Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (8) Surah: Al-Mujādalah
اَلَمْ تَرَ اِلَی الَّذِیْنَ نُهُوْا عَنِ النَّجْوٰی ثُمَّ یَعُوْدُوْنَ لِمَا نُهُوْا عَنْهُ وَیَتَنٰجَوْنَ بِالْاِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِیَتِ الرَّسُوْلِ ؗ— وَاِذَا جَآءُوْكَ حَیَّوْكَ بِمَا لَمْ یُحَیِّكَ بِهِ اللّٰهُ ۙ— وَیَقُوْلُوْنَ فِیْۤ اَنْفُسِهِمْ لَوْلَا یُعَذِّبُنَا اللّٰهُ بِمَا نَقُوْلُ ؕ— حَسْبُهُمْ جَهَنَّمُ ۚ— یَصْلَوْنَهَا ۚ— فَبِئْسَ الْمَصِیْرُ ۟
අහෝ ධර්ම දූතය! යුදෙව්වන් දේවත්වය විශ්වාස කරන අයෙකු දුටු විට රහසිගතව එකිනෙකා කතා කරනු ඔබ නොදුටුවෙහි ද? එසේ රහසින් කතා කිරීම අල්ලාහ් ඔවුනට තහනම් කළේය. ඉන්පසුවත් අල්ලාහ් ඔවුනට තහනම් කළ දෑ වෙත ඔවුහු නැවත යොමු වෙති. ඔවුන් අතර දේවත්වය විශ්වාස කරන ජනයා පිළිබඳ අඩුපාඩුකම් ඔවුනට විරුද්ධ කටයුතු හා දූතයාණන්හට පිටුපෑම වැනි පාපතර රහස් සාකච්ඡාවන්හි ඔවුහු නිරත වෙති. අහෝ ධර්ම දූතය! ඔවුන් නුඹලා වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුභ නොපතන දැයින් ඔවුහු නුඹට සුභ පතති. එය ඔවුන් ඔබට මරණය අපේක්ෂා කරමින් ‘අස්සාම් අලයික’ යනුවෙන් පවසමිනි. නබි (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාණන්ව බොරු කරමින්, ‘අප පවසන දෑ සඳහා අල්ලාහ් අපට දඬුවම් කළ යුතු නොවේ ද? සැබැවින්ම තමන් නබිවරයෙකු බව ඔහු කරන වාදයෙහි ඔහු සත්යවාදියෙකු නම් ඔහු ගැන අප කතා කරන දෑ හේතුවෙන් අපහට අල්ලාහ් දඬුවම් කරනු ඇතැ’යි හාස්යයෙන් කතා කරති. ඔවුන් පවසා සිටින දෑ සඳහා දඬුවම් වශයෙන් ඔවුනට නිරය ප්රමාණවත් වේ. එහි උෂ්ණය ඔවුහු විදිති. ඔවුන් යොමු වන ස්ථානය ඉතා පිළිකුල් සහගතය.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• مع أن الله عالٍ بذاته على خلقه؛ إلا أنه مطَّلع عليهم بعلمه لا يخفى عليه أي شيء.
•අල්ලාහ් ඔහුගේ මැවීම්වලට වඩා පැවැත්මෙන් උසස් මෙන්ම, තම ප්රඥාවෙන් සැබැවින්ම ඔහු ඔවුන් කෙරෙහි නිරීක්ෂා කරන්නාය. ඔහු වෙත කිසිවක් සැගවෙන්නේ නැත.

• لما كان كثير من الخلق يأثمون بالتناجي أمر الله المؤمنين أن تكون نجواهم بالبر والتقوى.
•මැවීම් අතරින් බොහෝ දෙනා අයුතු ලෙස රහසිගත සාකච්ඡාවල නිරත වී පාපකම් උපයමින් සිටියදී ඔවුන්ගේ එම රහස් සාකච්ඡා තුළ යහපත හා දේව සවිඥානකත්වය ඇති කරන දෑ කතා කරන්නැයි දේව විශ්වාසී ජනයාට අල්ලාහ් නියෝග කර සිටියේය.

• من آداب المجالس التوسيع فيها للآخرين.
•සභාගර්භයන්හි සෙසු අය සඳහා ඉඩ ප්රස්ථාව ලබා දීම හා විවෘත වීම විනයකි.

 
Translation of the meanings Ayah: (8) Surah: Al-Mujādalah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close