Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center * - Translations’ Index

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Translation of the meanings Surah: Ibrāhīm   Ayah:
اَلَمْ تَرَ اَنَّ اللّٰهَ خَلَقَ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ ؕ— اِنْ یَّشَاْ یُذْهِبْكُمْ وَیَاْتِ بِخَلْقٍ جَدِیْدٍ ۟ۙ
නියත වශයෙන් ම අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යය මත මැවු බව නුඹ නුදුටුවෙහි ද? ඔහු අභිමත කරන්නේ නම් නුඹලාව ඉවත් කොට නව මැවීමක් ගෙන එනු ඇත.
Arabic explanations of the Qur’an:
وَّمَا ذٰلِكَ عَلَی اللّٰهِ بِعَزِیْزٍ ۟
තවද එය අල්ලාහ් වෙත බැරෑරුම් (කරුණක්) නො වේ.
Arabic explanations of the Qur’an:
وَبَرَزُوْا لِلّٰهِ جَمِیْعًا فَقَالَ الضُّعَفٰٓؤُا لِلَّذِیْنَ اسْتَكْبَرُوْۤا اِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ اَنْتُمْ مُّغْنُوْنَ عَنَّا مِنْ عَذَابِ اللّٰهِ مِنْ شَیْءٍ ؕ— قَالُوْا لَوْ هَدٰىنَا اللّٰهُ لَهَدَیْنٰكُمْ ؕ— سَوَآءٌ عَلَیْنَاۤ اَجَزِعْنَاۤ اَمْ صَبَرْنَا مَا لَنَا مِنْ مَّحِیْصٍ ۟۠
තවද ඔවුන් සියල්ලන් (මතු ලොවෙහි) අල්ලාහ් ඉදිරියේ පැමිණෙති. එවිට දුර්වලයින් උඩඟුකම් පෑ අය දෙස බලා නියත වශයෙන් ම නුඹලාව අපි අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ්ගෙන් වූ දඬුවමින් කිසිවක් හෝ අපගෙන් නැති කිරීමට නුඹලාට හැකි දැ? යි විමසති. ඔවුහු අල්ලාහ් අපට මග පෙන් වූයේ නම් සැබැවින් ම අප නුඹලාට මග පෙන්වන්නට තිබුණි. අපි වැලපුණ ද, ඉවසා දරා ගත්ත ද අප වෙත එක සමාන ය. කිසිදු ගැලවුමක් අප වෙත නොමැත යැයි ඔවුහු පවසති.
Arabic explanations of the Qur’an:
وَقَالَ الشَّیْطٰنُ لَمَّا قُضِیَ الْاَمْرُ اِنَّ اللّٰهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدْتُّكُمْ فَاَخْلَفْتُكُمْ ؕ— وَمَا كَانَ لِیَ عَلَیْكُمْ مِّنْ سُلْطٰنٍ اِلَّاۤ اَنْ دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِیْ ۚ— فَلَا تَلُوْمُوْنِیْ وَلُوْمُوْۤا اَنْفُسَكُمْ ؕ— مَاۤ اَنَا بِمُصْرِخِكُمْ وَمَاۤ اَنْتُمْ بِمُصْرِخِیَّ ؕ— اِنِّیْ كَفَرْتُ بِمَاۤ اَشْرَكْتُمُوْنِ مِنْ قَبْلُ ؕ— اِنَّ الظّٰلِمِیْنَ لَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
තවද නියෝගය තීන්දු කරනු ලැබූ කල්හි ෂෙයිතාන් (අපාගතවූවන් අමතා) මෙසේ පවසයි. නියත වශයෙන් ම අල්ලාහ් සැබෑ ප්‍රතිඥාවකින් නුඹලාට ප්‍රතිඥා දී ඇත. තවද මම ද නුඹලාට ප්‍රතිඥා දී මම නුඹලාට (එය) කඩ කළෙමි. මා නුඹලා ඇරයුම් කළෙමි. එයට නුඹලා පිළිතුරු දුන්නෙහු ය. ඒ මිස වෙනත් කිසිදු සාක්ෂියක් නුඹලාට එරෙහිව මා වෙත නො වීය. එබැවින් නුඹලා මට දොස් නො පවරනු. නුඹලා නුඹලාට ම දොස් පවරා ගනු. මම නුඹලාගේ ගැලවුම්කරු නො වෙමි. නුඹලා ද මාගේ ගැලවුම්කරුවන් නො වන්නෙහුය. නියත වශයෙන් ම මීට පෙර නුඹලා මට කළ ආදේශයන් මම ප්‍රතික්ෂේප කළෙමි. නියත වශයෙන් ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
Arabic explanations of the Qur’an:
وَاُدْخِلَ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا بِاِذْنِ رَبِّهِمْ ؕ— تَحِیَّتُهُمْ فِیْهَا سَلٰمٌ ۟
තවද විශ්වාස කොට දැහැමි ක්‍රියා කළවුන් ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරනු ලැබී ය. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔවුන් එහි සදාතනිකයින් විය. එහි ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය වේවා යන්න) ය.
Arabic explanations of the Qur’an:
اَلَمْ تَرَ كَیْفَ ضَرَبَ اللّٰهُ مَثَلًا كَلِمَةً طَیِّبَةً كَشَجَرَةٍ طَیِّبَةٍ اَصْلُهَا ثَابِتٌ وَّفَرْعُهَا فِی السَّمَآءِ ۟ۙ
යහපත් වදනට අල්ලාහ් උපමාවක් ගෙන හැර දක්වා ඇත්තේ කෙසේ දැ? යි නුඹ නො දුටුවෙහි ද? එය සාරවත් ගසක් මෙනි. එහි මුල ස්ථාවර ය. එමෙන් ම එහි අතු අහසෙහි (විහිදී) ඇත.
Arabic explanations of the Qur’an:
 
Translation of the meanings Surah: Ibrāhīm
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center - Translations’ Index

translated by Rowwad Translation Center, in cooperation with the Islamic Propagation Office in Rabwah and the Association for Serving Islamic Content in Languages.

close