Check out the new design

Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Index of Translations


Translation of the Meanings Surah: Al-Mā’idah   Verse:
یُرِیْدُوْنَ اَنْ یَّخْرُجُوْا مِنَ النَّارِ وَمَا هُمْ بِخٰرِجِیْنَ مِنْهَا ؗ— وَلَهُمْ عَذَابٌ مُّقِیْمٌ ۟
නිරා ගින්නට පිවිසුණු විට ඉන් මිදීමට ඔවුහු අපේක්ෂා කරති. එය කෙසේ නම් විය හැකිද? ඔවුහු එයින් බැහැර නොවන්නේමය. එහි ඔවුනට සදාතනික දඬුවමක් ඇත.
Arabic Tafsirs:
وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوْۤا اَیْدِیَهُمَا جَزَآءً بِمَا كَسَبَا نَكَالًا مِّنَ اللّٰهِ ؕ— وَاللّٰهُ عَزِیْزٌ حَكِیْمٌ ۟
අහෝ නිලධාරියනි, හොරෙකු හෝ හෙරක හෝ වේවා අයුතු ලෙස මිනිසාගේ ධනය පැහැර ගැනීමේ වරදට අල්ලාහ්ගෙන් වූ දඬුවමක් වශයෙන් ද ඔවුන් දෙදෙනා හා සෙසු අය බිය ගැන්වීමක් වශයෙන් ද ඔවුන් දෙදෙනාට ක්රියාත්මක කරන පරිදි දකුණත කපා හරිනු.
Arabic Tafsirs:
فَمَنْ تَابَ مِنْ بَعْدِ ظُلْمِهٖ وَاَصْلَحَ فَاِنَّ اللّٰهَ یَتُوْبُ عَلَیْهِ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
කළ සොරකම් පිළිබඳ පසුතැවිලි වී කවරෙකු අල්ලාහ් වෙත පාප ක්ෂමාව අයැද තම ක්රියාවන් විධිමත් කර ගත්තේද ඔහුට පිරිනමන භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. එය තම ගැත්තන් අතුරින් පාප ක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපයට සැබැවින්ම අල්ලාහ් සමාව දීමෙනි. නමුත් එම කරුණ විනිසුරුවන් වෙත ගියේ නම්, පාප ක්ෂමාව කළ හේතුවෙන් දඬුවම ඔහුගෙන් ඉවත් වන්නේ නැත.
Arabic Tafsirs:
اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— یُعَذِّبُ مَنْ یَّشَآءُ وَیَغْفِرُ لِمَنْ یَّشَآءُ ؕ— وَاللّٰهُ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
අහෝ දූතය, අහස්හි හා මහපොළොවේ පාලනය සැබැවින්ම අල්ලාහ් සතු බව ඔබ දන්නෙහිය. ඔහු අභිමත කරන පරිදි ඒවා ක්රියාත්මක කරයි. එමෙන්ම ඔහු අභිමත කරන අයට සාධාරණ ලෙසින් දඬුවම් පමුණුවයි. ඔහු අභිමත කරන අයට ඔහුගේ භාග්යයෙන් සමාව දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නට කිසිවක් නොමැත.
Arabic Tafsirs:
یٰۤاَیُّهَا الرَّسُوْلُ لَا یَحْزُنْكَ الَّذِیْنَ یُسَارِعُوْنَ فِی الْكُفْرِ مِنَ الَّذِیْنَ قَالُوْۤا اٰمَنَّا بِاَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِنْ قُلُوْبُهُمْ ۛۚ— وَمِنَ الَّذِیْنَ هَادُوْا ۛۚ— سَمّٰعُوْنَ لِلْكَذِبِ سَمّٰعُوْنَ لِقَوْمٍ اٰخَرِیْنَ ۙ— لَمْ یَاْتُوْكَ ؕ— یُحَرِّفُوْنَ الْكَلِمَ مِنْ بَعْدِ مَوَاضِعِهٖ ۚ— یَقُوْلُوْنَ اِنْ اُوْتِیْتُمْ هٰذَا فَخُذُوْهُ وَاِنْ لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُوْا ؕ— وَمَنْ یُّرِدِ اللّٰهُ فِتْنَتَهٗ فَلَنْ تَمْلِكَ لَهٗ مِنَ اللّٰهِ شَیْـًٔا ؕ— اُولٰٓىِٕكَ الَّذِیْنَ لَمْ یُرِدِ اللّٰهُ اَنْ یُّطَهِّرَ قُلُوْبَهُمْ ؕ— لَهُمْ فِی الدُّنْیَا خِزْیٌ ۙ— وَّلَهُمْ فِی الْاٰخِرَةِ عَذَابٌ عَظِیْمٌ ۟
දේව විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළත තබා කටයුතු කරන කුහකයින් අතුරින් ඔබ ව කුපිත කරවනු පිණිස දේව ප්රතික්ෂේප ක්රියාවන්හි යුහුසුලු ව ක්රියා කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුයි. එමෙන්ම ඔවුන්ගේ ප්රධානීන්ට ඇහුම් කන්දී එය පිළිගෙන, ඔබ වෙත හේතු දැනගන්නට නොපැමිණි ඔවුන්ගේ නායකයින් අනුකරණය කරන යුදෙව්වන්ද ඔබ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු තම ආශාවන්ට අනුව තව්රාතයේ ඇති දේව වාක්යය වෙනස් කරමින් තම අනුගාමිකයින්ට මෙසේ පවසති. 'ඔබේ ආශාවන් මුහම්මද්ගේ නීතියට අනුකූල නම් ඔහු ව පිළිපදින්න. නමුත් එයට පටහැණි නම් ඔහුගෙන් ප්රවේශම් වන්න.' ජනයා අතුරින් කවරෙකු නොමග යෑමට අල්ලාහ් අභිමත කළේද එවිට දූතය, නොමගින් ඔහු වැළැක්වීමට හෝ සත්ය මාර්ගය වෙත ඔහුට මගපෙන්වීමට හෝ කිසිවකු ඔබ නොදකිනු ඇත. යුදෙව්වන් හා කුහකයින් අතුරින් මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්ගේ හදවත් දේව ප්රතික්ෂේපයෙන් සුවපත් කිරීමට අල්ලාහ් අභිමත නොකරන්නේමය. මෙලොව ඔවුනට අවමානය හා අපහාසය ඇත්තාක් මෙන්ම මතු ලොවෙහිද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත. එය නිරා ගින්නේ වේදනාවයි.
Arabic Tafsirs:
Benefits of the Verses on this page:
• حكمة مشروعية حد السرقة: ردع السارق عن التعدي على أموال الناس، وتخويف من عداه من الوقوع في مثل ما وقع فيه.
•හොරකම සඳහා වූ දඬුවම ආගමානුගත කිරීමේ ප්රඥාව. එය මිනිසුන් සතු වස්තුවෙහි ඉක්මවා යාමෙන් සොරාව වැළැක්වීම සඳහාත් ඒ හා සමාන සිද්ධීන් තුළ ඉක්මවා යන්නන් බිය ගැන්වීම සඳහාත් ආගමානුගත කර ඇත.

