Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Translations’ Index


Translation of the meanings Surah: Fātir   Ayah:
وَالَّذِیْۤ اَوْحَیْنَاۤ اِلَیْكَ مِنَ الْكِتٰبِ هُوَ الْحَقُّ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ ؕ— اِنَّ اللّٰهَ بِعِبَادِهٖ لَخَبِیْرٌ بَصِیْرٌ ۟
අහෝ දූතය! දිව්ය පුස්තකයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ කිසිදු සැකයක් නැති සත්යය වේ. පෙර පහළ වූ දිව්ය ග්රන්ථ තහවුරු කරන්නක් ලෙස අල්ලාහ් එය පහළ කළේය. සැබවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ සියලු තොරතුරු දන්නා සර්ව නිරීක්ෂකය. ඔහු සෑම සමූහයකමට ඔවුනොවුන්ගේ කාලයට අවශ්ය පරිදි දූතයා වෙත දිව්ය පණිවිඩ පහළ කළේය.
Arabic explanations of the Qur’an:
ثُمَّ اَوْرَثْنَا الْكِتٰبَ الَّذِیْنَ اصْطَفَیْنَا مِنْ عِبَادِنَا ۚ— فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهٖ ۚ— وَمِنْهُمْ مُّقْتَصِدٌ ۚ— وَمِنْهُمْ سَابِقٌ بِالْخَیْرٰتِ بِاِذْنِ اللّٰهِ ؕ— ذٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِیْرُ ۟ؕ
පසු ව සෙසු සමූහයන්ට වඩා අපි තෝරා ගත් මුහම්මද්ගේ සමූහයාට අල් කුර්ආනය පිරිනැමුවෙමු. ඔවුන් අතරින් තහනම් කරන ලද දෑ සිදු කොට හා අනිවාර්යය කරන ලද දෑ අතහැර දමා තමන්ටම අපරාධ කරගත් අය වෙති. එමෙන්ම ඇතැම් සතුටුදායක දෑ අතහැර දමා ඇතැම් පිළිකුල් සහගත දෑ සිදු කරනවාත් සමගම අනිවාර්යය කරන ලද දෑ සිදු කොට තහනම් කරන ලද දෑ අතහැර දමන අය ද සිටිති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුමැතියෙන් යහපත් දෑ සඳහා පෙරටුගාමී වන්නන් ද සිටිති. එනම් අනිවාර්ය කරන ලද දෑ හා සතුටුදායක දෑ ඉටු කරමින් තහනම් කරන ලද දෑ හා පිළිකුල් සහගත දෑ අතහැර දමා ක්රියා කිරීම තුළිනි. සඳහන් කරනු ලැබූ දෑ වනාහි (මෙම සමූහයා වෙනුවෙන් පිරිනමා ඇති නිදහස හා ඔවුනට පිරිනමා ඇති අල් කුර්ආනය) කිසිදු මහිමයකට ළඟා විය නොහැකි අතිමහත් භාග්යයක් වෙයි.
Arabic explanations of the Qur’an:
جَنّٰتُ عَدْنٍ یَّدْخُلُوْنَهَا یُحَلَّوْنَ فِیْهَا مِنْ اَسَاوِرَ مِنْ ذَهَبٍ وَّلُؤْلُؤًا ۚ— وَلِبَاسُهُمْ فِیْهَا حَرِیْرٌ ۟
තෝරා ගනු ලැබූ මොවුහු ස්ථාපිත කරන ලද ස්වර්ග උයන් වලට පිවිසෙති. එහි ඇති මුතු ද රනින් වූ වළලු ද ඔවුහු පළදිති. ඔවුන්ගේ වස්ත්ර සේද රෙද්දෙන් යුක්තය.
Arabic explanations of the Qur’an:
وَقَالُوا الْحَمْدُ لِلّٰهِ الَّذِیْۤ اَذْهَبَ عَنَّا الْحَزَنَ ؕ— اِنَّ رَبَّنَا لَغَفُوْرٌ شَكُوْرُ ۟ۙ
ඔවුන් ස්වර්ග උයනට පිවිසීමෙන් පසු ව "නිරයට පිවිසීම ගැන බිය වෙමින් සිටි නිසා අපෙන් දුක ඉවත් කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා!, සැබැවින්ම අපගේ පරමාධිපති තම ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරත වන්නන්ගේ පාපකම් සඳහා අතිශයින් සමාව දෙන්නාය. ඔවුන්ගේ අවනතභාවය වෙනුවෙන් ඔවුනට මහත්සේ කෘතඥ වන්නාය" යනුවෙන් පවසති.
Arabic explanations of the Qur’an:
١لَّذِیْۤ اَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِنْ فَضْلِهٖ ۚ— لَا یَمَسُّنَا فِیْهَا نَصَبٌ وَّلَا یَمَسُّنَا فِیْهَا لُغُوْبٌ ۟
"ඔහුගේ භාග්යයෙන් (නැවත හැරීමක් නැති) සදාතනික නිවහනට ඔහු අප ගොඩ බැස්සුවේය. අප විසින් කිසිදු හැරීමක් හෝ ශක්තියක් හෝ නොමැත. එහි අපට කිසිදු වෙහෙසක් හෝ ආයාසයක් හෝ ඇති නොවෙයි."
Arabic explanations of the Qur’an:
