Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (67) Surah: Al-Anfāl
مَا كَانَ لِنَبِیٍّ اَنْ یَّكُوْنَ لَهٗۤ اَسْرٰی حَتّٰی یُثْخِنَ فِی الْاَرْضِ ؕ— تُرِیْدُوْنَ عَرَضَ الدُّنْیَا ۖۗ— وَاللّٰهُ یُرِیْدُ الْاٰخِرَةَ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟
තමන් සමග සටන් වදින දේව ප්රතික්ෂේපක සිරකරුවන් නැවත තමන් සමග යළි සටන් නොකරන තරමට ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කරනු පිණිස ඔවුන් අධික ලෙස ඝාතනය කරනු ලබන තෙක් ඔවුන් රඳවා තබා ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! බද්ර් සිරකරුවන්ගෙන් වන්දි ලබා ගැනීම නුඹලා අපේක්ෂා කරන්නෙහුය. නමුත් අල්ලාහ් දහමේ ජය හා එහි ගෞරවය තුළින් ලබන මතු ලොව අපේක්ෂා කරයි. අල්ලාහ් තම පැවැත්ම, තම ගුණාංග හා තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු විසින් ඔහු අබිබවා යා නොහැක. ඔහුගේ නියමයන් හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• في الآيات وَعْدٌ من الله لعباده المؤمنين بالكفاية والنصرة على الأعداء.
•තම දේව විශ්වාසී ගැත්තන් හට, සතුරන්ට එරෙහි ව ප්රමාණවත් ජයක් අල්ලාහ් වෙතින් ඇති බවට වූ ප්රතිඥාවක් මෙම පාඨ වල අන්තර්ගත ව ඇත.

• الثبات أمام العدو فرض على المسلمين لا اختيار لهم فيه، ما لم يحدث ما يُرَخِّص لهم بخلافه.
•සතුරන් ඉදිරියේ නොසැලී සිටීම මුස්ලිම්වරුන් කෙරෙහි අනිවාර්යය වන්නේය. එයට පටහැනිව කටයුතු කිරීම සඳහා අවකාශයක් ඔවුනට නොලැබෙන කල්තාක් එහිදී ඔවුනට තේරීමේ අවකාශයක් හිමි වන්නේ නැත.

• الله يحب لعباده معالي الأمور، ويكره منهم سَفْسَافَها، ولذلك حثهم على طلب ثواب الآخرة الباقي والدائم.
•කටයුතු උසස් කොට සලකන ගැත්තන් හට අල්ලාහ් ප්රිය කරයි. ඔවුන් අතරින් ඒවා පහත් කොට සලකන්නන් ඔහු පිළිකුල් කරයි. එබැවින්, සදා පවතින මතු ලොවෙහි කුසල් සෙවීමට ඔහු ඔවුන් දිරි ගන්වයි.

• مفاداة الأسرى أو المنّ عليهم بإطلاق سراحهم لا يكون إلا بعد توافر الغلبة والسلطان على الأعداء، وإظهار هيبة الدولة في وجه الآخرين.
•සිරකරුවන් නිදහස් කරමින්, ඔවුනට සෙත සැලසීම හෝ ඔවුනට උපකාර කිරීම, සතුරන්ගේ ජයග්රහණය හා ආධිපත්යයෙන් පසුව හා අන් අය ඉදිරියේ රජය පිළිබඳ බිය හෙළි වීමෙන් පසුව විය යුතුයි.

 
Translation of the meanings Ayah: (67) Surah: Al-Anfāl
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close