Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center * - Translations’ Index

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Translation of the meanings Surah: Hūd   Ayah:
اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ— قُلْ فَاْتُوْا بِعَشْرِ سُوَرٍ مِّثْلِهٖ مُفْتَرَیٰتٍ وَّادْعُوْا مَنِ اسْتَطَعْتُمْ مِّنْ دُوْنِ اللّٰهِ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) නුඹ පවසනු. එසේ නම්, ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් නුඹලා ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම්, අල්ලාහ් හැර දමා (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.
Arabic explanations of the Qur’an:
فَاِلَّمْ یَسْتَجِیْبُوْا لَكُمْ فَاعْلَمُوْۤا اَنَّمَاۤ اُنْزِلَ بِعِلْمِ اللّٰهِ وَاَنْ لَّاۤ اِلٰهَ اِلَّا هُوَ ۚ— فَهَلْ اَنْتُمْ مُّسْلِمُوْنَ ۟
එසේ ඔවුහු නුඹලාට පිළිතුරු නො දෙන්නේ නම් එවිට නියත වශයෙන් ම මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ දැනුමෙන් බවත් ඔහු හැර නැමදුමට වෙනත් දෙවිඳෙකු නොමැති බවත් නුඹලා දැන ගනු. නුඹලා (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ද?
Arabic explanations of the Qur’an:
مَنْ كَانَ یُرِیْدُ الْحَیٰوةَ الدُّنْیَا وَزِیْنَتَهَا نُوَفِّ اِلَیْهِمْ اَعْمَالَهُمْ فِیْهَا وَهُمْ فِیْهَا لَا یُبْخَسُوْنَ ۟
කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ
ක්‍රියාවන්(හි ප්‍රතිඵල) ඔවුනට එහි පූර්ණව පිරිනමමු. එහි ඔවුන්ට කප්පාදු කරනු නො ලබනු ඇත.
Arabic explanations of the Qur’an:
اُولٰٓىِٕكَ الَّذِیْنَ لَیْسَ لَهُمْ فِی الْاٰخِرَةِ اِلَّا النَّارُ ۖؗ— وَحَبِطَ مَا صَنَعُوْا فِیْهَا وَبٰطِلٌ مَّا كَانُوْا یَعْمَلُوْنَ ۟
මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහු ම ය. ඔවුන් එහි සිදු කළ දෑ විනාශ වී විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵල ය.
Arabic explanations of the Qur’an:
اَفَمَنْ كَانَ عَلٰی بَیِّنَةٍ مِّنْ رَّبِّهٖ وَیَتْلُوْهُ شَاهِدٌ مِّنْهُ وَمِنْ قَبْلِهٖ كِتٰبُ مُوْسٰۤی اِمَامًا وَّرَحْمَةً ؕ— اُولٰٓىِٕكَ یُؤْمِنُوْنَ بِهٖ ؕ— وَمَنْ یَّكْفُرْ بِهٖ مِنَ الْاَحْزَابِ فَالنَّارُ مَوْعِدُهٗ ۚ— فَلَا تَكُ فِیْ مِرْیَةٍ مِّنْهُ ۗ— اِنَّهُ الْحَقُّ مِنْ رَّبِّكَ وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یُؤْمِنُوْنَ ۟
තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ සාක්ෂිකරුවකු පැමිණ සිටිය දී එමෙන් ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී එවන් අය (ප්‍රතික්ෂේප කළවුන් හා) සමාන වන්නේ ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්න ය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නො වනු. නියත වශයෙන් ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍ය ය. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය විශ්වාස නො කරති.
Arabic explanations of the Qur’an:
وَمَنْ اَظْلَمُ مِمَّنِ افْتَرٰی عَلَی اللّٰهِ كَذِبًا ؕ— اُولٰٓىِٕكَ یُعْرَضُوْنَ عَلٰی رَبِّهِمْ وَیَقُوْلُ الْاَشْهَادُ هٰۤؤُلَآءِ الَّذِیْنَ كَذَبُوْا عَلٰی رَبِّهِمْ ۚ— اَلَا لَعْنَةُ اللّٰهِ عَلَی الظّٰلِمِیْنَ ۟ۙ
අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලබති. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු! අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය වේවා.
Arabic explanations of the Qur’an:
الَّذِیْنَ یَصُدُّوْنَ عَنْ سَبِیْلِ اللّٰهِ وَیَبْغُوْنَهَا عِوَجًا ؕ— وَهُمْ بِالْاٰخِرَةِ هُمْ كٰفِرُوْنَ ۟
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. තවද පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහු ම ය.
Arabic explanations of the Qur’an:
 
Translation of the meanings Surah: Hūd
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center - Translations’ Index

translated by Rowwad Translation Center, in cooperation with the Islamic Propagation Office in Rabwah and the Association for Serving Islamic Content in Languages.

close