Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center * - Translations’ Index

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Translation of the meanings Surah: Al-A‘rāf   Ayah:
قَالَ مَا مَنَعَكَ اَلَّا تَسْجُدَ اِذْ اَمَرْتُكَ ؕ— قَالَ اَنَا خَیْرٌ مِّنْهُ ۚ— خَلَقْتَنِیْ مِنْ نَّارٍ وَّخَلَقْتَهٗ مِنْ طِیْنٍ ۟
මා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නො නැමීමට නුඹව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) විමසුවේ ය. (එවිට) මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨ ය. නුඹ මා ගින්නෙන් මවා ඇත්තෙහි ය. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසී ය.
Arabic explanations of the Qur’an:
قَالَ فَاهْبِطْ مِنْهَا فَمَا یَكُوْنُ لَكَ اَنْ تَتَكَبَّرَ فِیْهَا فَاخْرُجْ اِنَّكَ مِنَ الصّٰغِرِیْنَ ۟
එසේ නම් නුඹ මෙයින් පහළට බසිනු. මෙහි උඩඟුකම් පෑම නුඹට සුදුසු නො වේ. එබැවින් නුඹ පිටව යනු. නියත වශයෙන් ම නුඹ පහත් අය අතරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
Arabic explanations of the Qur’an:
قَالَ اَنْظِرْنِیْۤ اِلٰی یَوْمِ یُبْعَثُوْنَ ۟
ඔවුන් (මළවුන්ගෙන්) නැගිටුවනු ලබන දින දක්වා මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු (ෂෙයිතාන්) කී ය.
Arabic explanations of the Qur’an:
قَالَ اِنَّكَ مِنَ الْمُنْظَرِیْنَ ۟
‘නියත වශයෙන් නුඹ අවකාශය දෙනු ලැබූවන් අතරිනි’ යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
Arabic explanations of the Qur’an:
قَالَ فَبِمَاۤ اَغْوَیْتَنِیْ لَاَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِیْمَ ۟ۙ
‘නුඹ මා නොමඟ යන්නට ඉඩ හැරිය බැවින් නිසැකව ම මම ද නුඹගේ ඍජු මාර්ගය ඔවුනට හරස් කර වාඩි වෙමි’ යැයි ඔහු පැවසී ය.
Arabic explanations of the Qur’an:
ثُمَّ لَاٰتِیَنَّهُمْ مِّنْ بَیْنِ اَیْدِیْهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ اَیْمَانِهِمْ وَعَنْ شَمَآىِٕلِهِمْ ؕ— وَلَا تَجِدُ اَكْثَرَهُمْ شٰكِرِیْنَ ۟
පසුව මම ඔවුන්ගේ ඉදිරි පසින් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙමි. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදීන් ලෙස නුඹ නො දකිනු ඇත.
Arabic explanations of the Qur’an:
قَالَ اخْرُجْ مِنْهَا مَذْءُوْمًا مَّدْحُوْرًا ؕ— لَمَنْ تَبِعَكَ مِنْهُمْ لَاَمْلَـَٔنَّ جَهَنَّمَ مِنْكُمْ اَجْمَعِیْنَ ۟
‘නුඹ අවමානයට පත් හෙළා දකිනු ලබන්නෙකු සේ මෙයින් පිටව යනු. ඔවුන් අතරින් කවරෙකු නුඹව අනුගමනය කළේ ද සැබැවින් ම නුඹලා සියල්ලන්ගෙන් ම නිරය පුරවන්නෙමි’ යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
Arabic explanations of the Qur’an:
وَیٰۤاٰدَمُ اسْكُنْ اَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ فَكُلَا مِنْ حَیْثُ شِئْتُمَا وَلَا تَقْرَبَا هٰذِهِ الشَّجَرَةَ فَتَكُوْنَا مِنَ الظّٰلِمِیْنَ ۟
තවද ‘අහෝ ආදම්! ඔබ හා ඔබේ බිරිය ස්වර්ගයේ වාසය කරනු. ඔබ දෙපළ කැමති අයුරින් අනුභව කරනු. එහෙත් මෙම ගසට ළං නො වනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතරින් වන්නෙහු ය.
Arabic explanations of the Qur’an:
فَوَسْوَسَ لَهُمَا الشَّیْطٰنُ لِیُبْدِیَ لَهُمَا مَا وٗرِیَ عَنْهُمَا مِنْ سَوْاٰتِهِمَا وَقَالَ مَا نَهٰىكُمَا رَبُّكُمَا عَنْ هٰذِهِ الشَّجَرَةِ اِلَّاۤ اَنْ تَكُوْنَا مَلَكَیْنِ اَوْ تَكُوْنَا مِنَ الْخٰلِدِیْنَ ۟
ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරනු ලැබූ දෑ ඔවුන් දෙදෙනාට හෙළි කිරීම සඳහා ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කුකුස ඇති කළේ ය. තවද නුඹලා දෙදෙනා මලක්වරුන් දෙදෙනෙකු වනු ඇතැයි හෝ නුඹලා දෙදෙනා සදාතනිකයින් අතරින් වනු ඇතැයි යන හේතුවෙන් හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනාව මෙම ගසින් වැළැක්වූයේ නැතැයි ඔහු (ෂෙයිතාන්) පවසා සිටියේ ය.
Arabic explanations of the Qur’an:
وَقَاسَمَهُمَاۤ اِنِّیْ لَكُمَا لَمِنَ النّٰصِحِیْنَ ۟ۙ
සැබැවින් ම මම නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතරින් කෙනෙකු යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා පැවසී ය.
Arabic explanations of the Qur’an:
فَدَلّٰىهُمَا بِغُرُوْرٍ ۚ— فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْاٰتُهُمَا وَطَفِقَا یَخْصِفٰنِ عَلَیْهِمَا مِنْ وَّرَقِ الْجَنَّةِ ؕ— وَنَادٰىهُمَا رَبُّهُمَاۤ اَلَمْ اَنْهَكُمَا عَنْ تِلْكُمَا الشَّجَرَةِ وَاَقُلْ لَّكُمَاۤ اِنَّ الشَّیْطٰنَ لَكُمَا عَدُوٌّ مُّبِیْنٌ ۟
ඔහු රවටාලමින් ඔවුන් දෙදෙනා පහත හෙළී ය. එනම් ඔවුන් දෙදෙනා එම ගසින් රස බැලූ කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග උයනේ කොළයකින් ඔවුන් දෙදෙනා මත වසා ගැනීමට ඔවුන් දෙදෙනා තැත් කළෝ ය. තවද මෙම ගසින් මා නුඹලා දෙදෙනා නො වැළැක්වූයෙම් ද තවද සැබැවින් ම ෂෙයිතාන් නුඹලා දෙදෙනාට ප්‍රකට සතුරෙකි යැයි මම නුඹලා දෙදෙනාට නො කීවෙමි දැ? යි පවසා ඔවුන් දෙදෙනාගේ පරමාධිපති (අල්ලාහ්) ඔවුන් දෙදෙනාව ඇමතී ය.
Arabic explanations of the Qur’an:
 
Translation of the meanings Surah: Al-A‘rāf
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center - Translations’ Index

translated by Rowwad Translation Center, in cooperation with the Islamic Propagation Office in Rabwah and the Association for Serving Islamic Content in Languages.

close