Check out the new design

Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Index of Translations


Translation of the Meanings Verse: (93) Surah: Al-Isrā’
اَوْ یَكُوْنَ لَكَ بَیْتٌ مِّنْ زُخْرُفٍ اَوْ تَرْقٰی فِی السَّمَآءِ ؕ— وَلَنْ نُّؤْمِنَ لِرُقِیِّكَ حَتّٰی تُنَزِّلَ عَلَیْنَا كِتٰبًا نَّقْرَؤُهٗ ؕ— قُلْ سُبْحَانَ رَبِّیْ هَلْ كُنْتُ اِلَّا بَشَرًا رَّسُوْلًا ۟۠
එසේ නැතහොත් රනින් හා වෙනත් වටිනා වස්තුවලින් අලංකාරය කරන ලද නිවසක් නුඹට විය යුතුය. එසේ නැතහොත් අහසට නුඹ ආරෝහණය විය යුතුය. එසේ නුඹ ආරෝහණය වුවද සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් බව අප කියවා දැන ගන්නා ලිඛිත ලේඛනයක් අල්ලාහ් වෙතින් පහළ වූයේ නම් හැර සැබැවින්ම නුඹ අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ දූතයකු ලෙස අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු, "මාගේ පරමාධිපති සුවිශුද්ධය. සෙසු දහම් දූතයින් මෙන් මා ද මිනිස් දූතයකු මිස වෙනත් කෙනෙකු විය හැකි ද? කිසිවක් ගෙන එන්නට මට අයිතියක් නැත. නුඹලා යෝජනා කරන දෑ ගෙන එන්නට මාහට හැකි වන්නේ කෙසේද?"
Arabic Tafsirs:
Benefits of the Verses on this page:
• بيَّن الله للناس في القرآن من كل ما يُعْتَبر به من المواعظ والعبر والأوامر والنواهي والقصص؛ رجاء أن يؤمنوا.
•ජනයා විශ්වාස කිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව ඔවුන් පාඩම් ලැබිය හැකි පරිදි උපදෙස්, ආදර්ශයන්, නියෝග, තහනම් නියෝග කතා වස්තු වැනි දෑ අල් කුර්ආනයේ අල්ලාහ් ඔවුනට පැහැදිළි කර ඇත්තේය.

• القرآن كلام الله وآية النبي الخالدة، ولن يقدر أحد على المجيء بمثله.
•අල් කුර්ආනය අල්ලාහ්ගේ ප්රකාශයයි. එය නබි තුමාණන්ගේ සදා ප්රාතිහාර්යයයි. එවැන්නක් ගෙන ඒමට කිසිවකුට හැකියාවක් නොමැත.

• من رحمة الله بعباده أن أرسل إليهم بشرًا منهم، فإنهم لا يطيقون التلقي من الملائكة.
•අල්ලාහ්ගේ ගැත්තන්හට ඔවුන්ගෙන්ම වූ මිනිස් දූතයකු එවා තිබීම අල්ලාහ්ගේ ආශිර්වාදයකි. සැබැවින්ම (දූතයකු ලෙස) මලක්වරයකු ලැබීම ඔවුනට දරා ගත නොහැකි වන්නේය.

• من شهادة الله لرسوله ما أيده به من الآيات، ونَصْرُه على من عاداه وناوأه.
•අල්ලාහ් අල් කුර්ආන් පාඨවලින් තම දූතයාණන් ශක්තිමත් කර තිබීමත් ඔහුට විරුද්ධ වන ඔහුව හෙළා දකින අයට එරෙහි ව ඔහුට උපකාර කිරීමත් අල්ලාහ්ගේ සාක්ෂි අතරෙනි.

 
Translation of the Meanings Verse: (93) Surah: Al-Isrā’
Index of Surahs Page Number
 
Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Index of Translations

Issued by Tafsir Center for Quranic Studies

Close