Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Surah: Al-Bayyinah   Ayah:

අල් බය්යිනා

Purposes of the Surah:
بيان كمال الرسالة المحمدية ووضوحها.
මුහම්මදානු දූත මෙහෙයේ පූර්ණත්වය හා එහි පැහැදිළිතාව විස්තර කිරීම.

لَمْ یَكُنِ الَّذِیْنَ كَفَرُوْا مِنْ اَهْلِ الْكِتٰبِ وَالْمُشْرِكِیْنَ مُنْفَكِّیْنَ حَتّٰی تَاْتِیَهُمُ الْبَیِّنَةُ ۟ۙ
යුදෙව්වන්, කිතුනුවන් හා දේව ආදේශකයින් අතුරින් දෙවියන් ප්රෙතික්ෂේප කළවුන්හට දේව ප්රතික්ෂේපය මත ඔවුන් එකතු වී ඒ සැමගේ එඟගත්වය පිහිටනු ලැබූනේත් පැහැදිළි සාක්ෂිය හා සාධකය පැමිණි පසුවය.
Arabic explanations of the Qur’an:
رَسُوْلٌ مِّنَ اللّٰهِ یَتْلُوْا صُحُفًا مُّطَهَّرَةً ۟ۙ
ඒ පැහැදිලි සාක්ෂිය හා සාධකය වූයේ අල්ලාහ් විසින් එවන ලද දූතයාණන්ය. පාරිශුද්ධයින් මිස අන් කිසිවකු ස්පර්ශ නොකරන පවිත්ර වූ ලේඛනය එම දූතයාණන් විසින් කියවයි.
Arabic explanations of the Qur’an:
فِیْهَا كُتُبٌ قَیِّمَةٌ ۟ؕ
මෙම ලේඛනයේ සත්යය හා සාධාරණ නීති පිළිබඳ තොරතුරු සඳහන්ව ඇත. එය මිනිසාගේ යහපත හා මඟපෙන්වීම කවර කරුණක් මත පිහිටන්නේ ද එය කරා යෑමට ඔවුනට මඟ පෙන්වනු ඇත.
Arabic explanations of the Qur’an:
وَمَا تَفَرَّقَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ اِلَّا مِنْ بَعْدِ مَا جَآءَتْهُمُ الْبَیِّنَةُ ۟ؕ
තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන් වෙත අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් එවීමෙන් පසුව මිස වෙන්ව නොගියහ. නමුත් ඔවුන් අතර එය පිළිගත් අයද සිටියෝය. එමෙන්ම නබිවරයාගේ සත්යතාව දැන දැනත් එය ප්රතික්ෂේප කිරීමෙහි ඉක්මවා ගියවුන් ද සිටියෝය.
Arabic explanations of the Qur’an:
وَمَاۤ اُمِرُوْۤا اِلَّا لِیَعْبُدُوا اللّٰهَ مُخْلِصِیْنَ لَهُ الدِّیْنَ ۙ۬— حُنَفَآءَ وَیُقِیْمُوا الصَّلٰوةَ وَیُؤْتُوا الزَّكٰوةَ وَذٰلِكَ دِیْنُ الْقَیِّمَةِ ۟ؕ
යුදෙව්වන් හා කිතුනුවන්ගේ මුරණ්ඩුකම හා වැරැද්ද හෙළි විය. ඔවුන්ගේ දහම් ග්රන්ථවල සඳහන්ව ඇති පරිදි අල්ලාහ් පමණක් නැමදීම, දෙවිඳුන්හට සමානයන් තැබීමෙන් වැළකීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම යනාදිය මිස වෙන කිසිවක් මෙම අල් කුර්ආනයේ ඔවුනට අණ කරනු නොලැබීය. කිසිදු ඇදයක් නැති ඍජු දහම එයයි. ඒ හැර වෙනකක් අණ කරනු නොලැබීය.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• فضل ليلة القدر على سائر ليالي العام.
• වසරේ සෙසු රාත්රියන්ට වඩා කද්ර් රාත්රියේ මහිමය.

• الإخلاص في العبادة من شروط قَبولها.
• නැමදුම් තුළ ඇතිකර ගන්නා ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය, එම නැමදුම පිළිගැනීමට තුඩු දෙන කොන්දේසියකි.

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
• මූලධර්ම ආගම්වල පවතින එකඟතාව මෙම දේව මෙහෙවර පිළිගැනීමට ඇරයුම් කරනු ලබන සාධකයකි.

 
Translation of the meanings Surah: Al-Bayyinah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close