Check out the new design

Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center * - Translations’ Index

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Translation of the meanings Surah: Yūnus   Ayah:
وَمِنْهُمْ مَّنْ یَّنْظُرُ اِلَیْكَ ؕ— اَفَاَنْتَ تَهْدِی الْعُمْیَ وَلَوْ كَانُوْا لَا یُبْصِرُوْنَ ۟
තවද ඔවුන් අතරින් නුඹ වෙත බලන්නන් වෙති. අන්ධයින් නො බලමින් සිටිය ද නුඹ ඔවුනට මඟ පෙන්වන්නට සලස්වන්නෙහි ද?
Arabic explanations of the Qur’an:
اِنَّ اللّٰهَ لَا یَظْلِمُ النَّاسَ شَیْـًٔا وَّلٰكِنَّ النَّاسَ اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
නියත වශයෙන් ම අල්ලාහ් ජනයාට කිසිවකින් හෝ අපරාධ නො කරයි. එනමුත් නියත වශයෙන් ම ජනයා තමන්ට ම අපරාධ කර ගනිති.
Arabic explanations of the Qur’an:
وَیَوْمَ یَحْشُرُهُمْ كَاَنْ لَّمْ یَلْبَثُوْۤا اِلَّا سَاعَةً مِّنَ النَّهَارِ یَتَعَارَفُوْنَ بَیْنَهُمْ ؕ— قَدْ خَسِرَ الَّذِیْنَ كَذَّبُوْا بِلِقَآءِ اللّٰهِ وَمَا كَانُوْا مُهْتَدِیْنَ ۟
තවද ඔහු ඔවුන් රැස් කරන දින දහවලින් මොහොතක් මිස රැඳී නො සිටියාක් මෙන් (සිතමින්) ඔවුන් අතර ඔවුන් එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් සැබැවින් ම පරාජයට පත් වූවෝ ය. තවද ඔවුහු යහ මඟ ලැබූවන් ලෙස නො සිටියෝ ය.
Arabic explanations of the Qur’an:
وَاِمَّا نُرِیَنَّكَ بَعْضَ الَّذِیْ نَعِدُهُمْ اَوْ نَتَوَفَّیَنَّكَ فَاِلَیْنَا مَرْجِعُهُمْ ثُمَّ اللّٰهُ شَهِیْدٌ عَلٰی مَا یَفْعَلُوْنَ ۟
තවද අපි ඔවුන්ට ප්‍රතිඥා දුන් ඇතැම් දේ අපි නුඹට පෙන්වුව ද නැතහොත් අපි නුඹව මරණයට පත් කළ ද ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙත ම ය. පසුව ඔවුන් කරන දෑ කෙරෙහි අල්ලාහ් සාක්ෂිකරු ය.
Arabic explanations of the Qur’an:
وَلِكُلِّ اُمَّةٍ رَّسُوْلٌ ۚ— فَاِذَا جَآءَ رَسُوْلُهُمْ قُضِیَ بَیْنَهُمْ بِالْقِسْطِ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
තවද සෑම සමූහයකට ම ධර්ම දූතයකු විය. ඔවුන්ගේ ධර්ම දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්තිගරුකව තීන්දු දෙන ලදි. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
Arabic explanations of the Qur’an:
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැ? යි (ධර්ම දූතයින්ගෙන්) ඔවුහු විමසති.
Arabic explanations of the Qur’an:
قُلْ لَّاۤ اَمْلِكُ لِنَفْسِیْ ضَرًّا وَّلَا نَفْعًا اِلَّا مَا شَآءَ اللّٰهُ ؕ— لِكُلِّ اُمَّةٍ اَجَلٌ ؕ— اِذَا جَآءَ اَجَلُهُمْ فَلَا یَسْتَاْخِرُوْنَ سَاعَةً وَّلَا یَسْتَقْدِمُوْنَ ۟
අල්ලාහ් අභිමත කළ දෑ මිස කිසිදු හානියක් වැළක්වීමට හෝ කිසිදු සෙතක් සැලසීමට හෝ මාහට හැකියාව නැතැ’යි නුඹ පවසනු. සෑම සමූහයකට ම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නො වෙති. එමෙන් ම ඔවුහු ඉක්මන් ද නො වෙති.
Arabic explanations of the Qur’an:
قُلْ اَرَءَیْتُمْ اِنْ اَتٰىكُمْ عَذَابُهٗ بَیَاتًا اَوْ نَهَارًا مَّاذَا یَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُوْنَ ۟
රාත්‍රිය ගත කරන විට හෝ දහවල් කාලයේ හෝ ඔහුගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් (ඒ ගැන) නුඹලා කුමක් පවසන්නෙහු ද? වැරදිකරුවෝ එය ඉක්මනින් පතනුයේ ඇයි දැ? යි නුඹ අසනු.
Arabic explanations of the Qur’an:
اَثُمَّ اِذَا مَا وَقَعَ اٰمَنْتُمْ بِهٖ ؕ— آٰلْـٰٔنَ وَقَدْ كُنْتُمْ بِهٖ تَسْتَعْجِلُوْنَ ۟
එය සිදු වූ පසුව ද දැන් නුඹලා ඒ ගැන විශ්වාස කරනුයේ?. නුඹලා එය ඉක්මනින් පතමින් සිටියෙහු ය.
Arabic explanations of the Qur’an:
ثُمَّ قِیْلَ لِلَّذِیْنَ ظَلَمُوْا ذُوْقُوْا عَذَابَ الْخُلْدِ ۚ— هَلْ تُجْزَوْنَ اِلَّا بِمَا كُنْتُمْ تَكْسِبُوْنَ ۟
පසුව ‘නුඹලා සදාතනික දඬුවම විඳවනු. නුඹලා උපයමින් සිටි දෑ සඳහා මිස නුඹලා ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත් දැ?’යි අපරාධ කළවුනට පවසනු ලැබේ.
Arabic explanations of the Qur’an:
وَیَسْتَنْۢبِـُٔوْنَكَ اَحَقٌّ هُوَ ؔؕ— قُلْ اِیْ وَرَبِّیْۤ اِنَّهٗ لَحَقٌّ ؔؕ— وَمَاۤ اَنْتُمْ بِمُعْجِزِیْنَ ۟۠
තවද එය සත්‍යය දැ? යි ඔවුහු නුඹගෙන් තොරුතුරු විමසති. එසේය, මාගේ පරමාධිපතිගේ නාමයෙන් නියත වශයෙන් ම එය සත්‍යයකි. තවද නුඹලා (අල්ලාහ්) අබිබවා යන්නන් නො වෙති යැයි (නබිවරය!) පවසනු.
Arabic explanations of the Qur’an:
 
Translation of the meanings Surah: Yūnus
Surahs’ Index Page Number
 
Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation - Rowwad Translation Center - Translations’ Index

translated by Rowwad Translation Center, in cooperation with the Islamic Propagation Office in Rabwah and the Association for Serving Islamic Content in Languages.

close