَّخِذَ اِلٰی رَبِّهٖ سَبِیْلًا ۟
"අහෝ දූතය! වියදම් කිරීමෙන් අල්ලාහ්ගේ තෘප්තිය වෙත වූ මාර්ගය තෝරා ගැනීමට නුඹලා අතරින් කවරෙකු අභිමත කරන්නේ ද එවැන්නෙකුගෙන් හැර දේව පණිවිඩය ප්රචාරය කිරීම සඳහා මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එහෙයින් එසේ කටයුතු කරත්වා!" යැයි පවසනු.
Tafsiran larabci:
وَتَوَكَّلْ عَلَی الْحَیِّ الَّذِیْ لَا یَمُوْتُ وَسَبِّحْ بِحَمْدِهٖ ؕ— وَكَفٰی بِهٖ بِذُنُوْبِ عِبَادِهٖ خَبِیْرَا ۟
අහෝ දූතය! නුඹේ සියලු කටයුතු වලදී අමරණීය සදා පැවැත්ම ඇති, ජීවමාන අල්ලාහ් මත භාර කරනු. සුවිශුද්ධයාණන් පැසසුම් කරමින් ඔහු ප්රශංසාවට ලක් කරනු. තම ගැත්තන්ගේ පාපයක ගැන තොරතුරු දැන ගන්නෙකු වශයෙන් ඔහු ප්රමාණවත්ය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
Tafsiran larabci:
١لَّذِیْ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ وَمَا بَیْنَهُمَا فِیْ سِتَّةِ اَیَّامٍ ثُمَّ اسْتَوٰی عَلَی الْعَرْشِ ۛۚ— اَلرَّحْمٰنُ فَسْـَٔلْ بِهٖ خَبِیْرًا ۟
ඔහු වනාහි, දින හයක් තුළ අහස් ද මහ පොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද මැව්වේය. පසු ව ඔහු ඉහළට නැග ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි අර්ෂ් හි ඉහළින් ස්ථාපිත විය. ඔහු මහා කාරුණිකය. එහෙයින් අහෝ දූතය! ඒ පිළිබඳ තොරතුරු දන්නාගෙන් විමසා සිටිනු. ඔහු සියලු දෑ දන්නා අල්ලාහ්ය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.
Tafsiran larabci:
وَاِذَا قِیْلَ لَهُمُ اسْجُدُوْا لِلرَّحْمٰنِ ۚ— قَالُوْا وَمَا الرَّحْمٰنُ ۗ— اَنَسْجُدُ لِمَا تَاْمُرُنَا وَزَادَهُمْ نُفُوْرًا ۟
"මහා කරුණාන්විතයාණන්ට සුජූද් කරනු" යැයි දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හට කියනු ලැබූ විට, ඔවුහු "අපි මහා කරුණාන්විතයාණන්ට සුජූද් නොකරමු. මහා කරුණාන්විතයාණන් කවුරුන්ද? අපි ඔහු නොහඳුනමු. අපි ඔහු ව නොපිළිගන්නෙමු. ඔහුට සුජූද් කරන මෙන් නුඹ නියෝග කරන දෑ පිළිබඳ නොහඳුනන තත්ත්වයේ අප සුජූද් කළ යුතුදැ?"යි ඔවුහු විමසා සිටිති. ඔහුට සුජූද් කරන මෙන් ඔවුනට ඔහු කළ නියෝගය ඔහු ව විශ්වාස කිරීමෙන් ඔවුන් දුරස් කළාක් මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත.
Tafsiran larabci:
تَبٰرَكَ الَّذِیْ جَعَلَ فِی السَّمَآءِ بُرُوْجًا وَّجَعَلَ فِیْهَا سِرٰجًا وَّقَمَرًا مُّنِیْرًا ۟
ග්රහයන් හා තාරකා ගමනය සඳහා අහසේ ස්ථානයන් ස්ථාපිත කළ අල්ලාහ් උත්කෘෂ්ඨ විය. ඔහු ආලෝකය විහිඳුවන සූර්යයා අහසෙහි ඇති කළේය. එමෙන්ම එයට පටහැණිව හිරු ආලෝකයෙන් ආලෝකය ලබා භූමියට අලෝකය ලබා දෙන සඳු ද ඔහු එහි ඇති කළේය.
Tafsiran larabci:
وَهُوَ الَّذِیْ جَعَلَ الَّیْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ اَرَادَ اَنْ یَّذَّكَّرَ اَوْ اَرَادَ شُكُوْرًا ۟
අල්ලාහ්ගේ සංඥාවන් තුළින් උපදෙස් ලබා යහ මග ලබන්නට අපේක්ෂා කරන්නන්හට හෝ අල්ලාහ්ගේ ආශිර්වාද වලට කෘතවේදී වන්නට අපේක්ෂා කරන්නන්හට එකක් අනෙක පසුපස හඹා යන මාරුවෙන් මාරුව ගමන් කරන රාත්රිය හා දහවල පිළිවෙලින් ඇති කළේ අල්ලාහ්ය.
Tafsiran larabci:
وَعِبَادُ الرَّحْمٰنِ الَّذِیْنَ یَمْشُوْنَ عَلَی الْاَرْضِ هَوْنًا وَّاِذَا خَاطَبَهُمُ الْجٰهِلُوْنَ قَالُوْا سَلٰمًا ۟
මහා කරුණාන්විතයාණන්ගේ විශ්වාසී ගැත්තන්, මහ පොළොව මත ඉතා යටහත් පහත් ව, අභිමානයෙන් යුතු ව ගමන් කරති. අඥානයින් ඔවුන් සමග කතා කරන විට ඔවුන් හා සමානව ඔවුනට මුහුණ නොදෙති. ඒ වෙනුවට ඔවුන් වෙත අඥානභාවයෙන් තොර ව ඉතා යහපත් ලෙස ඔවුනට කතා කරති.
Tafsiran larabci:
وَالَّذِیْنَ یَبِیْتُوْنَ لِرَبِّهِمْ سُجَّدًا وَّقِیَامًا ۟
ඔවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති වෙනුවෙන් ඔවුන්ගේ නළල් මත සුජූද් කරමින් හා ඔවුන්ගේ පාද මත සිට ගනිමින් අල්ලාහ්ට නැමදුම් කරමින් රාත්රිය ගත කරන්නෝ වෙති.
Tafsiran larabci:
وَالَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖۗ— اِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ۟ۗۖ
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් කරන ප්රාර්ථනාවෙහි, "අපගේ පරමාධිපතියාණනි! අප ව නිරයේ දඬුවමින් දුරස් කරනු මැනව! සැබවින්ම නිරයේ දඬුවම දේව ප්රතික්ෂේපකයකු ලෙස මිය යන්නාට අනිවාර්යය මෙන්ම සදා පවතින්නක් විය" යැයි පවසන්නෝ වෙති.
Tafsiran larabci:
اِنَّهَا سَآءَتْ مُسْتَقَرًّا وَّمُقَامًا ۟
සැබවින්ම එය එහි රැඳෙන්නන්හට නපුරු වාසස්ථානයක් විය. එමෙන්ම එහි පදිංචි වන්නන්හට නපුරු නවාතැනක් විය.
Tafsiran larabci:
وَالَّذِیْنَ اِذَاۤ اَنْفَقُوْا لَمْ یُسْرِفُوْا وَلَمْ یَقْتُرُوْا وَكَانَ بَیْنَ ذٰلِكَ قَوَامًا ۟
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනය ඔවුන් වියදම් කරන විට ඔවුන්ගේ එම වියදම අපතේ යන තරමට නාස්ති නොකරති. ඔවුන් මෙන්ම (විය පැහැදම් කිරීම සඳහා) ඔවුන් වෙත පැවරුණු අනිවාර්යයන් හට වියදම් කිරීමෙහි ඔවුහු නාස්ති නොකරති. ඔවුන්ගේ වියදමෙහි නාස්ති කිරීම හා මසුරු වීම යන කරුණු දෙක අතරින් ඔවුන් මධ්යස්ථ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරති.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الداعي إلى الله لا يطلب الجزاء من الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුලියක් පතන්නේ නැත.

