Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Ayah: (27) Surah: Al-Hadīd
ثُمَّ قَفَّیْنَا عَلٰۤی اٰثَارِهِمْ بِرُسُلِنَا وَقَفَّیْنَا بِعِیْسَی ابْنِ مَرْیَمَ وَاٰتَیْنٰهُ الْاِنْجِیْلَ ۙ۬— وَجَعَلْنَا فِیْ قُلُوْبِ الَّذِیْنَ اتَّبَعُوْهُ رَاْفَةً وَّرَحْمَةً ؕ— وَرَهْبَانِیَّةَ ١بْتَدَعُوْهَا مَا كَتَبْنٰهَا عَلَیْهِمْ اِلَّا ابْتِغَآءَ رِضْوَانِ اللّٰهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَایَتِهَا ۚ— فَاٰتَیْنَا الَّذِیْنَ اٰمَنُوْا مِنْهُمْ اَجْرَهُمْ ۚ— وَكَثِیْرٌ مِّنْهُمْ فٰسِقُوْنَ ۟
පසුව තම සමූහයාට සත්ය පැහැදිලි කර දෙනු පිණිස අපි අපගේ දූතවරුන් අනුපිළිවෙලින් යැව්වෙමු. ඒ අතර මර්යම්ගේ පුත් ඊසා ව ද යැව්වෙමු. ඔහුට ඉන්ජීලය අපි පිරිනැමුවෙමු. ඔහු ව විශ්වාස කොට අනුගමනය කළවුන්ගේ හදවත් තුළ සෙනෙහස හා කරුණාව අපි ඇති කළෙමු. ඒ අනුව ඔවුන් එකිනෙකා අතර සෙනෙහසින් හා කරුණාවෙන් කටයුතු කරන්නන් වූහ. නමුත් ඔවුන්ගේ දහම තුළ ඉක්මවා යමින් ඔවුහු අලුත් දෑ එකතු කළෝය. ඔවුනට අල්ලාහ් අනුමත කළ විවාහය හා ඇතැම් වින්දනයන් අතහැර දැමූහ. එය අපි ඔවුන්ගෙන් නොපැතුවෙමු. දහම තුළ එවන් දෑ අලුතින් නිර්මාණය කර ගනිමින් අනිවාර්යය කර ගත්තේ ඔවුන් විසින්මය. සැබැවින්ම අපි ඉල්ලා සිටියේ අල්ලාහ්ගේ තෘප්තිය අනුගමනය කරන මෙන් පමණය. නමුත් ඔවුන් එසේ කටයුතු නො කළෝය. ඔවුන් අතර විශ්වාස කළවුන්ට ඔවුන්ගේ කුසල් අපි පිරිනැමුවෙමු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් වෙත තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ගෙන ආ දෑ බොරු කරමින් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝය.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• الحق لا بد له من قوة تحميه وتنشره.
•සත්යය ආරක්ෂා කිරීමට හා ව්යාප්ත කිරීමට බලය තිබිය යුතුය.

• بيان مكانة العدل في الشرائع السماوية.
•දිව්යමය නීතිවල යුක්තියේ ස්ථාවරය පැහැදිලි කිරීම.

• صلة النسب بأهل الإيمان والصلاح لا تُغْنِي شيئًا عن الإنسان ما لم يكن هو مؤمنًا.
•දේව විශ්වාසය හා ධර්මිෂ්ඨකම ඇති පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම, දේව විශ්වාසියෙකු සිටින තාක් කල් එම පුද්ගලයින් ගැන විශ්වාසය මිස වෙනත් දෙයක් පොහොසත් නොකරයි.

• بيان تحريم الابتداع في الدين.
•දහම තුළ අලුතින් දෙයක් බිහිකිරීමේ තහනම පැහැදිලි කිරීම.

 
Translation of the meanings Ayah: (27) Surah: Al-Hadīd
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close