Check out the new design

Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Index of Translations


Translation of the Meanings Verse: (36) Surah: Saba’
قُلْ اِنَّ رَبِّیْ یَبْسُطُ الرِّزْقَ لِمَنْ یَّشَآءُ وَیَقْدِرُ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟۠
තමන්ට පිරිනමන ලද සැපසම්පත් වලින් රැවටුණු මොවුනට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණන් සුවිශුද්ධය. උත්තරීතරය. ඔහු අභිමත කරන අයට, ඔහුට කෘතඥ වන්නේ ද එසේ නැතහොත් ගුණමකු වන්නේදැ?යි තෝරා ගනු පිණිස පෝෂණ සම්පත් විස්තීරණ ව ලබා දෙයි. එමෙන්ම ඔහු අභිමත කරන අයට ඔහු ඉවසන්නේ ද එසේ නැතහොත් කෝප වන්නේ දැයි පරීක්ෂා කරනු පිණිස ඒවා සීමා කර දෙයි. සැබැවින්ම අල්ලාහ් මහා ප්රඥාවන්තයා බව මිනිසුන් අතරින් බහුතරයක් දෙනා නොදනිති." සැබැවින්ම ගැඹුරු ප්රඥාවක් හේතුවෙන් මිස කිසිදු කරුණක් ඔහු නියම කරන්නේ නැත. එය දන්නා උදවිය ඒ ගැන දන්නෝය. එය නොදන්නා උදවිය ඒ ගැන නොදන්නෝය.
Arabic Tafsirs:
Benefits of the Verses on this page:
• تبرؤ الأتباع والمتبوعين بعضهم من بعض، لا يُعْفِي كلًّا من مسؤوليته.
•අනුගාමිකයින් හා අනුගමනයට ලක්වූවන්, ඔවුන් එකිනෙකා නිදහස් වීමට බලති. ඔවුන් සෑම කෙනෙකුම ඔවුන්ගේ වගකීමෙන් නිදහස් වන්නේ නැත.

• الترف مُبْعِد عن الإذعان للحق والانقياد له.
•සුඛෝපභෝගිමත් ජීවිතය සත්යය පිළිගැනීමෙන් හා එයට යටත් වීමෙන් දුරස් කරවන්නකි.

• المؤمن ينفعه ماله وولده، والكافر لا ينتفع بهما.
•දේව විශ්වාසියා ඔහුගේ ධනය හා ඔහුගේ දරුවන් ප්රයෝජනවත් වන පරිදි සකසා ගන්නා අතර දේව ප්රතික්ෂේපකයා ඒවායින් සෙත සලසා ගන්නේ නැත.

• الإنفاق في سبيل الله يؤدي إلى إخلاف المال في الدنيا، والجزاء الحسن في الآخرة.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම මෙලොවෙහි ධනය නැවත ලබන්නටත්, මතු ලොවෙහි දැහැමි කුසල් ලබන්නටත් හේතු වනු ඇත.

 
Translation of the Meanings Verse: (36) Surah: Saba’
Index of Surahs Page Number
 
Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Index of Translations

Issued by Tafsir Center for Quranic Studies

Close