Check out the new design

Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran * - Index of Translations


Translation of the Meanings Verse: (103) Surah: An-Nahl
وَلَقَدْ نَعْلَمُ اَنَّهُمْ یَقُوْلُوْنَ اِنَّمَا یُعَلِّمُهٗ بَشَرٌ ؕ— لِسَانُ الَّذِیْ یُلْحِدُوْنَ اِلَیْهِ اَعْجَمِیٌّ وَّهٰذَا لِسَانٌ عَرَبِیٌّ مُّبِیْنٌ ۟
දෙවියන්ට ආදේශ කරන්නන්, "සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කළේ මිනිසෙකි." යැයි පවසන බව සැබැවින්ම අපි දනිමු. ඔවුන් කරන වාදයෙහි ඔවුහු මුසාවාදීහුය. ඔවුන් එසේ සිතන පුද්ගලයාගේ භාෂාව අරාබි නොවන බව සැබැවින්ම ඔහු දනී. නමුත් මෙම අල් කුර්ආනය උසස් සාහිත්යමය ස්වරූපයෙන් පැහැදිලි අරාබි බසින් පහළ වී ඇත. එසේ නම්, මෙය ඔහු අරාබි නොවන කෙනෙකුගෙන් හදාරා ඇති බව ඔවුන් සිතනුයේ කෙසේද?
Arabic Tafsirs:
Benefits of the Verses on this page:
• الترخيص للمُكرَه بالنطق بالكفر ظاهرًا مع اطمئنان القلب بالإيمان.
හදවත දේව විශ්වාසයෙන් තැන්පත් වීමත් සමඟ බල කිරීම හේතුවෙන් මතුපිටින් දේව ප්රතික්ෂේපයේ වදන පවසා සිටීම සඳහා එසේ බල කරනු ලබන්නාට හිමි අනුමැතිය.

• المرتدون استوجبوا غضب الله وعذابه؛ لأنهم استحبوا الحياة الدنيا على الآخرة، وحرموا من هداية الله، وطبع الله على قلوبهم وسمعهم وأبصارهم، وجعلوا من الغافلين عما يراد بهم من العذاب الشديد يوم القيامة.
දහමින් පිටත හැරී යන්නා අල්ලාහ්ගේ කෝපය හා ඔහුගේ දඬුවම අනිවාර්යයෙන් උපයා ගෙන ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් මතුලොවට වඩා මෙලොව ජීවිතයට ඇලුම් කොට අල්ලාහ්ගේ මඟ පෙන්වීමෙන් ඔවුන් වැළකී සිටි බැවිනි. අල්ලාහ් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්රා තැබීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බරපතල දඬුවම් ඔවුනට අත්වීම ගැන නොසැලකිලිමත් වූවන් අතරට ඔවුහු පත්වූහ.

• كَتَبَ الله المغفرة والرحمة للذين آمنوا، وهاجروا من بعد ما فتنوا، وصبروا على الجهاد.
අල්ලාහ්ව විශ්වාස කොට, පරීක්ෂාවට භාජනය වීමෙන් පසු හිජ්රත් හෙවත් මක්කාවෙන් මදීනාව වෙත නික්ම ගොස් ජිහාද් හෙවත් සාධාරණත්ව මත වෙහෙසීම ඉවසීමෙන් දරාගත් අයහට අල්ලාහ් සමාව හා කරුණාව නියම කළේය.

 
Translation of the Meanings Verse: (103) Surah: An-Nahl
Index of Surahs Page Number
 
Translation of the Meanings of the Noble Quran - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran - Index of Translations

Issued by Tafsir Center for Quranic Studies

Close