Check out the new design

Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Index of Translations


Translation of the Meanings Verse: (101) Surah: Al-Mā’idah
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لَا تَسْـَٔلُوْا عَنْ اَشْیَآءَ اِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ ۚ— وَاِنْ تَسْـَٔلُوْا عَنْهَا حِیْنَ یُنَزَّلُ الْقُرْاٰنُ تُبْدَ لَكُمْ ؕ— عَفَا اللّٰهُ عَنْهَا ؕ— وَاللّٰهُ غَفُوْرٌ حَلِیْمٌ ۟
අහෝ විශ්වාස කළවුනි! ඔබට ප්රයෝජනයක් නැති කරුණු පිළිබඳ ඔබේ ධර්ම දූතයාණන්ගෙන් නොවිමසනු. එය ඔබේ ආගමික කටයුතු වලදී ඔබට ප්රයෝජනවත් නොවන්නේය. ඔබට යම් දෙයක් හෙළි වූයේ නම්, එහි ඇති දුෂ්කරතාව හේතුවෙන් ඔබ නිරායාසයට පත් වනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන්හට වහී පහළ වන මොහොතේ විමසීමට තහනම් කරන ලද කරුණක් පිළිබඳ ඔබ විමසා සිටියෙහු නම්, එය ඔබට පැහැදිලි කර දෙනු ලැබේ. එය අල්ලාහ්ට පහසු කාර්යයකි. අල් කුර්ආනය නිහඬ ව සිටි කරුණු සම්බන්ධයෙන් අල්ලාහ් නොසලකා හරින්නේය. එහෙයින් ඒ ගැන නොවිමසනු. සැබැවින්ම ඒ ගැන ඔබ විමසා සිටියෙහු නම් ඔබ වෙත එහි නීති අනුගමනය කරන්නට සිදු වනු ඇත. අල්ලාහ් වනාහි, ඔහුගේ ගැත්තන් ඔහු වෙත පශ්චාත්තාපයේ නිරත ව සමාව අයැද සිටි විට, අල්ලාහ් ඔවුන්ගේ පාපකම්වලට අතිශය සමාව දෙන්නාය. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් කිරීමෙන් ඔහු ඉවසන සුළුය.
Arabic Tafsirs:
Benefits of the Verses on this page:
• الأصل في شعائر الله تعالى أنها جاءت لتحقيق مصالح العباد الدنيوية والأخروية، ودفع المضار عنهم.
•සැබැවින්ම අල්ලාහ්ගේ ආගමික සලකුණු වල පදනම වනුයේ, සැබැවින්ම ඒවා පැමිණ ඇත්තේ ගැත්තන්ගේ මෙලොව හා මතුලොව යහපත තහවුරු කිරීම පිණිස හා ඔවුන්ගෙන් හානිදායක දෑ වළක්වනු පිණිසය.

• عدم الإعجاب بالكثرة، فإنّ كثرة الشيء ليست دليلًا على حِلِّه أو طِيبه، وإنما الدليل يكمن في الحكم الشرعي.
• අධිකත්වය පදනම් කරමින් හාස්යයට පත් නොවිය යුතුය. සැබැවින්ම අධික වස්තුව එය අනුමත බව හෝ යහපත් බව හෝ පෙන්වා දෙන්නක් නොවේ. එසේ පෙන්වා දීමට හැකිවනුයේ ආගමික තීන්දුව තුළ පමණය.

• من أدب المُسْتفتي: تقييد السؤال بحدود معينة، فلا يسوغ السؤال عما لا حاجة للمرء ولا غرض له فيه.
• තීන්දු පතන්නන්ගේ විනය විය යුත්තේ, නියමිත සීමාවන් තුළ පමණක් ප්රශ්නය සැලසුම් කිරීමය. පුද්දලයකු අවශ්යතාවක් නොමැති. එහි ඔහුට කිසිදු අභිලාෂයක් නොමැති දෑ පිළිබඳ ප්රශ්න කිරීම යුක්තිසහගත නොවන්නේය.

• ذم مسالك المشركين فيما اخترعوه وزعموه من محرمات الأنعام ك: البَحِيرة، والسائبة، والوصِيلة، والحامي.
•බහීරා, සාඉබා, වසීලා හා හාමී වැනි වර්ගයට අයත් ගොවිපළ සතුන් තහනම් කරන ලද සතුන් යැයි දේවත්වයට ආදේශ කරන්නන් උපකල්පනය කිරීමේ දී හා විශ්වාස කිරීමේ දී ඔවුන්ගේ අපකීර්තිමත් ගමන.

 
Translation of the Meanings Verse: (101) Surah: Al-Mā’idah
Index of Surahs Page Number
 
Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Index of Translations

Issued by Tafsir Center for Quranic Studies

Close