• قَبول توبة السارق ما لم يبلغ السلطان وعليه إعادة ما سرق، فإذا بلغ السلطان وجب الحكم، ولا يسقط بالتوبة.
•බලය නොයොදන තාක්කල් සොරාගේ පාපොච්චරණය පිළිගනු ලැබේ. සොරකම් කළ දෑ ඔහු විසින් නැවත භාර දිය යුතු වේ. නමුත් බලය යොදවනු ලැබූ විට නීතිය ක්රියාත්මක වීම අනිවාර්යය වන අතර තව්බා ව තුළින් එය ඉවත් වන්නේ නැත.

• يحسن بالداعية إلى الله ألَّا يحمل همًّا وغمًّا بسبب ما يحصل من بعض الناس مِن كُفر ومكر وتآمر؛ لأن الله تعالى يبطل كيد هؤلاء.
•අවිශ්වාසය රැවටීම සහ කුමන්ත්රණය වැනි සමහර පුද්ගලයින්ගෙන් සිදුවන කරුණු හේතුවෙන් දුක් කරදර ඇති නොවීමට වගබලා ගැනීම අල්ලාහ් වෙත ආරාධනා කරන අයට වඩා හොඳය. ඊට හේතුව මොවුන්ගේ කුමන්ත්රණ අල්ලාහ් අවලංගු කරන බැවිණි.

• حِرص المنافقين على إغاظة المؤمنين بإظهار أعمال الكفر مع ادعائهم الإسلام.
•කුහකයින් තම ඉස්ලාමය පිළිබඳ වාද කර සිටියද දේව ප්රතික්ෂේපිත ක්රියාවන් හෙළි දක්වමින් දෙවියන් පිළිබඳ විශ්වාස කරන්නන් අපහාස කිරීමට ආශා කරති.

 
Translation of the Meanings Surah: Al-Mā’idah
Index of Surahs Page Number
 
Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Index of Translations

Issued by Tafsir Center for Quranic Studies

Close