Check out the new design

Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Index of Translations


Translation of the Meanings Surah: Al-Hāqqah   Verse:

අල් හාක්කා

Objectives of the Surah:
إثبات أن وقوع القيامة والجزاء فيها حقٌّ لا ريب فيه.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදුවීම හා එහි ප්රතිඵල පිරිනැමීම කිසිදු සැකයකින් තොරව සත්යය බව තහවුරු කිරීම.

اَلْحَآقَّةُ ۟ۙ
සියලු දෙනාහට නියම වන නැවත නැගිටුවනු ලැබීමේ හෝරාව අල්ලාහ් සිහිපත් කරයි.
Arabic Tafsirs:
مَا الْحَآقَّةُ ۟ۚ
අල් හාක්කා හෙවත් තිරසාර සිද්ධිය කුමක් දැයි ප්රශ්න කිරීමෙන් එහි බලවත්භාවය ඉස්මතු කරයි.
Arabic Tafsirs:
وَمَاۤ اَدْرٰىكَ مَا الْحَآقَّةُ ۟ؕ
එම හාක්කා හෙවත් තිරසාර සිද්ධිය කුමක් දැයි ඔබව දැනුවත් කළේ කුමක් ද?
Arabic Tafsirs:
كَذَّبَتْ ثَمُوْدُ وَعَادٌ بِالْقَارِعَةِ ۟
සාලිහ්ගේ ජනයා වූ සමූද් වාසීන් ද හූද්ගේ ජනයා වූ ආද් වාසීන් ද එහි දරුණු ව්යසන හේතුවෙන් මිනිසුන්ගේ හදවත් තිගැස්සීමට පත් කරවන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කළෝය.
Arabic Tafsirs:
فَاَمَّا ثَمُوْدُ فَاُهْلِكُوْا بِالطَّاغِیَةِ ۟
සමූද් ජනයා වනාහි, අති බිහිසුණු හා කුරීරු හඬකින් අල්ලාහ් ඔවුන් විනාශ කළේය.
Arabic Tafsirs:
وَاَمَّا عَادٌ فَاُهْلِكُوْا بِرِیْحٍ صَرْصَرٍ عَاتِیَةٍ ۟ۙ
ආද් ජනයා වනාහි, ඔවුන් හට මහත් කුරීරු වූ බිහිසුණු සීත සුළඟකින් අල්ලාහ් ඔවුන් විනාශ කළේය.
Arabic Tafsirs:
سَخَّرَهَا عَلَیْهِمْ سَبْعَ لَیَالٍ وَّثَمٰنِیَةَ اَیَّامٍ ۙ— حُسُوْمًا فَتَرَی الْقَوْمَ فِیْهَا صَرْعٰی ۙ— كَاَنَّهُمْ اَعْجَازُ نَخْلٍ خَاوِیَةٍ ۟ۚ
රාත්රී හතක සහ දහවල් අටක කාලයක් අල්ලාහ් එය එව්වේය. එය ඔවුන්ගේ පිය පරම්පරාව විනාශ කර දැමීය. ඔවුන්ගේ නිවෙස් තුළම බිම ඇද වැටී විනාශ වී සිටිනු නුඹට දකින්නට තිබුණි. ඔවුන් විනාශ වීමෙන් පසු පොළොව මත දිරාපත් වී වැටුණු ඉඳිගස් කදන් මෙන් විය.
Arabic Tafsirs:
فَهَلْ تَرٰی لَهُمْ مِّنْ بَاقِیَةٍ ۟
ඔවුනට දඬුවම අත් වූ පසු ඔවුන්ගෙන් කිසිවකු හෝ ඔබ දුටුවේ ද?!
Arabic Tafsirs:
Benefits of the Verses on this page:
• الصبر خلق محمود لازم للدعاة وغيرهم.
•ඉවසීම ආගමික ඇරයුම් කටයුතුවල නිරත වන්නන් හා සෙසු අයට ද අනිවාර්යය වන ප්රශංසනීය ගුණාංගයකි.

• التوبة تَجُبُّ ما قبلها وهي من أسباب اصطفاء الله للعبد وجعله من عباده الصالحين.
•පාපක්ෂමාවෙහි නිරත වීම ඊට කළින් පැවති දෑ ඉක්මවා යනු ඇත. තවද එය ගැත්තාට අල්ලාහ් තෝරා දුන් සාධකයකි. එය ඔහු ව දැහැමි ගැත්තන් අතරට පත් කරනු ඇත.

• تنوّع ما يرسله الله على الكفار والعصاة من عذاب دلالة على كمال قدرته وكمال عدله.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා පාපකම් සිදු කරන්නන් හට විවිධාකාර දඬුවම් අල්ලාහ් එවන්නේය. එය ඔහුගේ බලයේ පූර්ණභාවය හා සාධාරණත්වයේ පූර්ණ භාවය පෙන්වා දෙන්නකි.

 
Translation of the Meanings Surah: Al-Hāqqah
Index of Surahs Page Number
 
Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Index of Translations

Issued by Tafsir Center for Quranic Studies

Close