• ثبوت صفة الاستواء لله بما يليق به سبحانه وتعالى.
•උත්තරීතර සුවිශුද්ධයාණන් ඔහුට ගැළපෙන පරිදි ස්ථාපිත වීමේ ස්වරූපය තහවුරු කිරීම.

• أن الرحمن اسم من أسماء الله لا يشاركه فيه أحد قط، دال على صفة من صفاته وهي الرحمة.
•අර් රහ්මාන් - අපරිමිත දයාන්විතයාණන් යන නාමය අල්ලාහ්ගේ නම් අතරින් එකකි. එහි කිසිවකු කිසි විටෙක හවුල් වන්නේ නැත. ඔහුගේ ගුණාංග අතරින් එක් ගුණාංගයක් පෙන්වා දෙන්නකි. එනම් එය කරුණාව නම් ගුණාංගයයි.

• إعانة العبد بتعاقب الليل والنهار على تدارُكِ ما فاتَهُ من الطاعة في أحدهما.
•රාත්රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙන්, අවනතවීම සම්බන්ධයෙන් මග හැරුණු දෑ ළඟා කර ගන්නට ගැත්තාට අනුබල දෙනු ඇත.

• من صفات عباد الرحمن التواضع والحلم، وطاعة الله عند غفلة الناس، والخوف من الله، والتزام التوسط في الإنفاق وفي غيره من الأمور.
•නිහතමානිකම, ඉවසීම, මිනිසුන් අනවධානී ව සිටියදී අල්ලාහ්ට අවනත වීම, අල්ලාහ් පිළිබඳ වූ බිය, වියදම් කිරීමෙහි හා එවන් වෙනත් කටයුතු වලදී මධ්යස්ථභාවය පිළිපැදීම යනාදිය කරුණාන්විතයාණන්ගේ ගැත්තන්ගේ ගුණාංග අතරින් වූ ඇතැම් ගුණාංග වේ.

 
Fassarar Ma'anoni Sura: Al'furqan
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassarar taƙaitaccen Tafsirin AlƘur'ani mai girma da yaren Sinhaliyya. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa