Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center * - Translations’ Index

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Translation of the meanings Surah: Al-Mā’idah   Ayah:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِذَا قُمْتُمْ اِلَی الصَّلٰوةِ فَاغْسِلُوْا وُجُوْهَكُمْ وَاَیْدِیَكُمْ اِلَی الْمَرَافِقِ وَامْسَحُوْا بِرُءُوْسِكُمْ وَاَرْجُلَكُمْ اِلَی الْكَعْبَیْنِ ؕ— وَاِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوْا ؕ— وَاِنْ كُنْتُمْ مَّرْضٰۤی اَوْ عَلٰی سَفَرٍ اَوْ جَآءَ اَحَدٌ مِّنْكُمْ مِّنَ الْغَآىِٕطِ اَوْ لٰمَسْتُمُ النِّسَآءَ فَلَمْ تَجِدُوْا مَآءً فَتَیَمَّمُوْا صَعِیْدًا طَیِّبًا فَامْسَحُوْا بِوُجُوْهِكُمْ وَاَیْدِیْكُمْ مِّنْهُ ؕ— مَا یُرِیْدُ اللّٰهُ لِیَجْعَلَ عَلَیْكُمْ مِّنْ حَرَجٍ وَّلٰكِنْ یُّرِیْدُ لِیُطَهِّرَكُمْ وَلِیُتِمَّ نِعْمَتَهٗ عَلَیْكُمْ لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද සෝදා ගනු. තවද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තවද නුඹලාගේ පාද ද වළලු කර දක්වා සෝදා ගනු. නුඹලා ස්නානය අනිවාර්යය වූ කෙනෙකුව සිටින්නෙහු නම් (ස්නානය කොට) පිරිසිදු වනු. එහෙත් නුඹලා රෝගීව හෝ යම් ගමනක නිරතව සිටියෙහු නම් හෝ නුඹලා අතරින් කිසිවකු මළමූත්‍රා පහකොට පැමිණියේ නම් හෝ නුඹලා (නුඹලාගේ) බිරියන් (ලිංගික ව) ස්පර්ශ කළෙහු නම් හෝ ඉන් පසුව (පිරිසිදු වීමට) නුඹලා ජලය නො ලැබුවෙහු නම් පිරිසිදු පසින් නුඹලාගේ මුහුණු ද, නුඹලාගේ අත් ද, පිරිමදිනු. නුඹලාට කිසිදු දුෂ්කරතාවක් ඇති කිරීමට අල්ලාහ් අපේක්ෂා නො කරයි. එහෙත් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලාව පිරිසිදු කිරීමටත් ඔහුගේ ආශිර්වාදයන් නුඹලා කෙරෙහි පූර්ණවත් කිරීමටත් අපේක්ෂා කරයි.
Arabic explanations of the Qur’an:
وَاذْكُرُوْا نِعْمَةَ اللّٰهِ عَلَیْكُمْ وَمِیْثَاقَهُ الَّذِیْ وَاثَقَكُمْ بِهٖۤ ۙ— اِذْ قُلْتُمْ سَمِعْنَا وَاَطَعْنَا ؗ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ද නුඹලාට කවර දෙයක් ප්‍රතිඥා කළේ ද ඔහුගේ එම ප්‍රතිඥාව ද සිහිපත් කරනු. එවිට ''අපි සවන් දුනිමු. අවනත වූයෙමු'' යැයි නුඹලා පැවසුවෙහු ය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳව සර්වඥානී ය.
Arabic explanations of the Qur’an:
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا كُوْنُوْا قَوّٰمِیْنَ لِلّٰهِ شُهَدَآءَ بِالْقِسْطِ ؗ— وَلَا یَجْرِمَنَّكُمْ شَنَاٰنُ قَوْمٍ عَلٰۤی اَلَّا تَعْدِلُوْا ؕ— اِعْدِلُوْا ۫— هُوَ اَقْرَبُ لِلتَّقْوٰی ؗ— وَاتَّقُوا اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ خَبِیْرٌ بِمَا تَعْمَلُوْنَ ۟
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සාධාරණව සාක්ෂි දරන්නන් ලෙස හා අල්ලාහ් වෙනුවෙන් සත්‍ය මත ස්ථාවරව සිටින්නන් ලෙස සිටිනු. යම් පිරිසකගේ ක්‍රෝධය නුඹලා සාධාරණ ලෙස කටයුතු නො කිරීමට නුඹලාව නො පොළඹ විය යුතු ය. තවද නුඹලා සාධාරණ ලෙස කටයුතු කරනු. එය බිය බැතිමත් භාවයට වඩා සමීප ය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ අභිඥානවන්ත ය.
Arabic explanations of the Qur’an:
وَعَدَ اللّٰهُ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ ۙ— لَهُمْ مَّغْفِرَةٌ وَّاَجْرٌ عَظِیْمٌ ۟
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්හට සමාව ද මහත් වූ ප්‍රතිඵල ද ඇතැයි අල්ලාහ් පොරොන්දු විය.
Arabic explanations of the Qur’an:
 
Translation of the meanings Surah: Al-Mā’idah
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center - Translations’ Index

translated by Rowwad Translation Center, in cooperation with the Islamic Propagation Office in Rabwah and the Association for Serving Islamic Content in Languages.

close