وَالَّذِیْنَ كَفَرُوْا لَهُمْ نَارُ جَهَنَّمَ ۚ— لَا یُقْضٰی عَلَیْهِمْ فَیَمُوْتُوْا وَلَا یُخَفَّفُ عَنْهُمْ مِّنْ عَذَابِهَا ؕ— كَذٰلِكَ نَجْزِیْ كُلَّ كَفُوْرٍ ۟ۚ
අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරා ගින්නේ දඬුවම ඇත. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ඔවුනට මරණය තීන්දු කොට පසු ව මරණයට පත් ව දඬුවමින් විවේකය නොලබති. නිරා ගින්නේ දඬුවමින් කිසිවක් ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. මෙම ප්රතිඵල මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කළ සෑම කෙනෙකුටම ප්රතිවිපාක පිරිනමන්නෙමු.
Arabic explanations of the Qur’an:
وَهُمْ یَصْطَرِخُوْنَ فِیْهَا ۚ— رَبَّنَاۤ اَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَیْرَ الَّذِیْ كُنَّا نَعْمَلُ ؕ— اَوَلَمْ نُعَمِّرْكُمْ مَّا یَتَذَكَّرُ فِیْهِ مَنْ تَذَكَّرَ وَجَآءَكُمُ النَّذِیْرُ ؕ— فَذُوْقُوْا فَمَا لِلظّٰلِمِیْنَ مِنْ نَّصِیْرٍ ۟۠
ඔවුන් උස්හඬින් මොර දී උදව් පතමින් මෙසේ ප්රකාශ කර සිටිති. ‘අපගේ පරමාධිපතියාණනි! නිරා ගින්නෙන් අප බැහැර කරනු මැනව! ඔබේ තෘප්තිය අප ලබනු පිණිස මෙලොව අප සිදු කරමින් සිටි දෑට වෙනස් වූ දැහැමි ක්රියාවන් අපි සිදු කරන්නෙමු. නුඹේ දඬුවමින් අපි සහනය ලබන්නෙමු.’ එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු දෙමින් ‘මෙනෙහි කිරීමට ප්රිය කරන්නන් මෙනෙහි කරමින්, පාපක්ෂමාවේ නිරත වී අල්ලාහ් වෙත යොමු වී, දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා ආයු කාලයක් ජීවත් වීමට අපි නුඹලාට ඉඩකඩ නොදුන්නෙමු ද? අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට අවවාද කරන දූතයා නුඹලා වෙත පැමිණියේය. එහෙයින් මේ සියලු දෑට පසු ව නුඹලාට පක්ෂව සාක්ෂියක් හෝ නිදහසට කරුණක් හෝ නුඹලාට නැත. එහෙයින් නුඹලා අපා ගින්න විඳිනු. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන්හට අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගන්නට හෝ ඔවුන්ගෙන් එය සැහැල්ලු කරන්නට හෝ කිසිදු උදව් කරුවකු නැත.
Arabic explanations of the Qur’an:
اِنَّ اللّٰهَ عٰلِمُ غَیْبِ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
සැබවින්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ඇති ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. සැබැවින්ම ඔහු තම ගැත්තන් ඔවුන්ගේ හදවත් තුළ සඟවා ඇති යහපත හා අයහපත පිළිබඳ මැනවින් දන්නාය.
Arabic explanations of the Qur’an:
Benefits of the verses in this page:
• فضل أمة محمد صلى الله عليه وسلم على سائر الأمم.
•සෙසු සමූහයන්ට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයාට හිමි මහිමය.

• تفاوت إيمان المؤمنين يعني تفاوت منزلتهم في الدنيا والآخرة.
•දේව විශ්වාසීන්ගේ විශ්වාසය තුළ ඇති විෂමතාවය. එනම් මෙලොව හා මතුලොවෙහි ඔවුන්ගේ නිලයන් හී පවතින විෂමතාවයයි.

• الوقت أمانة يجب حفظها، فمن ضيعها ندم حين لا ينفع الندم.
•කාල වේලාව පැවරුනු වගකීමකි. එය ආරක්ෂා කිරීම අනිවාර්යය වේ. එහෙයින් කවරෙකු එය නාස්ති කරන්නේ ද ඔහු පසුතැවිල්ල ප්රයෝජනවත් නොවන අවස්ථාවේ පසුතැවිල්ලට පත් වෙයි.

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම.

 
Translation of the meanings Surah: Fātir
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Translations’ Index

Issued by Tafsir Center for Quranic Studies

close