Check out the new design

Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Index of Translations


Translation of the Meanings Verse: (3) Surah: Al-Baqarah
الَّذِیْنَ یُؤْمِنُوْنَ بِالْغَیْبِ وَیُقِیْمُوْنَ الصَّلٰوةَ وَمِمَّا رَزَقْنٰهُمْ یُنْفِقُوْنَ ۟ۙ
ඔවුන් ගුප්ත දෑ ගැන විශ්වාස කරන්නෝ වෙති: එනම් පරමාන්ත දිනය වැනි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් දන්වා සිටි දෑ අතරින් අපට සැඟව ඇති, අපගේ ඉන්ද්රියන්ට ගෝචර නොවන සියලු දෑ ඔවුහු විශ්වාස කරති. ඔවුන් සලාතය ස්ථාපිත කරන්නෝ වෙති: එනම්, අල්ලාහ් එහි නියම කළ ‘ෂර්ත්’ හෙවත් කොන්දේසි, ‘අර්කාන්’ හෙවත් මූලිකාංග, ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය දෑ හා ‘සුනන්’ හෙවත් අතිරේක දෑ යන සියල්ල නිසි ලෙස පිළිපදිමින් එම වගකීම ඉටු කරති. ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ දැයින් වියදම් කරන්නෝ වෙති: එනම්, අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් ‘සකාත්’ වැනි අනිවාර්ය බදු ද ‘සදකා’ වැනි අනිවාර්ය නොවන දානයන් ද පිරිනමමින් අල්ලාහ් තමන්ට පෝෂණය කළ දැයින් වියදම් කරති. තවද නබි තුමනි, ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩ ඔවුහු විශ්වාස කරති. එපමණක් නොව ඔබට පෙර විසූ සෙසු නබිවරුන්ට පහළ වූ දෑ ද කිසිදු වෙනසකින් තොරව විශ්වාස කරති. තවද අවසන් දිනයත් එහි හිමිවන කුසල් හා දඬුවම් පිළිබඳවත් දැඩි ලෙස විශ්වාස කරති.
Arabic Tafsirs:
Benefits of the Verses on this page:
• الثقة المطلقة في نفي الرَّيب دليل على أنه من عند الله؛ إذ لا يمكن لمخلوق أن يدعي ذلك في كلامه.
•සැකය දුරු කිරීම සම්බන්ධයෙන් කෙරෙන මෙම පොදු සහතිකය සැබැවින්ම මෙය -අල් කුර්ආනය- අල්ලාහ්ගෙන්ම යන වග තහවුරු කරන සාධකයකි. ඒ අනුව මෙම ප්රකාශ සම්බන්ධයෙන් වාද කරන්නට කිසිදු මැවීමකට ඉඩ කඩ ලබා දී නැත.

• لا ينتفع بما في القرآن الكريم من الهدايات العظيمة إلا المتقون لله تعالى المعظِّمون له.
•අල් කුර්ආනයේ ඇති මේ මහඟු මග පෙන්වීම් දෙවියන් පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කරන ඔහුට ගරු බුහුමන් කරන අයට මිස වෙනත් අයට ප්රයෝජනවත් වන්නේ නැත.

• من أعظم مراتب الإيمانِ الإيمانُ بالغيب؛ لأنه يتضمن التسليم لله تعالى في كل ما تفرد بعلمه من الغيب، ولرسوله بما أخبر عنه سبحانه.
•ගුත්ප දෑ පිළිබඳ විශ්වාස කිරීම දේව විශ්වාසයේ තරාතිරම් අතුරින් උසස්ම තරාතිරමයි. අල්ලාහ්ගේ දැනුමෙන් ඔහු වෙන් කර හඳුන්වා දුන් සෑම ගුප්ත දැයක් සම්බන්ධයෙන්ම අල්ලාහ්ට අවනත වීම හා ඔහු ගැන ඔහුගේ දූතයාණන් පැවසූ දෑ ගැන විශ්වාස කොට ඔහුට ද අවනත වීම යන විෂය එහි ඇතුළත් ව ඇති බැවිණි.

• كثيرًا ما يقرن الله تعالى بين الصلاة والزكاة؛ لأنَّ الصلاة إخلاص للمعبود، والزكاة إحسان للعبيد، وهما عنوان السعادة والنجاة.
•සලාතය නැමදුම් ලබන්නා පිවිතුරු කිරීමකි. සකාත් ගැත්තා දැහැමි කරවන්නකි. මේ දෙකම සතුට හා ජයග්රහණයේ මාතෘකා වේ. අල්ලාහ් බොහෝ අවස්ථාවන්හි සලාතය හා සකාතය එක් කොට පවසා ඇත්තේ එබැවිනි.

• الإيمان بالله تعالى وعمل الصالحات يورثان الهداية والتوفيق في الدنيا، والفوز والفلاح في الأُخرى.
•අල්ලාහ්ව විශ්වාස කිරීමත් යහකම් සිදු කිරීමත් මෙලොව භාග්යය හා යහමග මිනිසාට උරුම කර දෙනු ඇත. එමෙන්ම එය මතුලොවෙහි සාර්තකත්වය හා ජය ද උරුම කර දෙනු ඇත.

 
Translation of the Meanings Verse: (3) Surah: Al-Baqarah
Index of Surahs Page Number
 
Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Index of Translations

Issued by Tafsir Center for Quranic Studies

Close