Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (4) Surah: Al-Mujādalah
فَمَنْ لَّمْ یَجِدْ فَصِیَامُ شَهْرَیْنِ مُتَتَابِعَیْنِ مِنْ قَبْلِ اَنْ یَّتَمَآسَّا ۚ— فَمَنْ لَّمْ یَسْتَطِعْ فَاِطْعَامُ سِتِّیْنَ مِسْكِیْنًا ؕ— ذٰلِكَ لِتُؤْمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ ؕ— وَتِلْكَ حُدُوْدُ اللّٰهِ ؕ— وَلِلْكٰفِرِیْنَ عَذَابٌ اَلِیْمٌ ۟
නුඹලා අතරින් කිසිවෙකුට හෝ එසේ නිදහස් කළ හැකි කාන්තාවක් නොලැබුවේ නම් තමන් ලිහාර් කළ බිරිය සමග අඹු සැමි ඇසුරෙහි නිරත වීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුයි. අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත වීමට හැකියාවක් නොමැත්තා, ඔහු දුප්පතුන් හැට දෙනෙකුට ආහාරය සැපයිය යුතුයි. අප මෙම තීන්දුව නියම කර ඇත්තේ සැබැවින්ම එය අල්ලාහ් නියෝග කළ බවට නුඹලා විශ්වාස කොට එම නියෝගය නුඹලා විසින් පිළිපැද ඔහුගේ දූතයාණන් අනුගමනය කිරීමටය. අපි නුඹලාට ආගමානුගත කළ නීතිරීති අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ සීමාවන් වේ. එබැවින් නුඹලා ඒවා කඩ නොකරනු. අල්ලාහ්ගේ නීතිය හා ඔහු නියම කළ සීමාවන් ප්රතික්ෂේප කරන්නන් හට වේදනීය දඬුවමක් ඇත.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• لُطْف الله بالمستضعفين من عباده من حيث إجابة دعائهم ونصرتهم.
•ඔහුගේ ගැත්තන් අතර සිටින දුර්වල හා දුබලයින්ගේ ප්රාර්ථනාවන් පිළිගෙන, ඔවුනට උපකාර කිරීමෙන් අල්ලාහ් ඔවුන් කෙරෙහි දක්වා ඇති සෙනෙහස.

• من رحمة الله بعباده تنوع كفارة الظهار حسب الاستطاعة ليخرج العبد من الحرج.
•ගැත්තන් තමන් කළ ළිහාර් වරදින් බැහැර වීම සඳහා වූ ප්රතිකර්ම ඔවුනට හැකි පමණින් ඉටු කරනු පිණිස ඒවා විවිධ ප්රතිකර්මයන් බවට පත් කර තිබීමේ අල්ලාහ්ගේ කරුණාව.

• في ختم آيات الظهار بذكر الكافرين؛ إشارة إلى أنه من أعمالهم، ثم ناسب أن يورد بعض أحوال الكافرين.
•ළිහාර්හි පාඨවල අවසානයේ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිබඳ සිහිපත් කරයි. සැබැවින්ම එය ඔවුන්ගේ ක්රියාවන් අතරින් වන බව පෙන්වා දෙන්නක් ලෙසිනි. පසුව දේව ප්රතික්ෂේපකයින්ගේ අතැම් තත්ත්වයන් පිළිබඳ තොරතුරු සපයයි.

 
Translation of the meanings Ayah: (4) Surah: Al-Mujādalah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close